anurudda-padeniya-speaks

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සිදු කළ අදහස් දැක්වීමක් පහත දැක්වේ.

ආහාරයට විෂ එකතුවීම සහ එකතු කිරීම යන මාතෘකාව අපි දෙවිදියකට ආමන්ත්‍රණය කරනවා රජයේ වෛද්‍යනිළධාරීන්ගේ සංගමය හැටියට වස විස කන්න එපා කියලා අවුරුදු 10 ක් 15 ක් තිස්සේ මහජනතාවට කියනවා....



කාටද කියන්න පුළුවන් වස කන්න කියලා...ඒ උනාට වස කන්න එපා කියලා කියන්න වෙනවා ප්‍රඥාව තියෙන මිනිස්සුන්ට...අපි ඇඳුමක් ගන්න ගියාම බලනවා ඒක අඳින්න පුළුවන්ද බැරිද කියලා බලලා තමයි ගන්නේ...නමුත් අපිළමයින්ට අරංදෙන කෑමක්වත් හොයන්නෙ බලන්නේ නැතුව කනවා...ඒ නිසා මේ වස එකතු කිරීම සම්බන්ධව මේක විද්වත් කතිකාවකට පමණක් සීමා වෙන්නේ නෑ නමුත සමාජයේ මේ සදහා පෙලගැස්මක් ඇති කිරීමට විද්‍යාත්මක දැනුම කියන එක අද අපයෝජනය වෙලා තියෙනවා ඒ නිසා අපි කල්පනා කලා විද්‍යාත්මක දැනුම දෙවිදියකට දෙන්න....

එකක් තමයි වස එකතු කිරීමේ තියෙන ගැටළුව අනිත් එක තමයි පාරම්පරික ඥානය ජන විඥාන ගත කිරීම කිරීම කියලා වැඩ සටහන් මාලාවක් කරලා සුදුසුයි කියලා පොෂනය සලසන ආහාර මොනවද කියලා...බටහිර වෛද්‍යවිද්‍යාවේ පියා කිව්වේ අපට ‍ඖෂධයයි ආහාර කියලා...අද ආහාරය ඖෂධයෙන් ඈත්වෙලා තියනවා...කොළඹ වෛද්‍යපීඨයේ 150 ළඟදි ලැබුවා එහිදී මම ගිහින ඇහුවා hippocratic කියන බටහිර වෛද්‍යවිද්‍යාවේ පියා කිව්වේ  ‍ඖෂධයයි ආහාර කියලා  නමුත් ඖෂධ කියලම දෙපාර්තුමේන්තුවක් පවතිනවා pharmacology කියලා ඒකේ ආහාර ගැන නෙවෙයි කතා කරන්නේ ඖෂධ ගැන කතා කරන්නේ...

රෝගීන් අපිගැන සහ සාමාන්‍ය ජනතාවට අපිගැන මැවෙන මතයත් බටහිර වෛද්‍යවරයෙක් නම් බේත් ලියල දුන්නොත් තමයි එයා වෛද්‍ය වරයෙක් වෙන්නේ....මගේ සායන වලට එන රෝගීන්ට මම හොදට  වතුර බොන්න කියනවා,කොළ එළවළු වගේ දේවල් කන්න කියනවා ඒක අමුතු දෙයක් බවට පත්වෙනවා එතකොට ඒක අපට වැරදිලා කියලා ඒ අය හිතනවා නමුත අපි දකිනවා අනිත් වෙදකම් වලදී පත්තියම් කියලා කන කෑම ගැන කියනවා...මේ පසුගිය දශක කීපය තුල නවෝත්පාදන කීපයක් ඉදිරිපත් උනා ඉදිරිපත් වෙච්ච කෙනෙක් තමයි steve jobs...
අද අපි පරිහරණය කරනවා එතුමාගේ උපකරණ කීපයක්ම එතුමා කිව්වේ ආහාර ඖෂධ හැටියට ගත්තේ නැත්තම් ඖෂධ ආහාර විදිහට ගන්න වෙනවා කියලා....මං හිතන්නේ අප වෛද්‍යවරු විදිහට කොලේ දෙපැත්තේම බේත් ලියලා දෙනවා සමහර වෙලාවට කෑම කෝප්පෙට වඩා ඖෂධ කෝප්පේ ලොකු වෙන්න පුළුවන්....අප බලන්න ඕන මේ සදහා මොකක් අප කලයුත්තේ...

