දියවැඩියාව සඳහා ප්‍රතිකාර ගැනීමට පසුගිය දිනක දෙඹරවැව රෝහලට ඇතුළත් කෙරුණු තිස්සමහාරාම රබර්වත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු ශ්වසන අපහසුතා මත PCR පරීක්ෂණයට යොමු කර තිබුණි.



ඊට පසු දින ඔහු ජීවිතක්ෂයට පත්වූ අතර දින කිහිපයකට පසු ලැබුණු PCR ප්‍රතිඵල අනුව ආසාදිතයෙක් බවට තහවුරු කර ගැනුණි.

මේ ගැන ඔහුගේ ඥාතීන්ට දැනුවත් කිරීමට තිස්සමහාරාම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ (08) නිවසට ගිය අවස්ථාවේදී නිවැසියන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබුණි.

"මෙයා මැරිලා දවස් 4ක්. අද තමයි රිපෝට් ඒක එන්නෙ. එතකම් මරණය ගෙදරට දෙයි කියලා අපේ කට්ටිය ඇවිදිනවා. කඩවල්වලට ගියා බඩු ගේන්න. ගෙදර ඉන්න කට්ටියට කන්න දෙන්න. කට්ටිය ඇවිත් එකතු වුණාම තමයි ඇවිත් කියන්නෙ පොසිටිව් වෙලා කියලා." යනුවෙන් නිවැසියන් පවසා තිබුණි.