මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් බ්රහස්පතින්දා සිය නිවසින් පිටත සිදුවූ පිපිරීමකින් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව එරට පොලිසිය බ්රහස්පතින්දා රාත්රී නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එරට වත්මන් පාර්ලිමේන්තු කථානායකවරයාද වන මොහොමඩ් නෂීඩ් සිය නිවස අසල ඇති වූ පිපිරීමකින් තුවාල ලබා ඇති බව පමණක් පොලිසිය දැනට ප්රසිද්ධ කර තිබෙන අතර වැඩිවිස්තර ලබාදී නැත.
මාලදිවයිනේ රූපවාහිනී නාලිකාවක් වන පීඑස්එම් හි රූපරාමු වලින් දැක්වෙන්නේ මාලේ අගනුවර සිදුවීම සිදු වූ ස්ථානය ආරක්ෂක සේවා වටකර ඇති බවයි. විදේශීය සංචාරකයෙකු ද තුවාල ලබා ඇති බව නාලිකාව වාර්තා කර තිබුණි.
පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් ප්රදේශයට යාමෙන් වළකින ලෙස ජනතාවගෙන් පොලිසිය ඉල්ලා සිටී. වසර 30 ක අත්තනෝමතික පාලනයකින් පසු 2008 දී නෂීඩ් මෙම දූපත් සමූහයේ ප්රජාතන්ත්රවාදීව තේරී පත් වූ පළමු නායකයා බවට පත්විය. ඔහු 2012 වන තෙක් ජනාධිපති ලෙස සේවය කළේය.
0 Comments