මෙවර උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් සිසුවා පිළිබඳ මාධ්‍ය වාර්තා පළවූයේ අඩුවෙනි. 3.3 ක ඉසෙඩ් අගයක් ලබා ගනිමින් ඒ සාමාර්ථ තුනක් ලබා ගත් රාජකීය විදුහලේ මනුජය ප්‍රවීන් විජේසිංහ මෙම දක්ෂකම කර තිබුණි.
මනුජය ගේ මව කොළඹ මහානාම විදුහලේ රසායන විද්‍යා ආචාර්යවරියක වන මනෝජා ප්‍රසන්ති ජයසිංහ වන අතර පියා කොළඹ මහ රෝහලේ වෛද්‍ය දමින්ද ප්‍රියාන් විජේසිංහය.
පියා සේ වෛද්‍යවරයකු වීමට මුලසිටම අදිටන් කරගෙන සිටි මනුජව මෙසේ කියයි.
"මම මුලින්ම ගියේ කේරි විදුහලට. ශිෂ්‍යත්ව විභාගය ලකුණු 171 ක් ලබා ගෙන මහානාම විදුහලට ගියා. එහිදි සාමාන්‍ය පෙළට ඒ 9 ක් ලබා ගෙන කොළඹ රාජකීය විදුහලට ගියා. මම විභාගයට මාස ගණනාවක් තිබියදී විෂය නිර්දේශය ආවරණය කර ඉතුරු කාලයේ ප්‍රශ්න පත්‍ර කරන්න ගත්තා. ඒ වගේම විෂය බාහිර දේ සඳහා චෙස් කළා. ඔන්ලයින් පන්ති නොකඩවාම සහභාගි වුණා වගේම විෂයට අදාළ විදෙස් පොත් පත් පවා කියවා දැනුම ලබා ගත්තා..." මනුජය පවසයි. මෙවර ජීව විද්‍යා අංශයෙන් ලංකාවෙන්ම දෙවැනි ස්ථානය ලබා ගත්තේත් කොළඹ රාජකීය විදුහලේම සිසුවෙකු වන විහාන් ඩිලක විජේසිංහය.
0 Comments