පානඳුර මෝචරියේ මෘත දේහ බහාලන අධිශීතකරණ 12ක මළසිරුරු 29ක් තැන්පත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. මේ අතර කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති මළසිරුරු 9ක් තැත්පත් කර ඇතැයි පැවසේ. ඒ කොරෝනා මළ සිරුරු අතර, පසුගිය 11දා පානදුර පොදු වෙළෙඳපොළේ මියගොස් සිටි කරපිංචා මාමා නමැත්තාගේ ඥාතීන්ද මෙතෙක් සොයාගැනීමට නොහැකිව ඇති බැවින් එය මුදාහැරීම ද ගැටලු සහගත බව සඳහන්ය. 
ඥාතීන් විසින් හඳුනා නොගත්, පොලිස් ක්‍රියාමාර්ග හේතුවෙන් කාලයක් තිස්සේ මළසිරුරු 7ක් ගොඩගැසී ඇති බවත්, ඒවායින් බොහෝමයක් හම සහ මස් ගැලවී හඳුනාගත නොහැකි මට්ටමට නරක් වී ඇති බවත් සඳහන් වේ. මේ සම්බන්ධයෙන් රෝහල් කාර්ය මණ්ඩලය මෙන්ම පාලන අධිකාරිය ද දැඩි අපහසුතාවට පත්ව ඇතැයි පැවසේ.ප
ෙරේදා (17) පස්වරුවේ පානදුර ප්‍රදේශයේ මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් පානදුර ප්‍රදේශයේ මශාලාවක රථයකින් රෝහලට රැගෙන ආ අතර, මෘත ශරීරාගාරයේ ඉඩ පහසුකම් නොමැති බැවින්, නාගොඩ, හොරණ, කළුබෝවිල සහ කොළඹ රෝහල් අමතා රෝහල් පාලන අධිකාරිය එම මළ සිරුර ඔවුන්ට බාරදීමට වෙහෙසක් ගත් අතර, අවමංගල රථය රෝහල ඉදිරිපිට ගාල් කර තබා පැය 3කට පසුව රාත්‍රී 7.30 පමණ කොළඹ පොලිස් මෘත ශරීරාගාරය වෙත යොමු කරන ලදී.කොරෝනා තත්ත්වය හමුවේ පෙර පැවති පහසුකම් යටතේ මෘත ශරීරාගාරය පවත්වාගෙන යාමට නොහැකි බැවින්, තවත් මෘතදේහ බහාලුම් අධිශීතකරණ මෙන්ම කඩිනමින් මෘත ශරීරාගාරය පුළුල් කිරිමේ අවශ්‍යතාවයක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි. මේ පිළිබඳ විමසීමේ දී පානඳුර මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය උත්පල ආටිගල මහතා මෙසේ පැවසීය.“කොරෝනා තත්වය හමුවේ දින්නෙන් දින මෘත ශරිර සංඛ්‍යාව වෙනස් වෙමින් පවතිනවා. කොහොම වුණත්තේ මෘත ශරීරාගාරය පුළුල් කිරීමේ අවශ්‍යතාවක් මතුව තිබෙනවා. අධිශීතකරණ ලබා දුන් පමණින් ගැටලුව විසදෙන්නේ නැහැ.
මෘත ශරීරාගාරය පුළුල් කිරීම කළ යුතුයි. ජර්මන් ආධාර යටත්තේ මහල් 5කින් සමන්විත ගොඩනැගිල්ලක් ඉදිකරන බවට දැනුම් දී තිබෙනවා. එසේ වුවහොත් මෙම තත්වය මගහරවා ගත හැකි වේවි. වැඩිදුර යමක් ප්‍රකාශ කිරීමේ බලයක් මට නැහැ."  යනුවෙන් පැවසීය.

 (පානඳුර - සුමිත් ප්‍රේමතිලක)