anuruddha-padeniya-speaks

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා  මාධ්‍ය හමුවකදී  මතුකළ ප්‍රශ්න වලට ලබාදුන් පිළිතුරු පහත පරිදිය.



වෛද්‍යතුමනි දැන් ඔබ මෙලෙස සඳහන් කරාට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය කිව්වේ මේ corona වසංගතයෙන් ගැලවීමට නම් වෛද්‍ය විද්‍යාත්මකව තමයි කළ යුතු පිළියම් කරන්න ඕනේ. මිත්‍යාව පස්සෙ දුවන්න එපා අධ්‍යාත්මික දේකින් මේකෙ කරන්න බැහැයි කියන මතය තමයි ඔවුන් කියන්නේ. මේ දෙක අතරත් පොඩි ගැටුමක් තියෙනවා. මේක ඔබට පැහැදිලි කරන්න පුලුවන්ද?


විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ කවුද එහෙම කිව්වේ .මොකද මමත් විශේෂඥ වෛද්‍යවරයෙක්. කොරෝනා වෛරසය කියන එකට බටහිර වෛද්‍ය විද්‍යාවේ තියෙන ප්‍රතිකාරය මොකක්ද එතුමන්ලා කියන්නේ?  corona වයිරසය  සඳහා ඖෂධයක් නෑනෙ. පරීක්ෂණ මට්ටමේ තියෙන එන්නතක් දැනට පාවිච්චි වෙනවා .ඉතිං එතුමා අධ්‍යාත්මය සුදුසු නෑ කියන එක ,අද චීනය එංගලන්තය ඒ රටවල් වල පාසැල් වල අධ්‍යාත්මය කියන එක පැහැදිලිවම පාවිච්චි කරනවා මිනිස්සු සංසුන් කරන්නත් මිනිසුන්ගේ වෙන්නේ ගන්නත් කොරෝනා වෛරසය පැතිරීම අවම කරන්නත් ඒ වගේම තමයි ඒ තුළින් ප්‍රතිශක්තිකරණ ශක්තිමත් කිරීම යන ආරක්ෂාව සලසා දෙන්නත් කටයුතු කරනවා .මිත්‍යාව පස්සේ යන්න එපා කියන ඒක අපිත් කියනවා .හැබැයි එතුමන්ලා කියන මිථ්‍යා මොකක්ද කියලා අපි දන්නේ නෑ.


පහුගිය කාලේ කතාවට ලක් වුණා සෞඛ්‍ය වලට මේ දේශපාලනය මැදිහත් වෙන එක ගැන ඔබතුමා ඒක දකින්නෙ කොහොමද?

ලෝක සෞඛ්‍ය සංවිධානයේ තියෙනවා මූලික හරයක් healthing all policy's කියලා ඒ කියන්නේ සියලු ප්‍රතිපත්ති සම්පාදනයේදී සෞඛ්‍ය කියන කාරණය මූලික කොට සලකන්න කියලා තියෙනවා. දේශපාලනය කියන්නේ ,ප්‍රතිපත්ති සම්පාදනය කියන්නේ දෙකක්. හරි විදියට නම් දේශපාලනඥයො කරන්න ඕනේ ප්‍රතිපත්ති සම්පාදනය කරන එක තමයි .ලංකාවේ දේශපාලනඥයෝ ප්‍රතිපත්ති සම්පාදනය කරන්නේ නැති නිසායි දේශපාලනඥයෝ ගැන එච්චර පිළිගැනීමක් රටේ නැති වෙලා තියෙන්නෙ ඒකයි. නැත්නම් අපි රටේ යහපත ගැන හිතුවොත් එහෙම රටට යහපත ගෙන සියලු පුරවැසියන්ට සමානව සලකන ප්‍රතිපත්ති සම්පාදනය තමයි රටකට අවශ්‍ය වෙන්නේ .අපේ සෞඛ්‍ය කියන සේවාව කුමන ප්‍රතිපත්තියට වුනත් ෙමාන සම්පාදනයටත් එකතු විය යුතුයි.


