රටේ අලුතින් පනවන ලද සංචරණ නීති රීති ගැන පැහැදිලි කිරීමක් සිදු කිරීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද දින කටයුතු කර තිබේ. ඔහු මෙසේ දන්වා ඇත.


අද 13 සිට 17 දක්වා දිවයින පුරා සංචරණ සීමා කර ඇති අතර අත්‍යවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක බව කීය. ඒ අනුව ගමනාගමනය සඳහා වෛද්‍ය සේවා, ඖෂධ ප්‍රවාහනය, මහජනතාවගේ පරිභෝජන ආහාර ප්‍රවාහනය, ජලය විදුලිය මාධ්‍ය සඳහා පමණක් අවසරය ඇති බවත්,
17 උදේ සිට 31 දක්වා රැකියාවල යන හෝ අත්‍යවශ්‍ය සේවයේ අයට ගමනාගමනයට අවසර ඇතත් එසේ නොවන අය  හැඳුනුම්පතේ අංකයේ ක්‍රමයට ගමන් කළ යුතු බවත් හේතුවකින් තොරව ගමන් නොකළ යුතු බවත් කීය. ඉරට්ටේ දිනවල ඉරට්ටේ අංකයෙන් අවසන් හැඳුනුම්පත් අංකයෙන්ද ඔත්තේ දිනවල ඔත්තේ අංකයෙන් අවසන් හැඳුනුම්පත් අංකයෙන්ද ගමන් කළ යුතු බවත් ඒ අවස්ථාවලදී රැකිය යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ පහත පරිදි බවත් දන්වා සිටියේය.