ඉතාම සරල දෙයක් තියෙන්නේ අපේ අතීතයේ තිබුනු ආහාර සොයායාම තමයි තියෙන්නේ....අපට තිබුනා තිරසාර සංවර්ධනය කියලා සංවර්ධනයක් ආහාර සංස්කෘතියෙන් බැදුනු... මම අහන පළවෙනි ප්‍රශ්නේ තමයි ආහාර කියන්නේ මොකක්ද කියලා,ඇයි අපි ආහාර කන්නේ කියලා...ඒ විදිහට අහනකොට සමහර අය විවිධ උත්තර දෙනවා ප්‍රඥාව පාවිච්චි කරන්නේ නැති නිසා...ගොඩක් අය හිතන් ඉන්නේ පෝෂණයට හරි පෝෂණ ඌනතා වලක්වගන්න හරි කියලා....නෑ....

ආහාර කියන්නේ සංස්කෘතියක් කියලා මම තර්ක කරලා පෙන්වනවා මගේ දේශනයේදී... මේ වැඩසටහනෙත් දිවා ආහාරය පිළියෙල කරනවා ඒ නිසා අපට ආහාරයෙන් තොර කිසිදු වැඩසටහනක් කරන්න අමාරුයි....ආහාර සංස්කෘතියෙදි අපට තිබ්බා තිරසාර සංස්කෘතියක් PLEANI DA ELDER විසින් දැනට ලෝකයේ කරගෙන යන ලෝකේ වඩාත්ම පිළිගන්නාවෑ විශ්වකොෂයේ සදහන්වෙනවා අපේ රටේ මිනිස්සු අවුරුදු 140 ත් ජීවත් උනා අවුරුදු 100 මැරෙනකොට ඒක තරුණ මරණයක් කියලා කියනවා...ඒකට සහතික වෙනවා අපේ අවුරුදු 2500කට කලින් හිටිය පණ්ඩුකාභය රජතුමා අවුරුදු එකසිය ගානක් ජීවත් උනා එතුමා අවුරුදු 70ක් රජකම් කලා...


සිහිබුද්ධියෙන් අතුව අද ලෝකයේ තියෙන නගර සැලසුම් පිළිබඳ හොදම සිහිබුද්ධිය තියෙන නවෝත්පාදන ඉදිරිපත් කලේ පණ්ඩුකාභය රජතුමා...අද උපතේදී ආයු කාලය අවුරුදු 74 යි ඒ කියන්නේ තිබ්බ එකෙන් බාගෙකට අඩුවෙලා තියෙනවා...ඒ විතරක් නෙවෙයි අවුරුදු 30 ඉදලා පෙති හතරක් පහක් එක්ක ජීවත්වෙන ජීවිතයක් තමයි දකින් ලැබෙන්නේ...දැන් බැලුවොත් ඒ තත්වේ හොදටම අවුල් වෙලා රෝහල් වලට ආවොත් ඉස්සර දියවැඩියා සායන තිබ්බේ ලොකු රොහල් වල වැඩිහිටියෝ ඉන්න රෝහල් වල නමුත් අදළමා රෝහලේ දියවැඩියා සායන පවත්වන තත්වෙට ඇවිත් තියෙනවා...ඒ වගේම තමයි පිළිකා...පසුගිය දවස් 14 තුල එක පිළිකා රෝග දරුවෙක් හරි හඳුනාගෙන තියෙනවා...ඒ දේ ඉස්සරහට දවසට දෙන්න බවට පත්වෙයි තුන් දෙනා වෙයි....

ජාත්‍යන්තර දියවැඩියා සංවිධානයේ නිර්මාතෘ සභාපති වරයා කියනවා 2025 පනිනකොට උපතේ දී ළමුන්ගේ ආයුකාලය අවුරුදු 40 - 45 ට අඩු වෙනවා කියලා ඒක අපේ නිරූපනය වීම ආරම්භ වෙලා මේ තියෙන්නේ එතනිනුත් අපට මේකේ බලපෑම ඊටවඩා වැඩි කියල තමයි පෙන්වන්න තියෙන්නේ...මෙතනදි මම උත්සහ කලේ අපට තිරසාර ආහාර සංස්කෘතියක් තිබ්බා ඒ ආහාර සංස්කෘතිය නැවත හදුනාගන්න අවශ්‍යයි ඒ ආහාර සංස්කෘතියෙන් අපව ඈත් කලා ඒ ආහාර සංස්කෘතිය කියන්නේ ආහාර නිෂ්පාදනය අද අපි ඒකට කියන්නෙ කෘෂිකර්මාන්තය කියලා කෘෂිකර්මාන්තයේ වස විස ගහන එක මම කියන්න දෙයක් නෑ බිලියන 250 ක ලංකාවේ අයවැය පරතරය බිලියන 800ක් රටේ බිලියන 250 වස ගෙනල්ලා මේ පොළොවට හෙලනවා එතකොට අපි විතරක් නෙවෙයි ක්ෂුද්‍ර ජීවින්,පැළෑටි පස ඇතුළු ජීවීභාවය සම්පූර්ණ අහොසි කරලා අපි ආහාර නිෂ්පාදනයට ගිහින් තියෙනවා...

