පසුගිය දිනවල ලීටර් 18 ක බරකින් යුත් ගෑස් සිලින්ඩරයක් රු. 1395 කට වෙළෙඳ පොළට හඳුන්වා දීමට ලිට්‍රො සමාගම කටයුතු කිරීම ආන්දෝලනයට තුඩු දුන්නේය.


මෙයට හේතුවූයේ කොන්දේසියක් බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති අනිල් කොස්වත්ත මහතා  පෞද්ගලික රූපවාහිනි සේවයක් සමග සාකච්ඡාවකට එක්වෙමින් කියා තිබේ.
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1500ට අඩුවෙන් තබාගන්නා ලෙස ජනපතිවරයා තමාට උපදෙස් දී තිබෙන බව කියන ඔහු ම් ආකාරයට මිල අඩුකරගන්නට අඩු ධාරිතාවයකින් ගෑස් වෙළෙදපොළට දමන්නට සමාගම තීරණය කළේ ඒ අනුව බවද සභාපතිවරයා පෙන්වා දෙයි.රු.1495 කට අලෙවි කරන කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩර අලවියෙන්ද පාඩුවක් ලබන බව සභාපතිවරයා සඳහන් කරයි.
මේ වන විට මෙම ගෑස් සිලින්ඩරය මතභේදාත්මක තත්ත්වයකට මුහුණ දී සිටියද සභාපතිවරයා පවසන්නේ නව සිලින්ඩරයේ අදාල ගෑස් ප්‍රමාණය හතර දෙනකු දෙනකු සිටින පවුලකට මාසයක් සඳහා ප්‍රමාණවත් බවය.