රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවැත්වූ ප්රවෘත්ති සාකච්ඡාවේදී අනාවරණය කළ කරුණු විස්තරාත්මකව පහතින්
ඊයේ දිනයේ වෙනකොටත් අපි කෝවිඩ් රෝගීන් සංඛ්‍යාව සහ කෝවිඩ් මරණ සංඛ්‍යාව ගත්තහම සැලකිය යුතු වෙනසක් නැහැ .පහුගිය දවස් කිහිපයේදීම විස්සකට ආසන්න සංඛ්‍යාවක් මිය යමින් පවතිනවා. ඒ වගේම රෝගීන් සංඛ්‍යාවක් 2000ට ආසන්න සංඛ්‍යාවක් පහුගිය සති කිහිපය ම හඳුනා ගනු ලැබුවා. රෝගී තත්ත්වය එතරම්ම වෙනස්වන බවක් අපිට පේන නෑ.මේ ආකාරයට රට පුරා මේ කෝවිඩ් වසංගත තත්වය ඉදිරියට යනවා නම් සාමාන්‍යයෙන් අපි මේ තියන ප්‍රවණතාවය බැලුවත් මාසෙකට හයසීයක් විතර අපේ සහෝදර ජනතාව මියයමින් පවතිනවා. හයසියයක් යනු ලොකු සංඛ්‍යාවක් මාසයකට හයසිය ගානේ අපි තව මාස කීපයක් ගියොත් මේක දහස් ගණනකින් වැඩි වෙනවා .ඉතින් මේ තත්ත්වය පවත්වාගෙන ගියොත් එහෙම මේ සෞඛ්‍ය අංශය දැනට අරගෙන තියෙන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපිට එතරම්ම විශ්වාසයක් තබන්න බැරි තත්ත්වයක් තියෙන්නේ . මොකද මේ සම්බන්ධව තොරතුරු හුවමාරුව ඒ වගේ මේ සම්බන්ධයෙන් වසංගත විද්‍යා එකක අපිට ලබා දීල තියන දත්ත සම්බන්ධයෙන් බරපතල ගැටළු තියනවා . ඒ හින්දම තමයි රජය වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඊයේ දින ගරු අමාත්‍යතුමිය මුණගැහිලා මේ සම්බන්ධයෙන් ඉතාමත්ම දීර්ඝ සහ වැදගත් සාකච්ඡාවක් පවත්වන්නට යෙදුණා.
එහිදී අපිට තිබුණු බරපතළ ප්‍රශ්නයක් තමයි මේ රෝගය පාලනය කර ගැනීම සඳහා සෞඛ්‍ය අංශ අසමත් ද කියන ගැටළු. මොකද මේ තත්ත්වය දිගින් දිගටම පැවතුණොත් අපි තවදුරටත් ඉතාමත්ම බැරෑරුම් තත්වයකට ගිහිල්ලා ඉන්දියා වගේ නරකම තත්වෙකට යන්න හැකියාව තියෙනවා. ඒක නිසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ දිනයේදී අමාත්‍යතුමිය වෙත මේ සියලුම ප්‍රශ්න ඉදිරිපත් කරලා ඒ ප්‍රශ්න සඳහා අපි යෝජනාවලිය ඉදිරිපත් කෙරුවා . ඒ අවස්ථාවේදී අපි ප්‍රධාන වශයෙන්ම දැක්කා ජනතාව අනිකුත් සංවිධාන එකතු වෙලා උත්සාහ කරනවා. අපේ සෞඛ්‍ය ධාරිතාව වැඩිකිරීමට අවශ්‍ය ක්රමෝපායන් ඔවුන් ඇඳන් හදන්න අරගෙන තියෙනවා. පරිත්‍යාග කරන්න අරන් තියෙනවා. නමුත් සෞඛ්‍ය ධාරිතාවන් කියන්නේ මේ ඇඳන් පමණක් නෙමෙයි. ඇදක් යනු රෝගියෙකුට පහසුකම් සලසන දෙයක් තමයි .නමුත් සෞඛ්‍ය ධාරිතාව කියන්නේ ඒ ඇඳන් වලින් එහාට ගිය දෙයක් .එනම් මේ වෙලාවේ ඇදන් විතරක් හදලා ඇඳන් දහදාහක් හදලා හරියන්නේ නැහැ. අපි මීට වඩා සැලසුම් තිබිය යුතුයි .ඒ සැලසුම් හදන්න නම් අපි ඉදිරි සති කිහිපය කොයි ආකාරයෙන් ද කියන එක දැනගන්න ඕනේ. ඒ දැන ගන්න බැරුව කිසිම සැලසුමක් කරන්න හැකියාවක් නැහැ.