ජාතික ආරක්ෂාව කියන එකේදී දැන් මේ කොරොනා තහවුරු කරල පෙන්නල දෙනවා ජාතික ආරක්ෂාව කියන එකත් සෞඛ්‍ය ප්‍රතිපත්තියෙන් බැහැර වෙලා කටයුතු කරන්න බැරි බව. ඒක නිසා දේශපාලනඥයෝ කියන එකයි දේශපාලනය කියන එකයි ප්රතිපත්ති සම්පාදනය කියන එකයි කරුණු තුනක් .සියලු ප්‍රතිපත්ති සම්පාදනයන් වලට සෞඛ්‍ය කියන අංගය විශේෂයෙන් සැලකිය යුතු එක ලෝකෙම පිළිගන්න මතයක්.





වෛද්‍යතුමනි මේ වෙද්දි දිනෙන් දින රොගීන් ප්‍රමාණය වැඩි වෙනවා අදට වඩා හෙට වැඩි. මරණ ප්‍රමාණය අදට වඩා හෙට වැඩි. රටේ ජනතාව විවිධ පුද්ගලයන් මේ රටේ සම්පූර්ණ lockdown කිරීමක් ගැන සඳහන් වෙනවා. මෙ නව සාමාන්‍යකරන තත්ත්වය යටතේ අපේ රට කොරෝනා වසංගත තත්ත්වයෙන් තවත් ඉන්දියාවක් ,තවත් බ්‍රසීලය, ඇමරිකාව නොවන බවට පත් කරගන්න හැකියාවක් තිබේ කියලා ඔබතුමා වෛද්‍යවරයෙක් හැටියට විශ්වාස කරනවද ?


වෛද්‍යවරුන් හැටියට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තමයි මේ වෙද්දි කොරෝනා මැඩලීම සදහා නිල වැඩපිළිවෙළක්  ඉදිරිපත් කරපු එකම කණ්ඩායම. ඒකට අපි කියලා තියෙන්නේ අපි තමයි කොරෝනා වෛරසය ආපු වෙලාවෙ අපි රජයට ඉල්ලීමක් කළා  රට සම්පූර්ණයෙන්ම lockdown කියන තත්ත්වයට ගෙනිහිල්ලා මේක පාලනය කරන්නේ කියලා කලින් කියලා ඊට පස්සේ එතනින් එලියට එන විදිය රට නැවත නව සාමාන්‍යකරණයට එළැඹීම ගැන කියලා තියනවා. ඒ දත්ත පත්‍රිකාව සහ යෝජිත උපක්‍රමය දැක්කොත් එහෙම පැහැදිලි වනවා යම්කිසි රෝගීන් යම්කිසි කලාපයක පැතිරෙනවා නම් ඒ පළාත කළමනාකරණය කිරීම සඳහා lockdown ඇතුළු අනෙකුත් ක්‍රමවේදයන් සංචරණ සීමා කරන්නේ කොහොමද කියලා පැහැදිලිව ඉදිරිපත් කරලා තියෙනවා.ඒ ක්‍රමවේදය තමයි දැනට ලංකාවේ ක්‍රියාත්මක වෙමින් යන්නේ .ඒ රෝගීන් අසුවෙන කලාපවල නිල දත්තවල පදනම් වෙලා ඒ කටයුත්ත කරන්නේ. ඒ සඳහා තමයි වසංගත රෝග ඒකකය කියන ඒකකය සෞඛ්‍ය අමාත්‍යංශ ඉන්නේ. ඒ අය තමයි ල දත්ත පත්‍රිකා එකතු කරන්නේ. ඒ රෝගීන් පිළිබඳ නිල දත්ත අනුව ඒ අය තමයි නිර්දේශ කරන්න අවශ්‍යය මොන කලාපයන්ද වහන්න කියලා. එතකොට විශාලම කලාප ප්‍රමාණයක් වහන්න වෙනවා නම් ඒ අය තමයි නිර්දේශ කළ යුත්තේ රටම lockdown  කළ යුතුද කියලා. ඒක දේශපාලන තීන්දුවක් හෝ විවිධ පුද්ගලයින් තමන්ගේ හැඟීම් මත පදනම් වෙලා සිදුකිරීමට නොකළ යුතු දෙයක් .


