විවිධ පවුල්වල පිරිස් එකම වාහනයක ගමන් කරනවා නම් එම සියලුම දෙනා වාහනය තුළදී මුහුණු ආවරණ පැළඳිය යුතු බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. මීට අමතරව බස් රථවල මගීන් රැගෙන යා හැක්කේ ආසන ප්‍රමාණයට පමණක් බවත්,
මෙම නීතිය උල්ලංඝනය කළහොත් බස් රථ, සේවකයන්ට හා හිමිකරුවන්ට නීති මගින් කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
කෝවිඩ්-19 තත්ත්වය නිසා මේ වනවිට රට පුරා ප්‍රදේශ ගණනාවක් හුදෙකලා තත්වයට පත් කර තිබෙන බවත්, මෙම ප්‍රදේශවලට අවසර නොමැතිව ඇතුළුවීම තහනම් බවත් ඒ මහතා පවසා සිටියේය. එමෙන්ම අදාළ ප්‍රදේශවල ජනතාව නිවෙලස්වලට වී කාලය ගත කළ යුතු බවත්, බරපතළ රෝගී තත්වයකදී රෝහල් ගතවීමට හැකියාවක් තිබෙන බවත්, කෝවිඩ් රෝග ලක්ෂණ තිබෙනවා නම් ඒ පිළිබඳ ළඟම පොලීසියට දුරකථනයෙන් දැනුම්දී අවශ්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත් ඉල්ලා සිටියි.
- ඉන්දික හේවාවිතාරණ
0 Comments