එක එක්කෙනාට එක එක හැන්දෙන් බෙදන fitness මගඩිය. practice match එකට අනුව ටීම් එක හැදුවොත් කොහොම වෙයිද? ඉතින් අද ඒ ගැන අපි කතා කරමු. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළවෙනි එක්දින තරගය පැවැත්තුවා. කණ්ඩායම් දෙකම තමන්ගේ අන්තර් සංචිත පුහුණු තරග වලට ක්‍රීඩා කලා.  මෙහිදී කණ්ඩායම දෙකම එක සමාන දස්කම් දක්වපු බවක් තමයි අපිට දැක ගන්න හැකියාව ලැබුණා. මේ පුහුණු තරග දෙක කතා කරන්න කලින් fitness test කෝලම පිළිබඳ කතා කළ යුතුයි.

fitness අවශ්‍යයි අනිවාර්යෙන්ම යම්කිසි ප්‍රමිතියක් පවත්වා ගත යුතුයි කණ්ඩායම තේරීමේ දී. හැබැයි මේකේ විධිමත් බාවයක් තිබිය යුතුයි .අවිධිමත් විදිහට තියෙන fitness test නිසා ණ්ඩායම ඇතුළු ප්‍රශ්න නිර්මාණය වෙන්නටත් පුළුවන්. මොකද විධිමත් බවක් නැත්නම් මේ fitness test ඒක අර ලංකාවෙ තියෙන දුම් පරීක්ෂණය වගේ වෙනවා. බංග්ලාදේශය එක්දින තරඟාවලිය සඳහා කිසිදු විධිමත් ශාරීරික යෝග්යතා පරීක්ෂණ මේ කණ්ඩායම සඳහා පැවැත් වුණේ නෑ. ෙගාඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නේ තමයි fitness fail කියලා අවිශ්ක ප්‍රනාන්දු කොහොමද

ේ කණ්ඩායමෙන් ඉවත් කළේ කියන කාරණය. අවිශ්ක ප්‍රනාන්දු බටහිර ඉන්දීය කොදෙව් තරගාවලිය සඳහා සහභාගී වෙච්ච ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වුණා. ඒකට හේතු වුණේ ඔහු කිලෝමීටර් දෙක දුවන අවස්ථාවේදී ඔහුගේ කකුල පැටලී ඔහුගේ වළලුකර ආබාධයක් ඇති වුණා. මේ නිසා ඔහුට 2km test 1 complete කරන්නට අවස්ථාවක් ලැබුණේ නෑ .මේ නිසා හෝ ශාරීරික යෝග්යතා පරීක්ෂණයෙන් අසමත් වුණා .ඉන්පසු බංගලාදේශ ටෙස්ට් තරඟාවලියේ සඳහා ප්‍රවීන් ජයවික්‍රම සහ තවත් ක්‍රීඩකයෙක් fitness test එකට සහභාගි වන අවස්ථාවේදී අවිශ්ක ප්‍රනාන්දු  ඇවිල්ලා හිටියා ඒ ස්ථානයේදී තමන්ගේ ශාරීරික ව්‍යායාම් කිරීම සඳහා ඔහුගේ පුහුණුවීම් සඳහා ඔහු ඇවිල්ලා හිටියාත එතකොට ඔහුට ආරාධනා කළා මේ දෙන්නත් එක්ක දුවලා බලමු test run එකක් විදියට අපි දුවලා බලමු කියලාත එතකොට ඔහු මේක නිල පරීක්ෂණයක් විදිහට නෙමෙයි ඔවුන් test run එකක් විදියට මේක දුවලා බැලුවාත එතකොට ඔහු විනාඩි නමයයි තප්පර ගානකින් තමයි මේ 2km test  අවසන් කළේ.