ඉතින් එතැනදී අපි මේ කොරෝනා කියන රෝගය කියන එක කළමනාකරණය කිරීමේදී මහජනතාවගේ එදිනෙදා ජීවිතයත්, ආර්ථික කටයුතු ,ඒදිනෙදා මුදල් උපයා ගැනීම කියන සියලු කාරණා මධ්‍යයේ එ අයගේ නිරෝගී කම සහ සෞඛ්‍යය තහවුරු කරන්නා වූ ආකාරයට තමයි ඒ යෝජනා මාලාව අපි ඉදිරිපත් කරලා තියෙන්නේ .එහෙම නැතුව සම්පූර්ණයෙන්ම කොරෝනා මර්දනය කියන කාරණය සඳහා එදිනෙදා ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල කිරීම කියන ඒකත් නෙමෙයි එදිනෙදා ජීවිත හැකි උපරිම ආකාරයෙන් අභියෝගාත්මකව කළමනාකරණය කරමින් රෝගයෙන් ආරක්ෂා වීම කියන ක්‍රමවේදය තමයි යෝජනා කරලා තියෙන්නේ. ඒ ක්‍රමවේදය අනුව තමයි ඒ රටේ lockdown වන කලාප තීරණය වෙන්නේ .දැනටත් lockdown වෙලා තියෙන්නෙ .වෙලා නෑ කියන්න බෑ .මුළු රටම lockdown කරනවද කියන තීරණය අපේ වසංගත රෝග ඒකකය දත්ත මත පදනම් වෙලා තමයි අපිට නිර්දේශ කරන්නට අවශ්‍ය. ඒ සඳහා ඉගෙනගත්ත පිරිස් එතන ඉන්නේ .ඉතින් විවිධ පාර්ශව විවිධ යෝජනා කිරීමේදී මේ කරුණු සලකා බලන්න සිද්ධ වෙනවා .එකක් තමයි මේ රෝගයේ මේ මාසේ ඇතිවෙලා තියෙන එකට ඔක්සිජන් පරිහරණය වැඩිය කියලා කතාවක් තියෙනවා ,ඒ වගේම තමයි තරුණ කොටස්වලට මේක වැළදීම වැඩිය කියලා කියනවා ඉතින් මේ පිළිබඳ නිල දත්ත ඉදිරිපත් කරන්න ඕනේ වසංගත රෝග විද්‍යා ඒකකය.



ඒ නිල දත්ත අනුව තමයි අප තීරණ ගත යුත්තේ .අපි රටට යෝජනා කළා වසංගත රෝග විද්‍යා ඒකකය මේ  වෙද්දි නිල වශයෙන් විශේෂඥ වෛද්‍යවරුන් දහදෙනකුත්, වැඩබලන විශේෂඥ වෛද්‍යවරුන් දාහතර දෙනකුත් ඇතුළු 24 දෙනෙක් එහි එහි විශේෂඥ වෛද්‍යවරු වැඩ කරනවා .ඒ වසංගත රෝග විද්‍යා ඒකක මේ කටයුතු සම්පූර්ණයෙන් බාර වෙන්නේ විශේෂඥ වෛද්‍යවරුන් දෙන්නෙක් විතර කට සීමා කරල තියෙනවා. අපි කියලා තියෙනවා සෞඛ්‍ය ලේකම්තුමාට අපි කිව්වා එක එක දිස්ත්‍රික්කයේ එක් එක විශේෂඥ වෛද්‍යවරයාට වශයෙන් බාර දුන්නොත් ඔබ ඉල්ලන ඒ කලාප වල තත්ත්වය පිළිබඳ මීට වඩා කාර්යක්ෂම තොරතුරු පද්ධතියක් මාධ්‍ය වලටත් මහජනතාවටත් ඒ තොරතුරු සම්පාදන මත lockdown කරන පිරිස් වලටත් ලබා ගැනීමේ අවකාශය ලැබෙනවා .මං ඒ හිතන්නේ තොරතුරු ලබා දීම යම්කිසි කාර්යක්ෂමතාව ගැටලුවක් නිසා තමයි විවිධ පුද්ගලයන් විවිධාකාර අදහස් පළ කිරීම මාධ්‍ය ඔස්සේ සිද්ධවෙන්නේ .ඒ මත තීරණ ගන්න බෑ .තීරණ ගත යුත්තේ නිල දත්ත මත කියන එකයි මෙතනදි කියන්න තියෙන්නෙ.



