ශ්‍රී ලංකාවේ මේ දිනවල තදින්ම පැතිරෙන කොරෝනා වසංගත තත්වය හමුවේ දිගින් දිගටම කොරෝනා සම්බන්ධ නරක ආරංචි අසන්නට ලැබීමත් නිසා අවම වශයෙන් සති දෙකක සම්පූර්ණ වසාදැමීමකට රට යොමු කරන ලෙස බ්‍රහස්පතින්දා වනවිට ප්‍රබල බලපෑමක් සෞඛ්‍ය අංශ වෙතින් රජයට එල්ලවී තිබේ.
මෙම බලපෑම කරන අය අතර රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්රනාන්දුපුල්ලේද සිටීම විශේෂත්වයකි.
ඇය මේ සම්බන්ධයෙන් ජනපතිට ලිපියක් ලියූ බව බ්‍රහස්පතින්දා සවස දන්වා සිටියාය.
මේ අතර ලංකාවෙන් බිහිවූ විශිෂ්ට වසංගත රෝග විද්‍යාඥයෙකු වන හොංකොංහි වාසය කරන මහාචාර්ය මලික් පීරිස් හා කොළඹ වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපතිනි මහාචාර්ය කමනි මෙන්ඩිස් එක්ව කළ අධ්‍යයනයකින් පසුව ලංකාවේ තත්වය ඉතාම අයහපත් බවට කරුණු ඉදිරිපත් කර ඇති අතර එහි ප්‍රධාන නිර්දේශයක් ලෙස හැකි ඉක්මණින් අවම දින 14 ක වසාදැමීමකට යාමෙන් පමණක් මෙය යම්තරමකට අඩු කරගත හැකි බව දන්වා ඇත.
මේ අතර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දුගේ අත්සනින් අගමැතිවරයා වෙත සන්දේශයක් යොමු කරමින් දින 14 ක රට වසාදැමීමටකට යන ලෙස බල කර ඇත.
පසුගිය දින කිහිපය පුරා ප්‍රකට වෛද්‍ය විශේෂඥයින් මෙන්ම මෙම අර්බුදය මැද වැඩකරන වෘත්තිකයින් රැසක්ම පෙන්වා දුන්නේ රට දිගින් දිගටම විවෘත කරගෙන තැබීමෙන් ගැටලුවට විසදුම් ලැබී නැති බවයි.
ජාතික හැදුනුම්පත් අංක ක්‍රමයට පිටතට ගමන් කිරීම, රාත්‍රී කාලයට පමණක් වසා තැබීම ආදී ක්‍රම සිතුතරම් සාර්ථකවී නැති බව මෙම විශේෂඥයින්ගේ අදහසයි.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මේ ගැන යොමු කළ ලිපිය පහතින්
0 Comments