Pfizer-helps-india

ඇමෙරිකා එක්සත් ජනපදයේ Pfizer Inc. මගින් නිපදවන COVID-19 මර්දන එන්නත් තොගයක් ඉන්දියාව වෙත ප්‍රදානය කිරීමට සූදානම් බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇල්බර්ට් බොයුරාල් පවසයි.  ඔහු පසුගියදා සිය LinkedIn ගිණුම වෙත පණිවුඩයක් තබමින් මේ බව පවසා තිබේ.

ඒ අනුව දැනටමත් ඉන්දියානු රජය සමග මෙම එන්නත් ප්‍රදානය පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවත්, මෙහිදී එක්සන්ජනපද ඩොලර් මිලියන 70ක්වටිනා එන්නත් දානයක් සිදුකෙරෙන බවත් ප්‍රධාන විධායක නිලධාරියා සඳහන් කර ඇත."අවාසනාවකට වගේ අපේ එන්නත් තවමත් ඉන්දියාවේ ලියාපදිංචි වෙලා නැහැ. ඒත් අපි ඉන්දියාව වෙත මේ එන්නත් ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කළේ මාස කිහිපයකට පෙරාතුවයි. දැන් අපි මේ එන්නත සම්බන්ධයෙන් ඉන්දියානු රජය සමග සාකචිඡා කරනවා. ඒ හරහා Pfizer-BioNTech එන්නත ඉන්දියාවේ සියලු දෙනාටම ලබාදීමට හැකියාව ලැබේවී.” ඔහු පවසා තිබේ.