ඊළඟට අප ආහාර සකසපු ආකාරය,කල් තබාගත්ත ආකාරය,මේ සියල්ලටම ස්වභාවික ක්‍රම අපට තිබ්බා ඒ සියල්ලම බැහැර කරලා 1960 අප ආහාරයට වස විස එකතු කිරීම ආරම්භ කලා ඇමරිකාවේ monsanto ආයතනය කියන විදිහට....monsanto ආයතනයට අපේ කෘෂිකර්ම  අමාත්‍යංශය තමයි මේ වනවිට වැඩිම උගත්තු ඉන්න අමාත්‍යංශය මම හිතන්නේ කෘෂිකර්ම  අමාත්‍යංශය දැන් ඉන්න නිළධාරීන් ඔක්කොම රජයේ හෝ ශිෂ්‍යත්ව යටතේ ඒ අය ගිහිල්ලා ආචාර්ය උපාධිය අරගෙන ඇවිල්ලා තියෙනවා monsanto ආයතනය සම්බන්ධ වන ඒ කියන විද්වත් මතය පතුරවන අයට....monsanto ආයතනය කෘෂිකර්ම දෙකක් හදුන්වාදී තිබෙනවා එකක් රසායනික කෘෂිකර්ම අනිත් එක කාබනික කෘෂිකර්මය කියලා ආපේ තිබ්බේ හෙළ ගොවිතැන කියලා  හෙළ ගොවිතැන කියන එකේ තිබ්බේ කාබනික පොහොර කියන මූල දර්මය නෙවෙයි නමුත් අපි දැනට සෞභාග්‍යයේ දැක්ම යටතේ කාබනික පොහොර වලට යන එක හොදයි කියලා අප අර්ථ දැක්වූවා....ඒක රසායන කෘෂිකර්මයට වඩා හොද නිසා...

ඒකෙන් තේරෙනවා monsanto ආයතනය ප්‍රධානියා බවට පත්වෙලා ඉන්නෙ කවුද CIA එකේ හිටපු අධ්‍යක්ෂකවරයා ඒ කියන්නේ යුධමය උපක්‍රමයක් හැටියට කෘෂිකර්මය කළමණාකරණය කරලා වැඩි නිශ්පාදනයක් ලබාගෙන වැඩි ආදායමක් කියන කාරණය මිසක් ගුණාත්මක ආහාර නිශ්පාදනයක් හෝ මිනිස්සුන්ට යා දෙන ආහාර හෝ තිරසාරභාව රකින ආහාර සංස්කෘතියක් නෙවෙයි මෙතනින් අපට අහෝසි කලේ ඒ නිසා වස විස ගැහීම සිද්ද කලා....වස විස ගැහීම වෙන රටවල් වල green zone,brown zone  කියලා දෙකක් තියෙනවා එතනින්   green zone එකේ තමයි වවන්නේ brown zone එකේ තමයි මිනිස්සු ඉන්නේ එතකොට අඩුමතරමේ වසවිස පාමුලට එන්නේ නෑ නමුත් අපේ සංස්කීතියේ අප දකිනවනා කුඹුර ළඟමයි ගෙදර තියෙන්නේ ගෙදර ළඟමයි ළිඳ තියෙන්නේ ළඳ ළඟමයි ළමයි සෙල්ලම් කරන්නේ ඒ ව්‍යුහයට මේ කියන සංකල්පය කොහෙත්ම යා දෙන්නේ නෑ...කිසිදු ශාක්ෂරතා අධ්‍යනයකින් තොරව මේ රටේ මේ කියන කෘෂිකාර්මික විද්වතුන් දන්නේ ඒ ටික විතරයි ඒ අය ගිහිල්ලා වස විස නැතුව කන්නබෑ කියලා කියනවා ඒ අය කියනවා වස විසෙන් තොරව වගා කරගන්න බැ කියනවා එතකොට 1960 වෙනකල් මේ රටේ ආහාර නිෂ්පාදනය උනේ නැද්ද ආහාර අහේනියක් තිබ්බද ආහාර අප අපනයනය කලේ නැද්ද අද අපි ලැඡ්ඡ වෙන්න ඕන වස විස ගහපු කෘෂිකර්මාන්තයක් තියෙන රටේ බිලියන 250 ක කෘෂිකර්මාන්තයට  මේ විදිහට වස විස ඉහන රටේ රුපියල් බිලියන 550 ආහාර ආනයනය කරනවා එහෙනම් ඒක නතර වෙන්න එපැයි....

