දිවයිනේ සේප්පු නිෂ්පාදනය කරන සමාගමකට අයත් මත්තේගොඩ පිහිටි කර්මාන්ත ශාලාවේ සේවකයන් පස් දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. මේ හේතුවෙන් ආසාදිතයන්ගේ සමීපතම දසදෙනකු නිරෝධායනයට ලක් කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැවසුහ. දිවයින්නේ විවිධ සමාගම්වල ඉදි කිරීම් සඳහා මෙම සමාගමට ඇණවුම් ලැබෙන අතර එසේ ලැබෙන ඇණවුම් වලට අනුව ඉදිකිරීම් සඳහා පහළොස් දෙනකුගෙන් පමණ යුත් කණ්ඩායමක් මෙම සමාගමෙන් යොදවා ඇති අතර
එම කණ්ඩායමේ සේවකයන් පස්දෙනකුට මෙසේ රෝගය ආසාදනය වී ඇති බව කියති. එසේ බැහැරට ගිය එක් සේවකයකුට පළමුව රෝගය ආසාදනය වී තිබූ අතර පසුව ඔහුගේ ආශ්‍රිතයන් ඉලක්ක කරගනිමින් සිදු කළ පී.සී.ආර්. පරික්ෂණයේදී තවත් සිවුදෙනකුට මෙසේ රෝගය ආසාදනය වී ඇති බවට වාර්තා ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති. දැනට මෙම කර්මාන්ත ශාලාවේ තුන්සියයකට ආසන්න සේවකයන් පිරිසක් සේවයේ නිරත වන අතර ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් සොයා කඩිනමින් නිරෝධායන කටයුතු සිදුකිරීමට නියමිත බව සෞඛ්‍යා වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
(මත්තේගොඩ - ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
0 Comments