asela-gunawardane-ananda-wijewicrema

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සහ අංගොඩ බෝවන රෝග විද්‍යා ආයතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය අනන්ද විජේවික්‍රම මහතා පසුගියදා හිරු ටීවී සලකුණ වැඩසටහනේදී දැක්වූ දහස් පහත පරිදිය.



විවිධ අය මේ ප්‍රශ්නය විග්‍රහ කරනවා එක එක අකාරයට.. මුලින්ම ඔබ දෙපළම කියන්න රටක් විදියට මේ මොහොතේ අපි පසු කරමින් සිටින කොවිඩ් කොයි වගේ අපහසු දුෂ්කර මොහොතක්ද?

මම හිතන්නේ අපි ඉතාමත් තීරණාත්මක තැනක ඉන්නේ.. දිනෙන් දින අපේ කෝවිඩ් අසාදිතයන් ගණන සිංහල අවුරුද්දෙන් පසුව වැඩි වී තිබෙනවා..ඒ වැඩිවීමේ ප්‍රවණතාවයක් එකක් තමයි අපි මේ රටක් වශයෙන් ඉන්නේ.. අපේ පළවැනි රෝගීයා ලංකාවේ වාර්තා වුනේ 2020 ජනවාරි මාසයේ විදේශ කාන්තාවක්...ශ්‍රි ලංකික රෝගියා වාර්තා වුනේ 2020 මාර්තු මාසයේ 11 වැනිදා..පළවැනි රුල්ල ජුලි මාසේ වෙද්දී අපිට නිමා කරන්න හැකියාව ලැබුනා... ජුලි සිට ඔක්තෝබර් දක්වා රෝගීන් වාර්තා නොවන කාලයකුත් තිබ්බා.. ඊටපස්සේ තමයි දෙවැනි රැල්ල brandix පොකුරෙන් වාර්තා වුනේ. ඉතිං මේ වගේම වැඩිවීමක් දැක්කා ජනවාරි මාසේ වෙනකොට..අපි දැඩි පරිශ්‍රමයකින් අලුත් අවුරුද්දට ප්‍රථම රෝගීන් 150 ත් 200ත් අතර ප්‍රමාණයට දෛනික රෝගීන්ව අඩු කරගත්තා..මම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් අනාන්ද වික්‍රම වෛද්‍යවරා ඇතුළු අපි සියලුදෙනාම මාර්තු මාසේ අග සිට සමහර නාලිකා වලට ගියා වැඩසටහන් වලට.. අපි කිව්වා සංහල හින්දු අලුත් අවුරුද්ද ඉස්සරහට පැමිණෙනවා.. හැබැයි කරුණාකරලා අලුත් අවුරුද්ද ගෙදර අයත් එක්ක පමණක් එකතුවෙලා සමරන්න කියලා. කාණ්ඩ එක්රැස් වෙනකොට මේක බෝවෙන රෝගයක්.. ඉතිං ඒ නිසා මේක පැතිරෙන්න තියන සම්භාවිතාව වැඩි.. මම හිතනවා ඒ කිව්ව දේට බහුතරක් අනුගත වෙන්න ඇති.. ඒත් සුලුතරයක් අනුගත වුණේ නැ. ඒ කාලේදීත් රෝගීන් වාර්තා වුණා. නැතුව නෙමෙයි.. අපි පළවැනි රැල්ලේ ඉඳලා දෙවැනි රැලල්ට එන්නේ එක මනුස්සයෙකුගෙන් තමයි ආවේ. ඒ ඇවිල්ලා තමයි මේ වගේ තත්ත්වයක් ආවේ..

නිල වශයෙන් ප්‍රකාශයක් අවශ්‍යයි සෞඛ්‍ය  සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හැටියට මේ මොකද්ද අපි පසුකරමින් ඉන්න කාලපරිච්ඡේදය?

මම හිතන්නේ දෙවැනි රැල්ල කියන එක නතර වුණේ නැනේ.. ඒකේ එන්න එන්න රෝගීන් වැඩිවෙලා තියනවා.. මෙතන වුනේ අලුත් අවුරුද්දෙන් පස්සේ නව ප්‍රභේදයක් ආපු එක තමයි.. ඒ ප්‍රභේදය බෝවන වේගය වැඩියි..


විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහත්මයා දැන් අපිට ඔබේ අදහස මේ ගැන කියන්න?
මම හිතන්නේ අපි මේ අවස්ථාවේ ඉන්නේ ඉතාම අවධානම් තත්ත්වයක..ඒ වගේම ඉතාම තීරණාත්මක තත්ත්වයක.. මේ අවස්ථාවේ අපි නිසි ආරක්ෂන ක්‍රියාමාර්ග අරගෙන පාලනය කරන්නට උපරිම දායකත්වය දුන්නේ නැත්තම් අපි ඉතාම බරපතළ තත්ත්වයකට යනවා.. පහුගිය දවස් පහ , හය තුළ එන්න එනන්ම රෝගීයෙන් වැඩි වශයෙන් වාර්තා වෙන්න ගත්තා.. මේක තවත් වැඩි වුනොත් රෝහල් පැත්තෙන් වේවා, ආර්ථීකමය වශයෙන් වේවා මේ හැම පැත්තකටම ඉතාමත් අපහසුකාරී තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා...

ඇතැම් අය අර්ථ දක්වලා තිබුනා අපි ඉන්න තැන ඉන්දියාවේ තත්ත්වයටත් වඩා බරපතළයි කියලා?
මම එහෙම හිතන්නනේ නැහැ.. ඉන්දියාව ඉතාම විශාල රටක්..ප්‍රාන්ත විදියට මේක වෙන්වෙලා තියෙන්නේ.. හැබැයි අපි ඉන්නේ අවධානම් තත්ත්වයක. දැනට පැතිරෙන වයිරස ප්‍රභේදය පහසුවෙන් පැතිරෙන එකක්. ඒ වගේම අපි දකිනවා මේ ප්‍රභේදයත් එක්ක පහුගිය අවස්ථාවල දැකක්ට වැඩිය තරුණ අය මේකට ගොදුරු වෙනවා... රෝග ලක්ෂණ තියෙන අය වැඩියි.. ඒ තත්ත්වය දිගටම ගියොත් මේ නිසාම රෝහලගත වෙන අය වැඩිවෙනවා.. මිය යන අය පවා වැඩිවෙන්න ඉඩ තියනවා...

අලුත් අවුරුදු සමයෙන් පස්සේ මේ වගේ අලුත් ප්‍රභේදයක් ලංකාවට ව්‍යාප්ත වෙන්න පුළුවන් කියලා ඔබ දැක්කද?
වෛරස කියන එක නිතරම වෙනස් වන දෙයක්.. අපි කිව්වට මේ එක ප්‍රභේදයක් තමයි තිබ්බේ කියලා ඒ ප්‍රභේදය තුළ පවා නිතර වෙනස්වීම් සිදුවෙනවා.. දැන් මේ තියන ප්‍රභේදය බ්‍රිතාන්‍යයේ වැඩිපුර පැතිරෙන ප්‍රභේදය කියලා හැඳින්වුවාට ඒක හඳුවන්නේ මුලින්ම ඒ ප්‍රභේදය බ්‍රිතාන්‍ය හොයා ගත්ත නිසා.. මෙක බ්‍රිතාන්‍යයෙන්ම අපිට අවාම කියන්නත් බැහැ.. ඒ ප්‍රභේද වෙනස වෙනත් රටවලත් ලෝකේ ඇති...එහෙම වයිරස් ප්‍රභේදය වෙනස් වන නිසා අපි වෛද්‍යවරු විදියට එක සිහා අපි බන්නේ මේ වෙනස් වීමත් එක්ක මේක අවධානම වැඩි වීමේ  තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියන එකයි.. එක හෙට අනිද්දා වෙද්දී වුනත් ලංකාවේ අලුත් වයිරස ප්‍රභේදයක් ඇති වෙන්න පුළුවන්..

මේ පහුගිය අවුරුදු එකහමාරට ආසන්න කාලය තුළ දකිනකොට අපි දැක්කා ලෝකේ වෙනත් රටවල මේ තත්ත්වය ඇති වෙනවා..එකෙන් ලංකාව වෙනස් වෙන්න කිසිම හේතුවක් නැ. මේක ගෝලීය වසංගතයක්. එ නිසා මේ වගේ තත්ත්වයක් ඇති වෙයි කියන අවදානම දැනගෙන හිටියා.. එ නිසා තමයි රෝගීන් අඩු වෙද්දීත් අපි ජනතාවට කිව්වේ උත්සව තියනන් එපා ,එකට ගැවසෙන්න එපා මේ ආරක්ෂණ ක්‍රියාමාර්ග දිගටම අනුගමනය කරන්න කියලා අපි හැම වේලාවේම කිව්වා..

