විදේශ රටවල සිට පැමිණෙන මගී ගුවන් යානයකින්රැගෙන ඒමට හැකි මගීන් සංඛ්‍යාව 75කට සීමා කර තිබෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පැවසීය.
මෙය අද (03) සිට ඉදිරි දින 14ක කාලය සඳහා බලපැවැත්වේ . මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම ඇතුළුව මෙරටට ගුවනින් මගීන් රැගෙන එන සියලුම ගුවන් සේවා සමාගම්වලට නිල වශයෙන් දැනුම් දුන් බවද සභාපති උපුල් ධර්මදාස මහතා පැවැසීය. මෙරටට පැමිණෙන ගුවන් යානයක සිටිය හැකි උපරිම මගීන් සංඛ්‍යාව 75 දෙනකු දක්වා සීමා කිරීමට රජය ගත් තීරණය කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සිවිල් ගුවන් සේවාං අධිකාරියේ අධ්යක්ෂූ ජනරාල්වරයාට දැනුම්දී තිබිණි. රට තුළ පවතින කොවිඩ්-19 අවදානම සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇත.ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන මගී ගුවන් යානාවලට මෙම සිර බලනොපාන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
(තිළිණි ද සිල්වා )
0 Comments