බ්‍රිතාන්‍ය ජාතික සුප්‍රකට නිරූපිකාවක වන 39 හැවිරිදි ස්ටෙෆනි ඩුබොයිස් ඇස්ට්‍රාෙසනිකා එන්නත ලබාගැනීමෙන් අනතුරුව දැඩි අසාධ්‍ය තත්වයට පත්ව කොමා රෝග තත්ව පෙන්නුම් කර මියයාමේ සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.


තමා සයිප්‍රසයේ සිටියදී ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දින කිහිපයකට පසු ආසාත්මිකතා ලක්ෂණ පෙන්නුම් කළ බව මියයාමට ප්‍රථම සිය රසිකයින් වෙත බ්‍රිතාන්‍ය නිරූපිකාව පවසා තිබුණි.

39 හැවිරිදි ස්ටෙෆනි ඩුබොයිස්, පැෆොස් නගරයේදී එන්නත් මාත්‍රාවක් ලබාගැනීමෙන් පසු “බරපතල ත්‍රොම්බොටික් ” රෝග ලක්ෂණ වලට ගොදුරු විය. සයිප්‍රසයේ අගනගරයේ ප්‍රධාන රජයේ රෝහලේ සෞඛ්‍ය නිලධාරීන් පැවසුවේ එන්නතට පෙර සිදු කළ පරීක්ෂාවේදී  ඇයට නිදන්ගතව පැවති අයහපත් රෝග කිසිවක් හදුනාගත්තේ නොමැති බවයි.



මාත්‍රාව ලබාගැනීම සහ ඩුබොයිස්ගේ මරණය අතර ඇති සම්බන්ධය කුමක්දැයි  තවම විද්‍යාත්මකව තහවුරු කර නොමැති අතර ඇගේ මරණය යුරෝපීය ඖෂධ ඒජන්සිය (ඊඑම්ඒ) විසින් විමර්ශනය කරමින් පවතින බව සයිප්‍රස් සෞඛ්‍ය සේවා ප්‍රකාශක චරලම්බොස් චරිලාවෝ පැවසීය.

ඩුබොයිස් එන්නතෙහි පළමු මාත්‍රාව මැයි 6 වන දින ලබා ගත් අතර එම පුවත ෆේස්බුක් හි එදිනම බෙදාහදා ගන්නා ලදී.

ඇය මෙසේ ලියා තිබුණි. “ඉතින් මට අද එන්නත ලැබුණා! මම ඉඳිකටු වලට වෛර කරනවා, අදත් ඊට වෙනසක් නැහැ. . . දැන් මට අමාරු ගතියක් දැනේ. . . ”

“පූර්ණ ශරීර කම්පන” සහ “හුස්ම ගැනීමට පොරබදමින්” සිටි ඇය මැයි 14 වන දින රෝහලට ගෙන ගියාය.

ඇය මෙසේ ලිවීය: “අසනීපෙන් අවදි වූ මට පැයක් ඇතුළත සම්පූර්ණ ශරීර කම්පන ඇති වුණා, මගේ සන්ධි සියල්ලම තෙරපෙමින් තිබෙනවා. මම හුස්ම ගැනීමට වෙහෙසෙමින් සිටිනවා. දිගින් දිගටම හිසරදය සහ කරකැවිල්ලෙන් මගේ ඇටකටු සීතල වෙලා. අම්මයි තාත්තයි මාව බලාගන්න ඇවිත් මාව  පරීක්ෂණයකට අරන් ගියා. . . නමුත් එය තවමත් ගැටලුව කුමක්දැයි පැහැදිලි නොකරයි. සමහර විට මම පසුගිය සතියේ මගේ කොවිඩ්  එන්නතේ ප්‍රතිචාරයක් ලෙස මෙය සිදුවුණා විය හැකියි. ”



මිතුරෙකු වන ඇන්ඩෘ පවර්ස් පවසා ඇත්තේ මැයි 19 වන විට ඇය කෝමා තත්වයට ඇද වැටීමෙන් පසු යළි කථා නොකළ බවයි.
ඇයට මොළයේ රක්තපාතයක් ඇතිවී සෙනසුරාදා දහවල් මිය ගිය බව ප්‍රාදේශීය මාධ්‍ය පවසයි.
ලේ කැටි ගැසීමේ රෝග ලක්ෂණ නිසා මාර්තු මාසයේ දී ඊඑම්ඒ විසින් සමාලෝචනයක් කිරීමට අපේක්ෂාවෙන්  ඇස්ට්‍රාසෙනෙකා එන්නත සයිප්‍රසය තාවකාලිකව නතර කර තිබූ අතර නැවත එන්නත් කරන්නට පටන්ගත් පසු මෙම මරණය වාර්තාවීම විශේෂිතය.
ජර්මනිය, ප්‍රංශය සහ අනෙකුත් යුරෝපා සංගම් සාමාජික රටවල් ද දයිප්‍රසය අනුගමනය කළ නමුත් මාර්තු 18 වන දින නැවත ඇස්ට්‍රාසෙනිකා භාවිතයට හඳුන්වා දෙන ලදී.