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාලවරයා වශයෙන් නිරෝධායන පනතේ සමස්ත බලතල තියෙන්නේ ඔබතුමාට.. මේ බ්‍රිතාන්‍ය ප්‍රභේද පිළිබඳව දැනුවත් කිරීමක් නිල වශයෙන් කරාද?

නිල වශයෙන්  මේ දැනුවත් කිරීම කලේ මම හිතන්නේ දැන් සතියකට විතර ප්‍රථම තමයි..

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයම දක්වනවා මේ ප්‍රභේදය ගැන ඔවුන් දැන ගත්තේ නිල වශයෙන් කවදාද කියන එක.අප්‍රේල් 8 වැනිදා මේක සෞඛ්‍ය අංශයට ජයවර්ධන විශ්වවිද්‍යාලය දැනුම් දුන්නා නම් ආණුඩුවට තිබුනා නේද සෞඛ්‍ය අංශ වලට තිබුනා නේද කිසියම් සංචරණ සීමා අලුත් අවුරුද්ද තුළ පනවන්න?
මේකට නියම පිළිතුරු දෙයි නීලිකා මලවිය මහත්මිය හිටියානම්.. මෙතන කියන්නේ s drop එක කියලා. s drop එක කියන එක B117 කියන එක නෙමෙයි.. අපිට B117 කියන එක අපිට නිල වශයෙන් දැනුම් දුන්නේ අර මම කියපු දිනයේ.. මීට පස්සෙත් අපට s drop එක තියෙන රෝගීන් හමුබ වුණා.. අපි මේ ගන්න හැම සාම්පලයකම සාම්පල් කොටසක් යවනවා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට. ඊට කලින් යාපනයේ ලොකු outbreak එකක් ආවා.අපි සියලු දෙනාම  දන්නවා ඒ වෙද්දීත් ඉන්දියාවේ යම්කිසි ප්‍රමාණයකට මේ වෛරසය පැතිරෙමින් තිබ්බේ. යඒ නිසා යාපනයට එමේ ලොකු හැකියාවක් තිබුනා. අපි ඒ සාම්පලුත් ගෙනත් බැලුවා. ඒත් එකක්වත් අපිට හම්බ වුණේ නැ.

ඒ කියන්නේ  ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය B117  කියන එක පිළිබඳ ප්‍රභේදයක් තියනවා කියලා අප්‍රේල් 8 වැනිදා කිව්වේ නැ?
නැ.. එක මම කියන්න ඕනිනේ.මට . s drop එක ගැන කිව්වා.Sequence එක කරලා තමයි අපිට මේ B117 කියලා ගිය සතියේ කිව්වේ.. මෙතන ප්‍රභේදය මොකක් වුනත් මේ ප්‍රභේද බෝවීමේ ප්‍රවණතාව විඩියි.එ නිසයි අපි කියන්නේ හැමවේලාවේම අපි කියලා දීලා තියන සෞඛ්‍ය පුරුදු හතර පිළිපඳින්න කියලා..


ඔබේ පාලනයෙන් මේක ගිලිහිලා නේද තියෙන්නේ?
අපි මෙච්චර කාලයක් දැන් පළවැනි රැලල් තිබ්බා දෙවැනි රැල්ල තිබ්බා මම කිව්වා වගේ අලුත් අවුරුදු කාලෙත් මේ විදියටම ආවා..ඊටපස්සේ අයිත් අපි මේක පාලනය කරමින් ආවා.දැනටත් බැරිකමක් නැ...


නිරෝධායන නීති  ක්‍රියාත්මක කිරමේ නිසි බලධාරීයා වෙන්නෙ ඔබතුමානේ...  අලුත් අවුරුද්ද කියන්නේ සමාන්‍යයෙන් කට්ටිය එකතුවෙන කලබලකාරී කාලසීමාවක්.දැන් තියනවානේ සංචරණය කරන්න එපා,අඩුගානේ දිසිත්‍රික්කයෙන් එහට යන්න එපා ඓහම ඇතිද ඔභතුමාලා දැනුවත් කරා ජනතාව ඒ කාල සීමාවේ?