ඒ බිලියන 250 අර බිලියන 550 එකතු කරානම් ලංකාවේ අයවැය පරතරයට සමාන වෙනවා....ම

ේ කියන වස විස පතුරවන අය අපට කරන්නේ අපව මරණ එක මිසක් වෙන දෙයක් නෙවෙයි මරණ්නෙත් නිකං නෙවෙයි ටිකටික මරන්නේ...ඒ කියන්නේ අපි ලෙඩ කරලා අපට පෙති 10-15 පොවලා තමයි මරණ්නේ...මේ  දේ ළමයි දක්වා ව්‍යාප්ත වෙලා තියෙනවා....ඒ නිසා සෞභාගයේ දැක්මේ පැහැදිලිව තියෙනවා අප වස විසෙන් තොර ආහාර රටාවකට යායුතුයි කියලා....ඒක පිළිබඳ ආරම්භවීමක් දකින්න නෑ ඒ පිළිබඳ අප කණගාටුව පලකරනවා මොකද ඒක පිළිබඳ අපි පසුගිය වසරේ සෞභාගයේ දැක්ම එනවත් එක්කම රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ අපි වගා කරන අය නෙවෙයි නමුත් අපි චමල් රාජපක්ෂ මන්ත්‍රී තමාට අප ගොඩාක් ගරු කරනවා එතුමාගේ අමාත්‍යංශය යටතේ වෛද්‍යවරුන්ට හරි අක්කර දහදාහක වස විසෙන් තොර වගාවකට අප අත ගැහුවේ...ඒක සම්පූර්ණයෙන් කඩාකප්පල්කරලා ඒක සම්පූර්ණයෙන්ම අසාර්ථක ව්‍යාපාරයක් හැටියට කිරීම සදහා කෘෂිකර්ම අමාත්‍යංශයේ ඉහළ ඉන්න බලධාරීන් ටිකවැඩ කලා...නමුත් අපේ පරාක්‍රම වර්ණසූරිය මහතාගේ සහ කුමුදු දහනායක මහත්මයලාගේ තියෙන ධෛර්යනිසා අපි අක්කර  තුන්දාස් අටසීයක් වගා කරගත්තා කොරෝනා නිසා අපට ඒක අහෝසි උනා...

ඒකේ අක්කරයකට බුසල් 30 ගානේ ඇවිල්ලා තිබ්බා...අක්කර 4000 ක් අපට වගාකරගන්න පුළුවන් උනානම් අප හැම පාසලකටම යන හැම දරුවෙක්ටම අවුරුද්දේ දවස් 365 ම පාරම්පරික සහල් වලින් සකස් කරපු කැඳ එකක් දීම සදහ අප නිර්මාණය කරන්න ගියා...ඒ වැඩසටහන යම්කිසි විදිහකට කඩාකප්පල් කිරීම‍නවා අපට ආරංචි ඒකේ යම් යම් චෝදනා දාලා ඒකේ වල් වී වැව්වා කියලා මේ පාරම්පරික සහල් වලට.....මේ සියල්ල සිදුවන්නේ 1960  monsanto ආයතනයට වැඩ කරන ඒකේ වරප්‍රසාද ලබන පිරිස විසින් මේ කෘෂිකර්මය මෙහෙය වීම නිසා....ඒ නිසා මම කියන්න කැමති අපි වස නැති සංස්කෘතියක ඉදලා 1960 වලයි මේ වස උනේ...අපට වැරදිලා තියෙන්නේ දශක හතරයි පහයි මේක අපට අනිත් පැත්ත හරවන්න පුළුවන්....ඒ පිළිබඳ චිත්‍රපටයක් එනවා ගොවිතාත්තා තියලා තව මාස දෙකකින් පමණ එය එළිදැක්වෙනවා...ඒකේ පැහැදිලිව පෙන්වනවා අපේ ග්‍රාමීය මට්ටමේ වෙච්ච විනාශය දර්ශන නුවන් දිසානායක එතුමා ඉහළගණයේ සංගීතවේදියෙක් එතුමාගේ තාත්තාගේ තාත්තගේ කතාව කියන්න චිත්‍රපට නිශ්පාදනයට ගියා....එතුමාගේ තාත්තා අඳ ගොවියෙක් විදිහට ඒක වලක්වන්න මුළු යායටම වස විස ගැහුවා අන්තිමට වක්කඩෙන් වතුර බීපු එතුමා වකුගඩු රෝගයෙන් මියගියා....