මීට අමතරව ඔක්සිජන් හිඟයක් පවතිනවා ද මේ වෙද්දි ?

ඔක්සිජන් හිඟයක් වෙන රටවල් වල පවතින අැති. නමුත් දැනට අපේ රටේ තවම ප්‍රශ්නයක් වෙලා නෑ .මොකද අපේ රටේ රෝගීන්ගෙන් විශාල ප්‍රමාණයක් ඇත්තටම රෝග ලක්ෂණ මතු වෙන්නේ නෑ. ඒ අය ඉන්න තැන්වල හිටියට ඔක්සිජන්ධාරීන් බවට පත්වෙලා නෑ .අනිත් එක මේ පවතින රස්නෙ වාතාවරණයත් මේකට බලපානවා වෙන්න පුළුවන් .එතකොට ඔක්සිජන් ධාරිතාවය වැඩියෙන් පරිහරණය කරන ප්‍රතිශතය කුමක්ද කියන එක අහන්න ඕනේ සංගත රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේන්. ඒ ප්‍රතිශතය වැඩ වීමට සරිලන ඔක්සිජන් ප්‍රමාණයක් දෙනවද කියන එක එහිදී සෞඛ්‍ය අමාත්‍යංශය නිල වශයෙන් නිකුත් කරලා තිබ්බේ අවශ්‍ය ඔක්සිජන් ධාරිතාව අපි තුළ දැනටත් තියෙනවා කියලා .හැබැයි ඉදිරියේදී වැඩි වෙයිද කියන එක පිළිබඳ ප්‍රාක්ෂේපන නිකුත් කරන්නත් ඕනේ වසංගත රෝග විද්‍යා ඒකකය විසින්මයි.



වෛද්‍යවරුන් විදියට රටපුරා ඔබතුමාන්ලගේ සංගමයේ වෛද්‍යවරුන් තමයි රට පුරා වැඩ කරන්නේ. ඒ ප්‍රදේශවල එහෙම හිඟයක් තියෙනවා කියලා ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කරනවා. එහෙම හිඟයක් ඔබතුමාලගේ සංගමයේ සාමාජිකයන් හරහා ඔබතුමාලට ලැබිලා තියෙනවද?

corona වයිරසයදී සමාජ මාධ්‍ය භාවිතා කරමින් විවිධාකාර ව්‍යාපාර සිද්ධ කරන බව ලෝකෙම බලාපොරොත්තු වෙච්ච දෙයක්. ඒක නිසා මේ මුහුණු ආවරණ විකිණීම ඇතුළු විවිධාකාරයේ ව්‍යාපාර බයකිරීම් විවිධාකාර ප්‍රවර්ධනයක් සිද්ධ වෙනවා. නමුත් නිල වශයෙන් ඔක්සිජන් අඩු වීමක් තියෙනවා නම් අපේ වෛද්‍ය සංගමය වෘත්තිය සංගමයක් වුනාට  අපි නිල ඒකකයක් බිහි කරලා තියනවා අපේ වෛද්‍යවරුන්ට සෘජුවම දැනුම් දෙන්න පුළුවන්. එහෙම ගැටලුවක් තියෙනවා නම් එතකොට ඒ ගැටළුවට අවශ්‍ය කරන ඔක්සිජන් විතරක් නෙමෙයි වෙනත් අවශ්‍ය දෙයක්  වෙන්න පුළුවන්, වෙනත් ඖෂධයක් වෙන්න පුළුවන් අපි අවශ්‍ය ලබාදීම කළමණාකරන පැය 24 පුරාම අපේ සංගමයත් සෞඛ්‍ය අමාත්‍යංශයට සමාන්තරව කරමින් සෞඛ්‍ය අමාත්‍යංශ ධාරිතාවයට අපි ඉහළම දායකත්වයක් දෙනවා.