අද තියන තත්තත්වය ඇති වීමට හේතුව මේ වෛරස ප්‍රභේදය විතරක් නෙමෙයි.. ගිය අවුරුද්දේ ජුනි මාසයේ තත්ත්වය ගත්තොත් ලංකාවෙ හොඳ තත්ත්වයක හිටියා. නමුත් ඉතාලිය, එංගලන්තය වැනි රටවල ICU beds නැතුව මිනිස්සු මිය ගියා. ඒ වගේ දියිනුණු රටවල. ඒ මේ ප්‍රභේදය හින්දා නෙමෙයි. එත තමයි මේ වෛරසයේ හැටි. වෛරසය සම්බන්ධයෙන් ආරක්ෂණ ක්‍රියාමර්ග ගන්න ඕන මේ ප්‍රභේදය  නිසා නෙමෙයි. එ නිසයි සියලු ජනතා එකතුවෙන තැන් වලට නොයන්න කියන උපදෙස් දෙන්නේ.


බ්‍රිතාන්‍ය ප්‍රභේදයක් ගැන කතා කරනවා, ඩෙන්මාර්ක් ප්‍රභේදයක් ගැන කතා කරනවා, දකුණු අප්‍රිකානු ප්‍රභේදය ගැන කතා කරනවා, ඉන්දියානු ප්‍රභේදයක් ගැන කතා කරනවා. හැබැයි මේ ඔක්කොටම වඩා මේ අපේ රටේ තියන බ්‍රිතාන්‍ය B117 එක සීග්‍ර පැතිරිමක් තියනවානේ?

මේ සියල්ලටම වඩා නෙමෙයි.. දැන් ඉන්දියාවේ දැනට තියන ප්‍රභේදය මීට වඩා භායානක ප්‍රභේදයක්. අප්‍රේල් මුල වෙද්දී රටේම සමාන්‍ය මතය තමයි මේ කොවිඩ් වැඩිය නැහැ. හැදුනත් වැඩි ප්‍රශ්නයක් නැ වගේ කියලා සැහැල්ලුවට ගත්තා.. අපි සිගරට් බොන එකක් යනකොට දානවා දුම්පානය නිසා පිළිකා ඇතිවිය හැකියි. අපි කොයි වෙලවත් දැම්මේ නැනේ ජනතාව එක්රැස් වෙනකොට මෙවැනි හැසීරීම් නිසා කෙවිඩ් පැතිරිය හැකියි කියලා. මොකද ඒ කාලේ අපි එක හිතුවේ නැ.. දැන් අපි හිතනවා එහෙම.. ඇත්තටම එහෙම වුනා නම් මිනිස්සු හිතනවා නේද මේ ගැන...

රටේ කොවිඩ්  රෝගීන් අඩු වෙද්දී අපි රටක් විදියට අපිට සෞඛ්‍ය දේපාර්තමේන්තුවේ හැටියට මේ ලොක්ඩවුන් කරන එක තමයි මේකට තියන ලේසිම ක්‍රමය.. එතකොට අපි ටික විතරයි වැඩ කරන්නේ.. මම නිරෝධයන බලධාරීයා වශයෙන් වුනාට මෙතන තීනුදු තීරණ සමහරවිට රජයක් විදියට ගන්නවා.. අපි මේපාර ගත්තේ මේ රට යම්කිසි ප්‍රමාණයට ඇරලා වැඩකරමින් තමයි අපි මේ මර්දන කටයුතු කරමින් ගියේ.. ඒකේ අපි ප්‍රතිඵල දැක්කා අවුරුද්දට කලින් වැහුවට brandix පොකුරෙන් වාර්තා වෙන රෝගීන් ප්‍රමාණය 150කට විතර අඩු කරගන්න අපිට පුළුවන් වුනා.. ඒකේ ප්‍රතිඵලය තමයි අි මිනිස්සුන්ට දුන්නේ...අපි නොකියා කිව්වේ අපි මේ සිමා පනවලා නැහැ නමුත් මෙස් නීතිරිති අනුගමනය කරමින් සිංහල හින්දු අලුත් අවුරුද්ද සමර ගන්න..

ඔය කාලේ වෙද්දී අධ්‍යක්ෂ ජනරාල්තුමා PCR පරීක්ෂණ කීයක් කරාද?
එතකොට මම හිතන්නේ PCR පරීක්ෂණ  5000ක් 6000ක් වගේ තමයි කෙරුණේ.