වඩාත්ම ගමට සරණ උනේ පන්සලට වැඩියේන්ම දානය දුන්නේ මේ කියන ගොවි මහත්වරු ටික අද කාගෙන් හරි කීයක් හරි ඉල්ලගෙන බස් ගාස්තු හොයාගෙන වකුගඩු පිරිසිදු කරන තැනට එන්න තත්වෙටත් දින ගනිමිනි ජීවිතය ජීවත් කරවීම තත්වෙටත් පත්වෙලා තියෙනවා....විද්වතුන් හැටියට මොනවද මේ කරන්නේ කියලා පැහැදිලිවම දැනගන්න අවශ්‍යයි...පළවෙනි වකුගඩු රෝගියා හදුනාගන්නේ 1991 ඒ කියන්නේ 1960 දශකයේ ඉදලා දශක දෙකක් යනකොට රෝගීන් මතුවෙන්න ගත්තා Autism කියන රෝගයක් කලින් තිබුනේ නෑ....පැහැදිලිවම ඇමරිකාවේ පලකරලා තියෙනව දත්ත 99%ක්ම සමපාත වෙනවා කියලා මේ කියන කෘෂිරසායනයි Autism කියන රෝගයයි...මේ තියෙන හැමරෝගයක්ම මේ කියන වස විස නිසා එන ඒවා... පිළිකාව තර්කයකින් තොරවම පෙන්වාදෙන්න පුළුවන්....

monsanto ආයතනය අපට දුන්න මේ ව්‍යුහය සම්පූර්ණයෙන්ම අයින් කරන එකයි අප මේ වැඩසටහනින් බලාපොරොත්තු වන්නේ....අපට පොහොර කියලා සංස්කෘතියක් අපට හදුන්වලා දුන්නා,කෘමිනාශක වල් නාශක සහ ආහාර කල් තබා ගැනීම කියන සියල්ල රසායනයන්ට ගියා...මට ළඟදි දේශනයක් අහන්න ලැබුනා වැදි නායක තුමාගේ එතුමා නිර්මාංශ කෙනෙක් අපි වැද්දො අපි සත්තු මරණවා කියාලා ඔයාලා කියනවා අපි සත්තු මරණ එකේ අපේ තියෙනව වෙනව ආචාර ධර්ම පද්ධතියක් අපි බඩදරු සත්තු මරන්නේ නෑ,අපි මරපුවාම ඒ සතාට පිං දීලා කන්නේ ඒකේ සියලු කොටස් ප්‍රයොජන ගන්නවා ඔයාලා කියන්න බලන්න අම්ම කෙනෙකුට පුතෙකුට කෑ පිඟානක් දෙන් පුළුවන්ද මේක ප්‍රාණගාතයෙන් තොරයි සත්තු කෝටි කීයක් මරලද මේ කෑම දරුවට දෙන්නේ ඔයාලාගේ කියන මෛත්‍රිය මෙතන තියෙනවද,මානුෂික මූලදර්ම තියෙනවාද කියලා හිතන්න කිව්වා ඒ නිසා මම මගේ දේශනය කලේ නෑ....

වස කන්න ගත්තට පස්සේ 1960 ඉදලා ලෝකේ වැඩියෙන්ම වස කන රට බවට පත්වෙලා තියෙනවා සාමාන්‍යයෙන් ලොකේ ඒකක 7 ක් වගේ තමයි වස කන්නේ ඒක පුද්ගල වස වාර්ෂික පරිබෝඡනය...වස දාන රටවල් උනත් අපේ රටේ 281 ක් ඒ කියන්නේ 7න් බෙදලා ගත්තොත් එහෙම විසි ගුණයක් තිස් ගුණයක් විතර වස කාලා තියෙනවා....නිර්දේශිත වස 4.5 k වාර්ෂික පරිබෝඡනය කරනව ලංකාවේ එක පුරවැසියෙක්...අපේ අරීය ගංගා රටාවක් තියෙන්නෙ එක කොටසකට වස ගැහුවාම හැමතැනටම යනවා...පුදුම උත්සහක් අපි ගන්නවා නකල්ස් බිමේ මේ කියන පොෂක ප්‍රදේශයට වස ගහන්නේ නැතුව වගා කරන්න ඒක කරන්නම බැරි දෙයක් විදිහට කෘෂිකර්මයේ සමහර නිළධාරීන් ඇවිල්ලා කියනවා ඒනිසා මහවැලි අමාත්‍යංශය එක්ක චමල් ඇමති තුමා එක්ක තියෙන මහවැලි අමාත්‍යංශය  එක්ක තමයි මේ වසගැසීම වලක්වන්න උත්සහ කරන්නේ...කොළඹ ඉන්න බොහෝදෙනා වතුර බොන්නේ මේ කැළණි ගඟෙන් වතුරේ වශබීජ නැති එක අපි කරගෙන යනවා...පිළිකාරෝහල් එකයි තිබ්බේ ලංකාවේ දැන් පළාත් රෝහල් තියෙනවා එතකොට පිළිකාරෝහල් දළවශයෙන් 10ක් තිබිලා පිළිකාරෝහලට ඉස්සර සතියකට එක රෝගියෙක් නැත්තම් දෙන්නෙක් ආපු රෝහල දවසකට දැන් 80 ක් ඉක්ව වූ සංඛ්‍යාවක් එනවා...

