MV-x-press-pearl-sri-lanka

ගිනිගන්නා MV x press pearl නෞකාවේ ගින්න සෑහෙන දුරකට පාලනය කළ බව එම ගිනිවීමේ මෙහෙයුමට එකව සිටින ඉන්දීය වෙරළාරක්ෂක බලකාය කියයි.කෙසේ නමුත් අද පෙරවරුව වනවිට වාර්තා වී තිබුණේ නෞකාව සාගරයේ ගිලී යාමට ආසන්නව තිබෙන බවයි.

කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගැනීමට ලක් වූ නෞකාවේ ගින්න හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදු වූ අලාභය පදනම් කර ගනිමින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් නැවේ
කපිතාන්වරයාට සහ නෞකා සමාගමට එරෙහිව වෙරළබඩ පොලීසිය වෙත පැමිණිල්ලක් කර තිබේ.


ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබ‍ුණේ ඉන්දු ශ්‍රී ලංකා ඒකාබද්ධ මෙහෙයුමකින් ගින්න පාලනය කර ගැනීමට සමත් වූ බවයි.

නෞකාවේ ඇති වූ ගින්න නිවා දැමීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව ඇතුළු කණ්ඩායම් දැඩි උත්සාහයක් ගත් අතර ඒ සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ සහායද ලැබී තිබිණි. කෙසේ නමුත් ගින්න පාලනය කිරීමට නොහැකි වූ අතර ඒ සඳහා ශ්‍රී ලංකාව ආශ්‍රිත මුදුදේ පවති දැඩි සුළං සහිත කාලගුණ තත්වය හේතු විය.
මේ අතර පර්ල් නැවෙන් පාවී ආ භාණ්ඩ රැස් කිරීමට ගිය පුද්ගලයින් කිහිපදෙනෙකුට සම මතුපිට ආසාද්මිකතා මතුව ඇති බවද වාර්තා විය.
නෞකාවෙන් නිකුත්වන අපද්‍රව්‍යය තවදුරටත් වෙරළ වෙත පැමිණෙන බවත් එම ද්‍රව්‍ය කිසිවකට අත තැබීමට හෝ ළං වීමට හෝ උත්සහ නොකරන ලෙස සෞඛ්‍ය අංශ දන්වා තිබේ.