දැන් අප්‍රේල් 10 වැනිදා PCR පරීක්ෂණ 8000යි කරලා තියෙන්නේ.ඒකේන් හොයාගෙන තියනවා රෝගීන් 412ක්. PCR පරීක්ෂණ අඩු කරපු නිසා ආණ්ඩුව කිව්වා හරි දැන් රෝගීන් අඩුයි. ඒ කියන්නේ කෘතිම රෝග පාලනයක් තමයි කරලා තියෙන්නේ..  ඇත්ත රෝගීන් සමාජයේ හිටියා කියන ප්‍රශ්නේ. අයි එහෙම PCR පරීක්ෂණ  අඩු කරේ? මොකද්ද හේතුව?
PCR පරීක්ෂණ කරන ක්‍රමවේද ගොඩක් තියෙනවා. එකක් තමයි රෝගීයෙක් හමුබ වුණාම අපි රෝගීයාගේ පළවැනි අශ්‍රිතයන්ගේ PCR පරීක්ෂණ කරනවා යම්කිසි කාල සීමාවක් ගියාට පස්සේ. ඊට අමතරව අපි දන්නවා රෝහල් වලට රෝගීන් එනවා. ඒ රෝගීන්ගෙන් අපි බාහිර රෝගී අංශයට එන රෝගීන්ගෙන් අපි අහඹු ලෙස තෝරා ගත්ත රෝගීන් 20ක් 30ක ප්‍රමාණයක දිනපතා අපි PCR පරීක්ෂණ කරනවා... surgery කරන්න එන රෝගීන්ගේ අපි අනිවාර්යෙන්ම PCR  හෝ රැපිඩ් අන්ටිජන් පරීක්ෂණයක් කරලා තමයි රෝහලට ඇතුලත් කරන්නේ.. ඔය කියන විදියට සමාජයේ ඔක තිබුනා නම් මේ OPD එකට එන රෝගීන්ගෙන් සහ රෝහල් වලට surgery කරන්න එන රෝගීන්ගෙන් මේ රෝගීන් මතු වෙන්න ඕනේ... දැන් එහෙම මතුවෙනවා.

දැන් PCR පරීක්ෂණ  කරලා අදාළ පුද්ගලයා ගෙදර යනවා. සමහරවිට පැය 72කට වැඩිය යනවා.. එතකොට ඔය test එකෙන් වැඩක් තියනවද?
PCR පරීක්ෂණ කරලා අපිට එන ඔක්කොම රෝගීන් රෝහල් වල තියාගන්න විදියක් නැ.. අපි කියන්නේ test එක කරලා ඉවර වෙලා ගිහින් ගෙදරට වෙලා ඉන්න. posstive වුනොත් ඒ අතරදී ගෙදර අය පළමු අශ්‍රිතපෙළ වෙනවා. නැතත්ම් වෙන්නේ මුළු සමාජයම PCR පරීක්ෂණ කරලා හොල්ලන්න හම්බ වෙන්නේ නැ.

යම් අධික්ෂණයක් යටතේ මේ දේ වෙනවාද?
ඔව්.අපි මේ මොන ප්‍රභේද ගැන කතා කරාත් මෙතන තියෙන්නේ ස්වයං හික්මීමක්.. අපි මේ මහජනතාවට චෝදනා කරනවා නෙමෙයි. අපි අඩුම ගානේ අද ඉඳලා මැයි මාසේ අන්තිම වෙනකන් මේ ස්වයං හික්මීම ඇති තර ගත්තොත් අපිට මේක මීට වැඩිය ගොඩක් ලස්සන තැනකට ගෙනියන්න පුළුවන්...මෙතන තියෙන්නේ අපේ චාර්යාවත් එක්ක ගැටිච්ච ප්‍රශ්නයක්. උදාහරණයක් විදියට මෙතුමාන්ලා IDH එකේ 100% රෝගීන් එක්ක වැඩ කරන්නේ.


දැනුත් සැලකිය යුතු ප්‍රමාණාත්මක ප්‍රමාණයකින් අඩු කරලා කියලා චෝදනාවක් තියනවා?
නැ.. මම හිතන්නේ අද 18 000 කට ආසන්න ප්‍රමාණයක් කරලා තියනවා.. මේක පෞද්ගලික අංශයෙනුත් කරනවා රජයෙනුත් කරනවා. රජයේ අපි සමාන්‍යෙයන් 13 000 ක් 14 000 ක් වෙන්න කරනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහත්මයා කියන්නේ SMS එකක් මාර්ගයෙන් දැනුම් දීලා තියනවා වහාමඅහඹු පීසීර් පරීක්ෂණ නවත්වන්න. ඇයි ඇතත්ටම අහඹු පරීක්ෂණ නවත්වන්න කිව්වේ?
මම නම් දන්න විදියට අපි කවදාවත් අහඹු පරීක්ෂණ නවත්වන්න කියලා නැ.