මේක රෝහලට දරන්නබෑ...දවසකට 38 දෙනෙක්ගේ මරණ සහතික ලියන එක පිළිකාරෝහලේ සිද්ද වෙනවා...මේ අනුව හැම ගෙදරක පිළිකාරෝගියෙක් ඉන්න තැනට  පත් වෙලා තියෙන බව පේනවා දත්ත පත්‍රිකා පදනම් කරගෙන...මේ සඳහා ක්‍රියාකිරීම සදහ ආහාර පනතක් ලංකාවේ තියෙනවා...මේ කියන පනත මේ විදිහටම කලානම් කෙසෙල් වලට අපේ ඇස්පනාපිටම වස ගහන එක කෙරෙන්නේ නෑ...ලංකාවට වස විස බිලියන 250 නිල වශයෙන් ගෙන්නන්නේ ඒක නතර වෙන්න ඕන බිලියන 250 ලබන වර්ෂයේදි 150- 100ට අඩුවෙන්න ඕන....එහේම වෙනනේ නෑ රටේ...කිරිපිටි ආනයනය සදහා බිලියන 500ක් වියදම් කරනවා රටේ ඒක නතර වෙන්නේ නෑ රටේ..මේ සියල්ලම සිද්ද වෙන්නේම මේ පනත් සියල්ලම තියෙද්දි...ක්‍රීඩා කරන දරුවො රටට අවශ්‍යයි මේ දරුවන්ටත් රුපියල් විසි පන්දාහේ තිස් දාහේ පිටි ටින් පොවනවා...

වාසනාවකට ක්‍රීඩා වෛද්‍ය විද්‍යාකරන කිසිදු වෛද්‍ය වරයෙක් ඒ ටින් එකක් ලියන්නේ නෑ...මේ දේවල් නතර කරන්න අපට සංවිධානයක් නැද්ද අපේ රටේ දේශපාලඥයෝ මොනවද කරන්නේ...බෝනොවෙන රෝග වලින් 75% ඉක්මවලා 80% ක් මැරෙනවා ඒ මැරෙන අයගෙනුත් හොයාගෙන තියෙනවා ගොඩාක් දෙනෙක් තමන්ට නියමිත මරණයට කලින් මැරෙන්නේ කියලා....පොල්තෙල් කියන එක විශ වෙන්න කලින් කලවම් කලා...ආසියානු පැසිපික් කලාප වල රටවල් වලට නිර්දේශිතව තියෙනවා පොල්තෙල් වලට කිසිදු ආකාරයකින් තහනම් බව විද්‍යාත්මක නිර්දේශ කරනවා...2003සහ 2016 ගහනව ගැසට් එකක් මගින් ලංකාවේ පොල්තෙල් කලවම් කිරීම නීතිගත කරනවා...මේ රටේ ඉන්නවනේ ජාත්‍යන්තර මතය ගෝලීය කරණයෙන්  නැතුව ජීවත් වෙන් බෑ කියන අය ඒ අය මේවනේ කියන්න ඕන...ඒනිසා සියලු දෙනාගේම අවංකභාවය පිළිබඳ ප්‍රශ්ණයක් තියෙනවා ඒ නිසා ක්‍රියා කලාපය මිසක් පුද්ගලයන් නෙවෙයි විවේචනය කල යුත්තේ..මේ ක්‍රියා කලාපය පැහැදිලිවම විවේචනය කල යුතුයි....පොල්තෙල් කලවම් කිරීමෙ ගැසට් එක අහොසි කරපු එක ලොකු දෙයක් අහෝසි කලා කියලා ඒක උදන්අනන්න දෙයක් නෙවෙයි ඊට පස්සේ තහවුරු කරන්න ඕන පොල්තෙල් පිළිබඳ වස විස නෑ කියලා...