ඒ වගේම තමයි අපේ වෛද්‍යවරු කොරොනා වලට  සම්බන්ධ නැති වෛද්‍යවරුන් මේ වෙනකොට යොමුකළ තියනවා corona වයිරසය ආවරණය කිරීම සඳහා කටයුතු කරන්න. ඒ වගේම තමයි දැනට සීමාවාසික පුහුණුවට යොමු වෙලා බලාපොරොත්තුවෙන් ඉන්න වෛද්‍යවරු ටිකත් ඉක්මනින්ම බඳවාගන්න කියලා අපි කියලා තියෙනවා. ඒ තුළින් වෛද්‍යවරුන්ගේ ධාරිතාවත් සේවාවේ ධාරිතාවත් අපි පවත්වාගෙන යනවා. ඒ වගේම තමයි දැනට රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැති පිරිස් වල ගෙදර සිට ඒ රෝගීන් බලා ගැනීමට හැකියාවක් ඇතැයි කියලා මහජන සෞඛ්‍ය නිලධාරීන් සහ ඒ කලාපයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ට නිර්ණය කළ හැකි නම් එවැනි පවුල් ගෙදර සිට එයට ප්‍රතිකාර කිරීමේ වැඩසටහනක් අපි රජයට යෝජනා කරලා තියෙනවා. ඒ තුළින් රෝග ලක්ෂණ නොමැති පිරිස් රෝහල්වල සේවාවට පවතින ධාරිතාවයට ප්‍රශ්නයක් වෙන එක අඩු කර ගැනීමේ වැඩපිළිවෙළ අපි රජයට යෝජනා කරල තියනවා.



pcr පරීක්ෂණ වැඩි කරන කොට, ඒන්නත් ලබා දෙන එකත් මේ දෙකම කරන්න වෙන්නේ එකම සෞඛ්‍ය කාර්යය මණ්ඩලයක්. මේ රජයේ කට්ටිය යෝජනා කරනවා හිටපු රජයට ඒගොල්ලොන්ගෙ කාලේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ කට්ටිය බඳවා ගත්තෙ නෑ පුහුණු කර නැති නිසා මේ ගැටලුව වෙන්නෙ කියලා. ඒ රජය කට්ටිය නම් මේ රජයට මේගොල්ලෝ කරන්නේ නැහැ කියලා මේක. ඇත්තටම සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයෙක් විදියට මේ කාර්යයන් දෙකම එක පිරිසකට කරන්න ගියාම ඇතිවෙලා තියෙන ගැටළුවට විසඳුම මොකක්ද?

අපේ කාර්යක්ෂමතාවය පැත්තේදී සුනාමිය වෙලාවෙදි ගත්තත් අපි විශේෂ යුද්ධය පවතින වෙලාවෙදි ගත්තත් අපි ධාරිතාවය කළමනාකරණය කර ගැනීමට දක්ෂ වුණා. ඒ නිසා මේ විවිධාකාර දේශපාලන මතිමතාන්තර ඒ අය  බෙදා හදා ගන්න වෙන්නැති පාර්ලිමේන්තුව කියන්නා වූ ආයතනය තුළ. අපි රෝගීන්ගේ පැත්තෙ ඉඳලා අවශ්‍ය කරන එන්නත් ලබා දීමත් ඒ වගේම අවශ්‍ය pcr  පරීක්ෂණ කිරීම සඳහා අවශ්‍ය කරන ධාරිතාවය වැඩි කිරීම සඳහා හැකි සෑම පියවරක්ම  ගනිමින් සිටිනවා.