එතුමා එතන කියනවා අහඹූ පරීක්ෂණ නවත්වන්න කියලා තියනවා කියලා.ඇත්ත කියලා තියනවා. ඒ ප්‍රශ්නේ වුනේ එතුමා එකෙන් ගත්ත නිර්වචනය වැරදි. එතුමා ඊටපස්සේ කියනවා පරීක්ෂණ අඩු කරන්න එපා.අඩු කරලා නැ.. දැන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමා පැහැදිලි කරා පරීක්ෂණ සිදු කරන විදිය ගැන.අපි කිසිම රෝග ලක්ෂණයක් නැති අයගෙනුත් කොටස් තෝරගෙන අහඹු පරීක්ෂණ අරන් සිදුකරනවා. දැන් මට රෝගය වැළදුනා නම් මාත් එක්ක පහුගිය දවස් ටික ගැටිච්ච අයගේ පරීක්ෂණ කරනවා...අහඹු පරීක්ෂණයකින් අපි කරන්නේ කිසිම රෝග ලක්ෂණ නැති කොටසක් අරගෙන අහඹු පරීක්ෂණ කරන එක.ඒ තත්ත්වය වෙනස් කරා පහුගිය කාලය තුළ ඊටවඩා රෝගය පැතිරීමත් එක්ක ඉලක්කගතයක්. අහඹු පරීක්ෂණ වලට වඩා මේක එක එක ප්‍රදේශ අනුව targeted ඒවා කරන එක අවශ්‍යයි.

දැන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාටනේ කේන්ද්‍රීය බලය තියෙන්නේ. සම්බන්ධීකරණය පිළිබඳ ප්‍රශ්නයක් නැද්ද?දැන් ඔහු දන්නේ නැ මෙහෙම SMS එකක් ගිහින් තියනවා කියලා. අර PHI කියපු කතාව ඔබ දැනගෙන හිටියේ නැ නේද?
අපි කියනවා මොකක්හරි ප්‍රදේශයක අද හරි මෙතන කරන්න.

දැන් අර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අචාර්යවරයා ඔහු කිව්වේ සෞඛ්‍ය අංශය දැනුවත් කරා කියලා. දැන් ඇත්තටම ඔහු දැනුවත් කරන්න ඕනේ ඔබවනේ.. ඔබත් එක්ක් නෙමෙද මේ සම්බන්ධීකරණය වෙන්න ඕනේ?
අපිත් එක්ක් සම්බන්ධීකරණය තියනවා.. සෞඛ්‍ය දේපාර්තමේනතුව ගත්තාම මේකට අයත් වෙන එක එක කොටස් තියනවා.. වසංගත රෝග විද්‍යා අංශය එක කොටසක්. එතකොට පරීක්ෂණ කරන ඒවා අහඹු පරීක්ෂණ කරන ඒවා මේ ඔක්කොම වසංගත රෝග විද්‍යා අංශයට තමයි එන්නේ..අපි හැමෝම වසංගත රෝග විද්‍යා  අංශයත් එක්ක දිනපතාම සම්බන්ධීකරණය  කරනවා. දැන් මේ කොවිඩ් 19 වසංගතය සඳහා තීරණ ගනිද්දී අපි සියළු දෙනාම එකතු වෙලා එක තීරණයක් ගන්නේ. සමහර තොරතුරු අපිට හැමෝටම දෙන්න බැහැ. මේවා medical information.

ඒ ඔක්කොමත්හරි කේන්ද්‍රෙය් පරිපාලනයක් තියෙන්න ඕනි.අයාලයේ යන ගතියක් නැද්ද?
මම නම් හිතන්නේ නැ එහෙම අයාලයේ යන ගතියක්  තියනවා කියලා. මොන දේ කරත් අන්තිමට මම තමයි ඒ රේගුලාසි හෝ චක්‍රලේඛන පණ වන්නේ... තීරණ ගැනීමේ සෞඛ්‍ය අමාත්‍යාංශයත් අපේ කොවිඩ් මර්දන අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රමුඛව තියනවා බලකායක්. එකෙදීත් අපි තීරණ ගන්නවා. අපේ නිර්දේශ අපි ඉදිරිපත් කරනවා..