මේ වෙද්දි අපි දකිනවා ඒන්නත්කරන ක්‍රියාවලිය අසමත් වෙලා තියනවා. මොකද එන්නත්කරන ක්‍රියාවලියේ පූර්ණ ධාරිතාවය වැඩ කටයුතු සිද්ධ වෙන්නෙ නෑ කියලා මේ වෙද්දි හෙළි වෙලා තියෙනවා .ඒකට හේතුව වසංගත රෝග ඒකකය හරහා වෙනත් ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. මේ තොරතුරු ලබා ගැනීමේ ක්‍රියාවලිය හරියට සිද්ධ වෙන්නෙත් නෑ. මේ තොරතුරු විශ්ලේෂණය කිරීම හරියට සිද්ධ වෙන්නෙත් නෑ. මේ තොරතුරු හරහා අනෙකුත් අංශවලට ලබාගත යුතු දත්ත ලැබෙන්නේ නැති හින්දා බරපතළ ගැටලුවකට මුහුණපාලා තියෙනවා .එ හින්දා තමයි රජය වෛද්‍ය නිලධාරින්ගේ සංගමය යෝජනා කෙරුවේ මේ දැනට තියෙන වසංගත විද්‍යාවේ ව්‍යුහය යම්කිසි වෙනසක් කරලා හරි මේ තත්ත්වයෙන් රට මුදා ගැනීමට අවශ්‍ය අලුත් ක්‍රමවේදයක් හදන්න ඕන කියලා අපි යෝජනා කෙරුවා .මේ සඳහා විශේෂිත එකක් පිහිටවන්නේ කියලා කොවිඩ් මර්දන ව්‍යාපාරය සඳහා විශේෂ ඒකකයක්. මේ ඒකකය හරහා මේ සියලුම තොරතුරු එක්රැස් කරලා ඊළඟට කරන්න පුළුවන් පුරෝකථනයන් ටිකක් අපි කරගන්න සූදානම් මින් පවතිනවා. අවශ්‍ය සියලුම උපරිම සහයෝගය රජයේ වෛද්‍ය නිලධාරි සංගමය දීමට සූදානම් . මොකද තවදුරටත් අපිට බලාගෙන ඉන්න බෑ වසංගත රෝග ඒකකය හරහා අපේ රටට ඇති වන විනාශය . මේක අපි සුළුවට තකන්නේ නැහැ. ජාත්‍යන්තර වශයෙන් සම්මාන වලට පාත්‍ර වෙච්ච ජාත්‍යන්තර වශයෙන් පිළිගත්ත ජාත්‍යන්තර වශයෙන් ඉතාම විශිෂ්ට ලෙස ඇගයීම් කරපු පද්ධතියක් අපට තියෙනවා. ඒ තමයි මේ vaccine කරන පද්ධතිය මේ මුළු ක්රමවේදයම ලෝකෙ පුරාම ඉතාමත් ම ඉහළින් ඇගයීමකට ලක් වෙච්ච ක්‍රමවේදයක්. ඒත් අවාසනාවකට මේ වෙද්දී එක සම්පූර්ණයෙන් ගරා වැටෙමින් පවතිනවා.
ඉතින් ඒ හින්ද තමයි අපි මේ වෙලාවේ යෝජනා කෙරුවේ මේ සඳහා අලුත් ඒකකයක් පිහිටුවන්න ඕන කියලා .ඒ විතරක් නෙමෙයි මේ වසංගත රෝග ඒකකය හරහා දිය යුතු මාර්ගෝපදේශකයන් මේ වෙද්දි අපිට ලැබිල නැහැ .මාර්ගෝපදේශකයන් නිසි ආකාරව ක්‍රියාත්මක වෙන්නේ .නෑ ඉදිරි සති කිහිපයක් මේ සති අන්තෙ ඉතාමත්ම තීරණාත්මක සති අන්තයක් . මොකද උත්සව සමයක් ඒ වගේම දීර්ඝ මේ සති අන්තයේ සංචාරණය උපරිම වශයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා . මේ සංචරණය හරහා ඉදිරි දින කිහිපය හරහා රෝගීන් තව දහස් ගාණක් වැඩි වෙන්න හැකියාව තියනවා. ඒ හින්ද තමයි අතිගරු ජනාධිපතිතුමාට අපි ඉල්ලීමක් කෙරුවෙ මේ සති අන්තය ඉතාමත්ම බරපතළ ලෙස සලකා මේ සති අන්තය සම්පූර්ණයෙන්ම සංචරණ සීමාව දැඩිව ක්‍රියාත්මක කරන්න කියලා .හැබැයි අද දිනයේ දකිද්දිත් අපි එතරම්ම මේ සංචරණ නීති ක්‍රියාත්මක වෙනවා අපි දකින්නේ නෑ. අපි ඉල්ලා සිටිනවා යුද හමුදාපතිවරයා ඇතුළු මේ පොලිස් සියලුම ඒකක වලින් මේ සංචරණ සීමා සති අන්තෙ ඉතාමත්ම දැඩිව ක්‍රියාත්මක කරන්න කියලා .නමට විතරක් සංචරණ සීමා පනවල හරියන්නේ නෑ. සංචරණය සම්පූර්ණයෙන්ම නවතින්න ඔන.
