අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රදවා සිටින රැදවියන් පිරිසකට අද (09) සිදුකල රැපිඩ් ඇන්ටිජින් පරීක්ෂණයනවලින් කාන්තාවන් 21 ඇතුළු රැඳවියන් 104 දෙනෙකුට කොවිඩ් ආසාදනය වි ඇතැයි තහවුරු වී තිබේ.
මේ අතර අද දහවල් ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් ඇඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රිමාන්ඩ් සිරකරුවන් පිරිසක් විරෝධතාවයක නිරත වූ වාර්තා වේ.
එහි ගොඩනැගිල්ල වහලයක් මත නැගී විරෝධතාව කරන ලද ඔවුන්
ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරනු ලබන රැදවියන්ගේ පරීක්ෂණ වාර්තා එනතෙක් වෙනම සිර මැදිරියක රදවා තබන ලෙසත් රැඳවියන් සඳහා ඇන්ටින් පරීක්ෂණ ඉක්මන් කරන ලෙසත් ඇප ලබා දීමේ හැකියාව ඇති රැදවියන්ට ඉක්මනින් ඇප ලබා දෙන ලෙසත් ඉල්ලා සිටි බව නිලධාරියෙකු පැවසීය.
0 Comments