ලෝකය පුරාම කොරෝනා වෛරසය පාලනය කිරීම දුප්පත් පෝසත් රටවල් සියල්ලට ම අභියෝගයක්. ඒ නිසා අපි ඒ අභියෝගය ජය ගනිමින් ඉන්නවා .අපිට දැනට සෞඛ්‍ය සේවයට එවැනි කරුණු සම්බන්ධයෙන් චෝදනා අඩුයි .ඒකට හේතුව අපේ වෛද්‍යවරුන් පැය 24 පුරාම තමන්ගේ ගෙදර යන්නේ නැතිව විශාල වශයෙන් මේ කාරණයට දායක වෙලා තියෙනවා. ඒ තුළින් අපේ රටේ මේ රටේ කිසිම පුරවැසියෙකුට මේ රෝගයෙන් අනතුරක් වෙන එක අවම කරගැනීම හැකි සියලු පියවර අපි ගනිමින් සිටින්නේ. අද උදේ මම ගත්තත් අපි දිනපතා රෝහල් වලට ගිහිල්ලා ඒ කටයුතු ටික හැකි උපරිම ආකාරයෙන් සම්බන්ධීකරණය කරමින් පවතිනවා.



වෛද්‍යතුමනි ධම්මික පැනය නිසා යම් කිසි ප්‍රශ්නයක් මතු වෙලා ද කියලා ඒ ගැනත් අහමින් ඇයි ආයුර්වේද ක්‍රමය මේ සඳහා මේ සඳහා උපයෝගී කර ගැනීමට නොහැකි?

ආයුර්වේදය හෝ වෙනත් දේශීය ක්‍රමයක් භාවිත කිරීම සම්බන්ධයෙන් කිසිදු විරුද්ධත්වයක් අපි මතු කරල නෑ. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ බටහිර වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ සෞඛ්‍ය ‍ අමාත්‍යාංශයේ ඒ දෙපාර්තමේන්තුවත් ඉන්නවා ඒ වෙග්ම තමයි ආයුර්වේද දෙපාර්තමේන්තුවත් ඉන්නවා. ඒ කටයුත්ත කළ යුත්තේ ආයුර්වේද දෙපාර්තමේන්තුව මිසක් අපේ දෙපාර්තමේන්තුව නෙමෙයි .ඒකට බාධාවක් පමණුවලා නැ. මම හිතන්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුවට තියන ගැටලුව තමයි ඒ අය ඒ ප්‍රතිකාර ක්‍රම සම්බන්ධ එකඟතාවයකට පත් වීමේදී එහි ගැටලු මතු වෙලා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ධම්මික පැණිය සම්බන්ධයෙන් දැනට අපේ විද්‍යාව පාවිච්චි කරලා කරපු විද්‍යා පර්ෙය්ෂණ වාර්තා ඉදිරිපත් වෙලා තියෙනවා. එහි සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අනුව කටයුතු කළාට ගැටලුවක් නෑ .නමුත් අපි අපේ වෛද්‍ය විද්‍යාව යටතේ කරන්නාවු ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුගත නිර්දේශ තමයි කරන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය තමයි වතුර හොඳින් පානය කිරීම ,ඒ වගේම ව්‍යායාම කිරීම ,ආගමික කටයුතුවල යෙදීම, නිවසේ කටයුතුවලට දායක වීම මෙවැනි කටයුතු සියල්ලක්ම නිර්දේශ කරල තියනවා ඒ තියෙන නිල පත්‍රිකාව හරහා.