බංග්ලාදේශ එක්දින තරගාවලිය සඳහා විධිමත් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් පවත්වනවා කියලා තිබුනොත් පවත්වන්න සැලසුම් කරලා තිබුණත් මේ කාරණය සිද්ධ වුණේ නෑ .එතකොට කොහොමද මේ සඳහා කණ්ඩායම තේරුවේ. අවසන් වරට ඔවුන් සහභාගි වෙච්ච ශරීරික පරීක්ෂණය අනුව තමයි මේ සඳහා කණ්ඩායම තේරුවේ. ඒතකොට අවිශ්ක ප්‍රනාන්දුගෙ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය විදියට සැලකිල්ලට ගත්තේ ඔහු අර අවසන් වතාවට දුවපු test run එකක් විදියට දුවපු පරීක්ෂණය තමයි ඔහුගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය හැටියට සැලකිල්ලට අරගෙන ඔහුව මේ සංචිතයෙන් ඉවත් කළේ. ඒවගේම තමයි බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියට කලින් fitness test ඒක ෆේල් වෙච්ච ඒක්තරා ප්‍රබල ක්‍රීඩකයෙක් ඉන් අනතුරුව fitness test එක පාස් කියලා තේරීම් කමිටුව විසින් ඔහුව කණ්ඩායමට ඇතුලත් කළා. එතකොට මේ fitness test එක ඔහු පස් වුනෙ කවදද කොහෙද කියන එක පිළිබඳව නිල දැනුම් දීමක් කරල නැහැ .

බොහෝ දෙනෙක් ඒ පිළිබඳව දන්නෙත් නැහැ .ඒත් fitness test එකක් තිබුන කියල සඳහනක් තියෙනවා. සාමාන්‍යයෙන් fitness test එකක් තියෙන්නෙ මේ අදාල තරගාවලිය සඳහා ඒ ක්‍රීඩකයා නියමිත ශාරීරික යෝග්යතාවයකින් යුතුව ඉන්නවද කියන එක පරික්ෂා කරලා බලලා යම්කිසි එක ප්‍රමිතියකට සියලුම ක්‍රීඩකයන් අරගෙන ඒන්න .මේකේ හොඳම විහිළුව තමයි  බංග්ලාදේශය දී පැවැත්වෙනවා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක්. මේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් එකයි පිළිබඳව දැන් සමාජ මාධ්‍ය හැමතැනම කතාබහට ලක්වෙනවා. ධනුෂ්ක ගුණතිලක සහ ධනංජය ද සිල්වා මේ පරීක්ෂණයෙන් අසමත් වෙනවා. ඔවුන් අසමත් වීමේ කිසිම ගැටළුවක් නැහැ .මොකද ඔවුන්ට හැකියාවක් තියෙන දෙවැනි ශාරීරික යෝග්යතා පරීක්ෂණයකට මුහුණ දීලා එතනදි සමත්වෙන්න. හැබැයි පෙරේදා තවත් fitness test එකක් තියෙනවා ඒක තියෙන්නෙ ශ්‍රී ලංකාවේ දී. ඒ සඳහා ක්‍රීඩකයින් තුන් දෙනෙක් සහභාගී වෙනවා මේ අතරින් ක්‍රීඩකයින් දෙදෙනෙක් රොෂේන් සිල්වා සහ අවිශ්ක ප්‍රනාන්දු මේ ශාරීරික යෝග්යතා පරීක්ෂණයෙන් සමත් වෙනවා .එතකොට ප්‍රශ්නය තියෙන්නේ අපි බංගලාදේශ තරගාවලිය සඳහා තමයි මේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය මිනුම් කරන්නේ. එතකොට පෙරේදා තියෙන ශාරීරික යෝග්යතා පරීක්ෂණයෙන් අසමත් වෙන ක්‍රීඩකයින් දෙදෙනෙක්

මේ තරගය සඳහා ක්‍රීඩා කරනවා .හැබැයි පෙරේදා මේ නිසි ප්‍රමිතියේ ඉන්න අවිශ්ක ප්‍රනාන්දුව ලංකාවේ දාලා යනවා ඉතාමත් ම අසාධාරණ විදියට. මේ බංග්ලාදේශය දී පවත්වපු ශරීර යෝග්‍යතා පරීක්ෂණය පවත්වන්නෙ එළඹෙන එංගලන්ත සංචාරය සඳහා කණ්ඩායම තෝරන්න කියලා ප්‍රකාශයට පත් වෙනවා.