එහෙම නැතුව මේවා දේශපාලන කාරණ නෙවෙයි මේක මේ රටේ මිනිසුන්ගේ ජීවිතයයි මරණයිය අතර තියෙන ප්‍රශ්නයක්...ඒ නිසා මේකාරණා සම්බන්ධයෙන් මැදිහත් විය යුතුමයි...ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පැහැදිලිවම සදහන් කරනවා පොල්තෙල් වල 75% කලවම් කියලා 2008 වර්ෂයේදී ඒ අයත් පිළිගන්නව මේ පොල්තෙල් කලවම් කරනබව...මේ R B D කියන්නෙ refining bleaching and deodorizing කියන තාක්ෂණය මේ තාක්ෂණය යටතේ සිදුවන්නේ..පොල්තෙල් කලවම් කරීම අනුමත කිරීමනිසා සිදු වෙලා තියෙන්නේ එළියට ගියහම වාහන වලින නිකුත් වෙන කළු තෙල් එක සුදු කරන්න පුළුවන් තාක්ෂණයක් මේ...මේ තාක්ෂණය සම්පූර්ණයෙන්ම පාවිච්චි කරන්නේ මිනිසුන්ව රකින්න නෙවෙයි විනාශ කරන්න...මෙ තුලින් මිදෙන්න ඕන අප සියලු දෙනාම එහෙමනම් RBD සම්බන්ධ නියාමනයක් ඕන...ඒ තාක්ෂණය භාවිතා කරන්නේ කෙහොද කියලා..විදේශිය කිරිපිටි සමාගම් කිරිපිටි නිකුත් කරන එක සම්පූර්න රසායනිකයක් බව අප කිව්වා...ලංකාවේ ෆාම් ඔයිල් තහනම් කරන්න ජනාධිපතිතුමා තීරණයක් ගත්තා...

කවුද ඇවිස්සිලා ඉන්නේ පාන් නිශ්පාදකයා මිනිස්සු හිතන් ඉන්නේ පාන් වලට දාලා තියෙන්නේ බටර් කියලා...සමහරු කතු වැකිලියලා තියෙනවා අපි පාන් නිශ්පාදිකයන් රැකගත යුතුයි කියලා ඒ නිසා ෆාම් ඔයිල් ගෙන්විය යුතුය කියලා කිව්වා...බිස්කට් කර්මාන්තය වැටෙනවනම් ඒ බිස්කට් වලත් තියෙන්නේ ෆාම් ඔයිල්... ෆාම් ඔයිල් නතර කරපුවාම වැටෙන ආයතන ලයිස්තුගත කලානම් කවුද ෆාම් ඔයිල් නිෂ්පානයට දැම්මේ කියලා හොයාගන්න පුළුවන්...කන්න දෙයක් නැතත් වසකන්න කියලා කියන්න පුළුවන්ද....කෘෂිකර්ම ආයතන කියන්නේ නිර්දේශ වස විස අමුතුම  ප්‍රශ්නයක් කියන්නේ...කෘෂිකර්මය දියුණු කරන්නේ නෑ වස චුට්ට්ක් දැම්මට කමක් නෑ අද හෙට මැරෙන්නේ නෑ හෙමින මැරෙන්නේ...අපට පැහැදිලි ආහාර සංස්කෘතියක් තිබ්බා ඒකට නැවත අනුගත වීම කියන්නේ ලැඡ්ඡ වෙන්න දෙයක් නෙවෙයි ක්‍රමවේදය අවුල් කරගන්න නෙවෙයි ක්‍රමවේදය සකසගන්න එකයි කරන්න ඕන....මේකට මොකක්ද විකල්පය වෙන්නේ...අපි පොල්තෙල් හිඳුමු මම සමාජ මාධ්‍ය වල දැක්කා මට බැනලා තියෙනවා...

මම පොල්තෙල් හිඳගන්න කිව්වාම ඒක ප්‍රායෝගික නෑ කිව්වා...මාස දෙකකට සැරයක් හැමොම ගමේ යනවා ඒ අය ගමේ ගිහින් හිංදගෙන එන්න...හෝ ගාලා මාධ්‍ය වල advertisement දානවා පොල්තෙල් වලින් මේ කර්මාන්ත කරන අය මේ වෙනකල් කරපු වැරදි වැඩ නිසා දැන් දැන්වීම් දානවා...මේකෙන් තව ටික දවසකින් අපේ විද්වතුන්ට සල්ලි ලොකු ප්‍රමාණයක් වියදම් කරයි මේක හොදයි කියන්න කියලා...පොල්තෙල් මොලක් තමන්ට තියෙනවනම් බද්දෙනුත් නිදහස්...පොල්තෙල් නිපදවන්න ඕන පේනන එළියට ඒ ටික පිටරට යවන්න පුළුවන් ගානක් එනවා එතකොට...අපි යොජනා කරනවා ආහාරය අපේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා ගිහිල්ලා ආහාරයේ sample අරගෙන ගිහින් මෙකෙ විෂ තියෙනව කියලා ඔප්පු කරන්න ඕන...සමහර test වලට මිලියන ගනන් යනවා ඒක නිසා අපේ තියෙන මූල දර්මය තමයි පාරිභොගිකයාට විකුණන කෙනා කියන්න ඕන මේ ආහාරයේ ශාක වැව්වේ කොහෙද කියන සියල්ලම කියන්න ඕන...අපේ රටෙන් ජපානෙට විකුණනවනම් මාළු ඒ මාළු අල්ලගත්ත තැන coordinate mapin එක දෙන්න අවශයයි එහාට ඒ වෙලාවේ බලනවා ඒ අය නැවක් තිබ්බද කියලා එච්චර බලලා තමයි ඒ අය ආහාර ගන්නේ...