 ඒ වගේම දුම්වැටි මද්‍යසාර වලින් වැළකී සිටීම මේ සියල්ලක්ම වැදගත් කාරණා. මම දැක්කා එක්තරා පාර්ලිමේන්තු මන්ත්‍රීනිය ජාතික ලැයිස්තුවෙන් ඇවිල්ල ඉවරවෙලා විශාල වශයෙන් මේ කොරෝනා පවතින අවස්ථාවකදී මේ මත්පැන් ශාලා රෑ එක වෙනකම්  වෙනකන් ඇරලා තියන්න කියලා කියනවා. මෙවැනි බොහොම අශීලාචාරකම නැත්නම් දුශ්චරිතය ප්‍රවර්ධනය කරන ආකාරයට ජාතික  ලයිස්තු මන්ත්‍රීවරු වැඩකරන ඉන්නවනම් අපි අද තීරණය කළා වෛද්‍ය සංගමය හැටියට එවැනි මහජන නියෝජිතයින් යැයි හඳුන්වන පිරිස් වලට විරුද්ධව අපිට පැමිණිලි කළ හැකි සහ කටයුතු කළ හැකි යම්කිසි ආයතන බිහි කිරීම සඳහා අතිගරු ජනාධිපති තුමාගෙන් සහ කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කරන්න අපි අද අපි තීරණය කළා.




එන්නත් ලබා ගත්ත අයටත් මේ වෙද්දි මේ රෝගය වැළඳිලා තියෙනවා එතකොට මේ එන්නතෙන් මොකක්ද බලාපොරොත්තු වෙන දේ?

මම කලිනුත් කිව්වා මේ එන්නත තවම පරීක්ෂණ මට්ටමින් තියෙන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආවරණය යටතේ තමයි මේ එන්නත ලෝකෙ පුරාම ලබාදෙන්නේ. එන්නතක් යම්කිසි පිරිසකට එනකොට  පියවර හතරක් යටතේ ඒ පරීක්ෂණයට භාජනය කළ යුතුයි .සාමාන්‍යයෙන් පලවෙනි පියවර ඉවර උනාට පස්සේ තමයි දෙවැනි පියවර පස්සේ තමයි, දෙවැනි පියවර බවර වුනාට පස්සේ තමයි තුන්වෙනි පියවර තුන්වෙනි පියවර, තුන්වෙනි පියවර බවර වුනාට පස්සේ තමයි  vaccine එක වාණිජ වශයෙන් නිෂ්පාදනය කරන්නේ. ඊට පස්සේ තමයි 4 වෙනි පියවරේ පරීක්ෂණ සිද්ධවෙන්නේ. නමුත් ඒ සඳහා සාමාන්‍යයෙන් මාස 18, 24 ක් වගේ කාලයක් යනවා. නමුත් මේ කොරෝනා වෛරස් ඒ සම්බන්ධයෙන් එන්නත මාස අටක් වැනි කෙටි කාලයක් තුල ඉතාමත් වේගයෙන් පරීක්ෂණවලට භාජනය වීම නිසා එහි කොයිතරම් දුරකට රෝගයට ප්‍රතිචාර දක්වනවද ,නැත්නම් මොකක්ද එහි ප්‍රයෝජනය රෝගය වළක්වන ද, සංකූලතා අඩු කරනවා ද කියන එක සම්බන්ධයෙන් තම පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ. ඒ නිසා එන්නත ලබා දුන් අයටත් ඒ සිද්ධ වෙච්ච දේ පිළිබඳ නිල වාර්තා ඉදිරිපත් කිරීම එන්නත් පිළිබඳ පර්යේෂණ කරන අයත් අපේ වසංගත රෝගය  ඒකකයත්, ලෝක සෞඛ්‍ය සංවිධානයත්  ඒ පිළිබඳව එහි ඇති ආරක්ෂාව පිළිබඳ ඉදිරියේ දී මේ තියෙන අත්දැකීම් එක්ක මත පල කරයි. ඒ පිළිබඳ මතයක් ඉදිරිපත් කිරීමට මම සුදුසු මට්ටමේ නැහැ.