අපිට අනාන්ද විජේවික්‍රම වෛද්‍යතුමා විසඳගන්න කාරණා  කිහිපයක් තියෙනවා..දැන් මේකේ මුල් අවස්ථාවේදී කිව්වා මේ නව කොවිඩ් ප්‍රභේදය වාතයෙන් බෝවෙනවා කියන එක. මේක තහවුරු කරපු එකක්ද?

මීට කලින්  ගිය අවුරුද්දේ 2020 මැද බාගයේ විතර මේ පරීක්ෂණය කරේ එක restaurant එහෙක.
ඒ restaurant එකට ගිය කට්ටියකට covid රෝගය තියනවා කියලා හොයගත්තා. එතකොට එයාලා restaurant එකේ තැනින් තැන සාම්පල් අරගෙන බැලුවා මේ වෛයිරස් එක තියෙද කියලා. බලනකොට මේ අය හිටපු තැන වාඩි වුන තැන ගිය තැන් ඔක්කොම බැලුවාම මේ අය හිටපු තැනට වඩා මීටර් 10ක් 12ක් දුරින් තිබිච්ච තැනකත් මේ වෛයිරසය හම්බවුණා.. ඒ කාලේ පොඩි අන්දෝනයක් ඇති වුනා මේක මේ වාතය මඟින් පැතිරෙනවද කියන එක. පස්සේ මේ පැතිරීම නිරීක්ෂණය කරාම එහෙම හමු වුණාට වයිරසයේ කොටස් මේ පිළිබඳ වෙන රටවල පරීක්ෂණ කරද්දී ඒ විදඥයන්ට පෙනුනා මෙක එහෙම පැතිරීමක් නැ. මේක පැතිරෙන්නේ කෙළ බිඳිති මඟින්.  එතකොට බිඳිති පිට උනාම බිඳිති බරයි නේ එක  එතකොට පොළවට පතිත වෙනවා.

එතකොට අර රෙස්ටුරන්ට් එකෙන් හම්බුනානේ බිමින් නමුත් මෙතන දැන් තියෙන්නෙ තත්වෙ  වෙන පැත්තක්. උදාහරණයක් විදියට ගත්තොත් අපි පොඩි කාලේ  දන්නවනෙ ගස් පැල වෙන හැටි. සතුන් මාර්ගයෙන් පැලවෙන ඒව තියනවා. වාතේ හරහා පැලවෙන  දේවල් තියෙනවා.

එවගේ තමයි වෛරස තියෙනවා.  අපි  මුලදී දැනගෙන හිටියා මේ වෛරසය සමහර වෙලාවට වාතය හරහා පොඩි පොඩි තැන් වලට යන්න පුළුවන් යම්කිසි දුරක් යන්න පුළුවන්  කෙළ බිඳිති වල බර නිසා කියලා. සාමාන්‍යයෙන් දන්නවා මේක වැටෙන්නේ මීටරයක් දුර ඇතුළත පමණයි නමුත් ඒකෙන් බෝ වීමක් වෙන්නේ නෑ.   දැන් නමුත්  ඒ තත්ත්වෙමයි තියෙන්නේ වෙනස තියෙන්නේ වෛරසය පැතිරීමේ හැකියාව වැඩි.  ඉස්සෙල්ලා ඒ ප්‍රමාණය මදි රෝගය පැතිරෙන්න. ඒත් දැන් ඇති.

ඒත් ඒ ප්‍රභේද ස්වරූපය ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොහෙවත් කියල නෑනේ මේක වාතය තුලින් බෝ වෙනවා කියලා ?

ඔව්. එතකොට  වාතය තුලින් බෝ වෙනවා කියලා නිර්වචනයට මේක අයිති වෙන්නේ නැහැ ඇත්තටම වෙන්නේ සංවෘත පරිසරයක වායුසමීකරණය කරපු වගේ පරිසරයක මේක වාතය තුලින් පොළොවට පතිත නොවී ඒවා වැඩි වේලාවක් තිබීම.

ඇතැම් වෘත්තිය සමිති කිව්වා වාතය තුලින් බෝ වෙනවා කියන කතාව බොරුවක් කියලා අදහසක් තියෙනවා මිනිස්සුම බය කරන්න මේක කිව්වද කියලා ජනතාවට වැඩි ආරක්ෂිත භාවයක් ඇති කරන්න කිව්ව කියලා?