ආහාර පිළිබඳව අධිකාරීත්වය දරන්නේ වෛද්‍යවරු ඒ නිසා අපට ඕන විදිහට තමයි ආහාර  නිෂ්පාදනය විය යුත්තේ....වස විසෙන් තොර කියනවනම් වස විසෙන් තොරමයි කරන්න ඕන...ආහාර පිළිබඳ ප්‍රමිතිය සම්බන්ධයෙන් අවසන් තීරකයා වෙච්ච සෞඛ්‍ය අමාත්‍යංශයේ  සෞඛ්‍ය බලධාරීන් සහ අපේ අධ්‍යක්ෂක ජෙනරාල් වරයා මිසක් ප්‍රමිති අයතනයෙ ඉන්න සභාපතිවරයා හෝ කවුරුවත් නෙවෙයි අපි අවසන් තීරකයා විය යුතුමයි ඒක වෙනකල්ම අපි කටයුතු කරනවා...ආහාර සම්බන්ධයෙන් වෙනම උසාවියක් තියෙන්න ඕන...commercial court කියලා වෙනම උසාවියක් තියෙනවා...ආහාර සම්බන්ධයෙන් ක්ෂණික තීරණ දෙන්න අවශ්‍යයි...

ඒ නිසා පැය 24 දුවන කාර්‍යක්ෂම උසාවියක් අවශ්‍යයි...පනත තිබිලා වැඩක් නෑ ආහාර නරක් උනාම ඒ කියන දත්තයන් අපට ඉදිරිපත් කරන්න බැරිවෙනවා...අපට හොදටම පේනවා ප්‍රමිති අයතන වගේ දේවල් කිරිපිටි ගැන අපි කතා කරන්නගියාම අපට අපට කිරිපිටි සමාගම් එක්ක කතා කරලා බේරගන්න පුළුවන් දැක්කම අනිත් එක හොදටම දන්නව අපේ අධ්‍යක්ෂක ජෙනරාල්වරු කිරිපිටි සමාගම් ගන්න කීපාරක් රට ගිහින් තියෙනවාද ඒ වා පාර්ලිමේන්තුවේ සභාගත වෙලා තියෙනවා..රාජ්‍ය සේවය කරනකනුයි රාජ්‍ය සේවයෙන් පස්සේ විශ්‍රාම ගන්නා අවුරුදු පහක් යනකල් කිසිදු රාජ්‍ය නිළධාරියෙක් මේ කියන කූටව්‍යාපාරික සමාගම් සමග සබධතා පැවැත්වීම ඔප්පු උනොත එහෙම නීතියෙන් දඬවම් කල යුතුයි කියන එකයි අපි මෙතනදි කියන්න තියෙන්නේ...සමහර සම්ගම් ඉන්නවා මේ කිරිපිටි සහ ආයතන වලින් අනුග්‍රහය ලබන මේක සම්පූර්ණ නීතියෙන් තහනම් කල යුතුයි...

අපි යෝජනාවක් කරන්න කැමති තමන්ගේ ගමේ නෑතිනම් හැම නිවසකම මුරුංගා ශාකයක් හිටවගන්න කියලා ...සෙක්කුවෙන් තෙල් හිදින එක කොච්චර සුන්දරද මම හිතන්නේ හැම ගමකම නැවත සෙක්කුවක් හදලා පොදුවේ මේව ඉස්සර පාවිව්චි කලා වගේ නිර්මාණය කරන්න ඇයි අපේ පොල් අමාත්‍යංශයට පටන් ගන්න බැරි එතකොට ඒ මිනිස්සු තමන්ගේ ස්ව ශක්තියෙන් නැගිටී...රට ගැන හිතනවන්ම දේශපාලනයේ පක්ෂ විපක්ෂ කියලා දෙකට බෙදෙන්න බෑනේ...