අපිට මේ මරණ සංඛ්‍යාව අඩු කරගන්න හැකි වෙන්නේ දැඩි සංචරණ සීමා පැනෙව්වොත් විතරයි .සදුදා දිනයේ වෙනතුරු දීලා තියෙන මේ සංචරණ සීමා හරියාකාරව අකුරට ඉෂ්ට කරන්නේ කියන එක අපි ඉල්ලා සිටිනවා.සදුදා දිනෙන් පස්සේ ඒ දීලා තියෙන නිවරදි ක්‍රමවේද අනුගමනය කරලා මේ නීතිය හරියට ක්‍රියාත්මක කිරීම තුළින් අපි මේ විනය රට තුළ හදන්න කියන එකත් ඉල්ලනවා ඒ විතරක් නෙමෙයි අපි දකිනවා මේ වෙද්දි ජනතාව අතරත් යම් කිසි අවබෝධයක් තියෙනවා මේ සංචරණ සීමා කළ යුතුයි කියලා. ඒ වගේම සති අන්තයේ දී අපි උත්සව කාලයක් එළඹෙන්නේ ඒ උත්සව කාලයේ දී අපි හිතනවා ජනතාව ඉතාමත්ම වගකීමෙන් කටයුතු කරයි කියන එක. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දැඩි ශ්‍රමයක් දරනවා මේ වෙද්දි මේ සියලුම ජනයා ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය ක්රමෝපායන් සලසන්න. එක පියවරක් හැටියට තමයි මේ සංචරණ සීමා සති අන්තයේ දී නිවැරදි ආකාරයෙන් පනවන්න කිව්වෙ.
ඒ හින්දා ජනතාවගෙන් නැවතත් ඉල්ලා සිටිනවා මේ සතිඅන්තයේ ඉතාම බැරෑරුම් මේ සති අන්තෙ දී ඉතාමත්ම භයානක විදිහට නැවතත් රෝගය පැතිරීමේ හැකියාව තියෙනවා. පසුගිය සිංහල අවුරුද්ද වගේම පසුගිය සිංහල අවුරුද්දේ හැඳිච්ච රෝගීන් තමයි මේ වෙද්දි දැඩි සත්කාර ඒකක වලින් ඉන්නේ. ඒ හින්දා තවත් එවැනි ඉරණමකට පත් වෙන්න එපා කියන ඉල්ලීම අපි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මේ සති අන්තය ගත කරන සියලුම ජන කොට්ඨාස වලින් ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනවා. මේක ඉතාමත් වැදගත් දින කිහිපයක් මොකද රජයේ දැඩි තීරණයක් ගත්තෙ සංචරණ සීමා පැනවිය යුතුයි කියලා ඉතාමත්ම තීරණාත්මක මොහොතක් නිසා.
ඒ හින්දා මේ වෙද්දි රජය වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මේ වෙනකොට දත්ත එකතු කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කරලා තියෙනවා මුල් වටයේදී වගේ. මොකද අපිට මේ දත්ත නොලැබීම හරහා තව දුරටත් රට අතරමං කරන්න බැහැ.වෘත්තිය සමිතියක් වුණත් අපිට වගකීමක් තියෙනවා. අපි පිළිබඳ ජනතාව විශ්වාස කරනවා ඒ විශ්වාසෙ රැකීම අපි තවදුරටත් කරගැනීම අවශ්‍ය හින්දා මේ වෙනකොට දුරකථන මාර්ගයෙන් තොරතුරු රැස් කිරීමටත් අපගේ සමිති ශාඛා හරහා මේ තොරතුරු ලබා ගැනීමටත් එය අවශ්‍ය සහයෝගය සෞඛ්‍ය අංශය ලබාදීම හරහා ක්රමවේදයකුත් ඒ සඳහා දීර්ඝ සාකච්ඡාවක් ඊයේ ගරු අමාත්‍යතුමිය සමග පැවති සාකච්ඡාව ඉතාමත් ප්‍රතිඵලදායකයි. අපි හිතනවා රට නිවැරදි මගට යොමු කර ගන්න පුළුවන් වේවි කියලා. මේ අවස්ථාවේදී එහෙම බැරි උනොත් අපි ඉන්න ඉතාමත්ම නරක අවදියක කියන එක නැවතත් මතක් කරනවා..
0 Comments