බංගලාදේශ තරගාවලිය 28 වෙනිදා අවසන් වනවා . ශ්‍රී ලංකා කණ්ඩායම 29 වෙනිදා ලංකාවට එනවා. එතකොට ජූලි මාසයේ හතරවැනි සතිය තමයි එංගලන්ත තරගාවලිය ආරම්භ වෙන්නේ .ඉතින් fitness test එකක් ඇයි බංගලාදේශයේ දී තියන්න ඒ තරඟාවලිය සඳහා එංගලන්ත තරගාවලිය සඳහා ness test එකක් බංගලාදේශයේ දී තියන්න මොකක්ද මේ තරම් තියෙන හදිස්සිය කියලා ප්‍රශ්නයක් මතු වෙනවා. ඉතින් මේ වගේ දේවල් වලින් වෙන්නේ කණ්ඩායම ඇතුලේ ක්‍රීඩකයන් අතරේ යම්කිසි අසමගියක් නිර්මාණය වීම. යම් කිසි කෙනෙක් හිතනවා නම් එකේ කෙනාට සලකන්නේ වෙනස් වෙනස් විදියට කියලා එතකොට ඔවුන්ගේ හිතේ යම් ගැටලු නිර්මාණය වෙනවා. ඉතින් කණ්ඩායමක් කළමනාකරණය කිරීමේදී සියලු දෙනාට සාධාරණ විදියට මේ පරීක්ෂණ පැවැත්විය යුතුයි. නැත්නම් මේ fitness test එකත් අර දුම් පරීක්ෂණය වගේ වෙනවා. මේ වගේ දේවල් වලින් ක්‍රීඩකයන් මානසිකව බිඳ වැටෙනවා විතරක් නෙමෙයි ඔවුන් පිලිබඳ වැරදි මත ප්‍රේක්ෂකයන් අතර පැතිරෙනවා. කෙනෙක් fitness test එක fail වුණා කිව්වහම ඔවුන් දිහා වපර ඇහෙන් බලන්න තමයි අපේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් පුරුදු වෙලා තියෙන්නේ .හැබැයි මෙතැනදී සඳහන් කරන්න ඕනේ fitness strail විම ඕනෑම රටක ඕනෑම ක්‍රීඩකයෙකුට සිද්ධ වෙන්න පුළුවන් දෙයක් .හැබැයි ඔහුට ඒ fitness මට්ටම ඊළඟ ටෙස්ට් එකේදි හදාගන්න පුළුවන්. ඉතිං fitness test එකක් පාස් වෙනවද ෆේල් වෙනවා ද කියන එකට වඩා ඒ නියමිත නියමිත fitness මට්ටම නියමිත ප්‍රමිතිය දිගින් දිගටම පවත්වාගෙන යාම තමා ක්‍රීඩකයෙක්ට මුහුණ දෙන්නට සිදුවන අභියෝගය වෙන්නේ. කෙසේ වෙතත් මෙන්න මේ කළමනාකාරිත්වය මේ විදිහට විධිමත් විදියට මේ පරීක්ෂණ තියන්නේ නැති වීම ප්‍රශ්න ගොඩකට මුල බව අපි අනිවාර්යෙන් සඳහන් කළ යුතුයි.

අපි දැන් අවදානය යොමුකරමු පසුගියදා පැවැත්වුන පුහුණු තරග දෙකේදී මොනවද සිදුවුණේ බංගලාදේශ පුහුණු තරඟය සහ ශ්‍රී ලංකා පුහුණු තරගය පිළිබඳව.

බංගලාදේශ පුහුණු තරගය පැවැත්වුණේ tamim iqbalගේ නායකත්වයෙන් යුක්තව BCB RED කණ්ඩායම්   mahmudullah  නායකත්වයෙන් යුත් BCB green කණ්ඩායම  මේ තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීපු BCB green කණ්ඩායම   පන්දුවාර 45 අවසානයේදී කඩුලු 3ක් දැවී ලකුණු 284 ලබාගන්නට සමත් වුණා.soumya sarkar ලකුණු 60 ක් ලබා ගනිමින් හොඳ ආරම්භයක් ලබා දුන්නා. ඒ වගේම මහමුදුල්ලා සහ afif hossain නොදැවී අර්ධ ශතක වාර්තා කරමින් කණ්ඩායම හොඳ අවසානයක් කරා ගෙනියන්න සමත්වුණා.  බීසීබී රෙඩ් කණ්ඩායම පන්දුවාර 41 ක් තුළදී තමන්ගේ ඉලක්කය සම්පූර්ණ කරන්න සමත් වුණා.thamim iqbar ලකුණු අසූවක් ලබාගන්නට සමත් වුණා.mushfiqur Rahim ලකුණු හැටහතරක් ලබාගන්නට සමත් වුණා. වේගවත් අවසානයක් ලබා දීපු saifuddin පන්දු 12 කදී ලකුණු 26ක් රැස් කරන්න සමත් වුණා.


ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු තරගය පැවැත්වුණේ ඊයේ දවසේ දී කුසල් ජනිත්ගේ නායකත්වයෙන් යුත් team a සහ කුසල් මෙන්ඩිස්ගෙ නායකත්වයෙන් යුත් team b කණ්ඩායම් අතර තමයි මේ  තරගය පැවැත්වුණේ .මේ තරඟය පන්දුවාර 40 තරඟයක් විදියටයි පැවැත්වුණේ. කණ්ඩායමට ක්‍රීඩකයින් නම දෙනෙක් තමයි ක්‍රීඩා කළේ නමුත් පන්දු රැකීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිත්වය සහයෝගය ලැබුණා ක්‍රීඩකයින් එකොලොස් දෙනෙක් පන්දු රැකීම සඳහා යොදවන්න පුහුණුකරුවන් සහයකයින් පන්දු රකින්නන් විදිහට කටයුතු කළා .මුලින්ම පන්දුවට පහර දුන්නේ කුසල් මෙන්ඩිස්ගෙ team b. එහිදී සාර්ථක ආරම්භයක් ගත්ත නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 88 ක් රැස් කර ගන්නට සමත් වුනා. ඉන් අනතුරුව ඔහු තමන්ගේ ඉනිම නවත්තලා ධනංජය ද සිල්වාට පන්දුවට  පහර දීමේ අවස්ථාව ලබා දුන්නා. මෙන්ඩිස් ලකුණු 69  රැස්කර ගන්න සමත් වුණා . චාමික බිනුර සහ ලක්ෂාන් සඳකැන් ලකුණු අතරට පිවිසීම කැපී පෙනුනා.




Team b පන්දුවාර 40 අවසානයේ දී ලකුණු 284 වාර්තා කර ගන්නට සමත් වුණා. පිළිතුරු ඉනිම  ආරම්භ කරපු KJP ගේ කණ්ඩායම ලකුණු 282 ක් ලබාගත්තා සියලුම දෙනා දැවී .වනිදු හසරංග අංක තුන පිතිකරුවා විදිහට ලබා ගත්ත වේගවත්ම ලකුණු   හැත්තෑ නමයක් අශේන් බණ්ඩාර නොදැවී රැස් කරපු ලකුණු අසූවත් ඉසුරු උදාන ලබා ගත්ත ලකුණු 47 කැපීපෙනෙන ඉනිම බවට පත්වුණා .ඉසුරු උදාන ගේ දැවී යාමෙන් පස්සේ පසුපෙල පිතිකරුවන් තිදෙනාම චාමික කරුණාරත්න විසින් ඉතාමත් ඉක්මනින් දවා ගැනීම නිසා team A ට ජයග්‍රහණය කරන්නට තිබුණ අවස්ථාව ගිලිහී ගියා .ඒ අනුව ලකුණු දෙකක තියුණු ජයග්‍රහණයක් හිමිකර ගන්න කුසල් මෙන්ඩිස් නායකත්වය දරපු team  B ට හැකියාවක් ලැබුනා.

ඉතින් මෙතැනදී නායකත්වයේ ඉතාමත් වැදගත් වෙනවා. නායකත්වය ගන්න තීරණ ඉතාමත්ම වැදගත් වෙනවා. මේ නිසා කුසල් ජනිත් ලොකු වගකීමක් පැවරෙනවා තරගය තුළදී . මොකද ක්‍රීඩා කරන්නේ බංගලාදේශ ඉන්න අත්දැකීම් බහුලම කණ්ඩායමක් එක්ක අත්දැකීම් බහුලම ක්‍රීඩකයන් එක්ක .මේ නිසා ඔහු ගන්නා තීරණ තමයි මේ ක්‍රීඩකයන්ට බංගලාදේශ කණ්ඩායමට පෙරළා පීඩනයක් එල්ල කරන්නට ප්‍රධාන හේතුව බවට පත්වෙන්නේ. මෙතනදි ක්‍රීඩකයන්ගේ දක්ෂතා විතරක් නෙමෙයි ඔවුන්ගේ මානසිකත්වය ඉහළ මට්ටමක තියාගන්න එක කණ්ඩායමේ එකමුතුව වර්ධනය වෙන ආකාරයට කටයුතු කිරීම කළමනාකාරිත්වය වගකීමක් ඔවුන් ගන්න නිවැරදි සහ විධිමත් තීරණ මේ සඳහා සෘජුවම බලපානවා . ඒෙහම නැතුව ක්‍රීඩකයන්ගේ fitness සහ ඔවුන්ගේ ටැලන්ට් එකෙන්ම රටේ ක්‍රිකට් ගොඩ දාන්න බැහැ.

ක්‍රික් විදූ