 ඇත්තටම මේ කිව්වේ මේ වයිරසේ ප්‍රභේදයක් එක්ක මේ වයිරස් එක ගැන කතා කරද්දි වෛද්‍යවරුන් එකක් මං කිව්වේ උදාහරණයක් ගත් විට අපි හැමෝම දන්නවා මඟුල් උත්සවයකට ගියාම යන කවුරුත් මාස්ක් දාගෙන යන්නේ .ඇතුලට ගියහම ඔක්කොම ගලවනවා. එතකොට අපි ඉන්නේ බොහෝ වෙලාවට වායුසමීකරණ ඇතුලෙ මෙතන සද්දෙත් එක්ක කෑගහනව. එතකොට කෙළ බිඳිති පිටවීම වැඩි අන්න ඒ වගේ පරිසරයක මේවා තියෙන වෙලාව වැඩියි එතකොට ඒක වාතය හරහා බෝවීමක් කියලා නෙමෙයි .එහෙම හඳුන්වන්න බැහැ. ඒ නිසා මේ වගේ පරිසරයක යනකොට පරිසරයක ඉන්නකොට හැමවිටම මේ මුහුණු ආවරණය පාවිච්චි කරන්න.

මේ වෛරසය ගොඩක් වෙලාවට විවිධ රෝග ලක්ෂණ පෙන්නනවා ලොකු වෙනස්වීම් තියෙනවනේ පැතිර යන ක්‍රමවේදයන් වලත් යම් යම් වෙනස්වීම් වෙන්න පුළුවන් ද?

 ඒක වෙනස් වෙනවා. වෛරස් ප්‍රභේදය  වෙනස් වෙන්නේ නැහැ.  පැතිරීමේ හැකියාව වැඩි වෙනවා. සාමාන්‍යයෙන් යම්කිසි සාන්ද්‍රණයක් ඕනි ශරීරයට ඇතුළු වී එක හැදෙන්න. දැන් තියෙන ප්‍රභේදය අඩු සාන්ද්‍රණයකින් හැදෙනවා

අපි දැන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ලඟට යමු. මොකක්ද සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ ආණ්ඩුවෙන් නිල මතය දැන් මේක පැතිරෙනවා සෞඛ්‍ය පද්ධතියක් ඇතුලේ සාමාන්‍යයෙන් රෝගීන් සියයක් දරාගන්න බැරි කමක් තියෙන අමාරු තත්ත්වයක තියන ඇතුලේ එක්දහස් නවසියක් අද හෙට දෙදහක් වෙන්න පුළුවන් ඒක දරා ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා මොකක්ද ආන්ඩුවේ තීරණය ආණ්ඩුව lockdown එකට යනවා කියන කතාව ලංකාව ඇතුළෙම සම්පූර්ණ එකට යනවා කියන තීරණය නැද්ද නැත්නම් කිසිසේත්ම lockdown එකට යන්නේ නැද්ද ?

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් මම කතා කරන්නේ මම කලින් පාර කිව්වා පළවෙනි රැල්ලේ දී අපි සම්පූර්ණ රටම lockdown එකට ගියා දෙවැනි රැල්ල පටන් ගත්ත කාලේ ඉඳන් මේ වෙනකන් සම්පූර්ණ රට lockdown කරේ නෑ කවදාවත්. හැබැයි අපේ රෝගීන් වාර්තා වන ප්‍රදේශ සංචරණ සීමාවලට පනවලා දැනටත් අපි ඒ මේකෙන් තමයි යන්නේ. තාම අපි රටම lockdown කරනවා කියන එක තාම හිතලා නැහැ

ඒ කියන්නේ රටම lockdown කරන්න තරම් අවශ්‍යතාවයක් නැද්ද ජනාධිපතිතුමා ඉන්නේ lockdown කරන්නෙ නෑ කියන තීරණය ද?

අපිට හෙට වෙනකොට මේ රෝගීන් වාර්තා වෙන ප්‍රමාණය වැඩි වෙනවා නම් ප්‍රදේශය අතර හරි පළාත් අතර හරි සංචරණ සීමාවන්  පනවන්න සිද්ධ වෙයි. අපි සියලුම වෛද්‍ය නිලධාරීන් දිස්ත්‍රික්  සේවා අධ්‍යක්ෂවරුන් අපි දැනුවත් කරලා තියෙනවා එතුමන්ලා හිතනවනම් සංචරණ සීමා දැන් මෙතනට පනවන්න ඕනේ කියලා හිතනවා නම් එතුමන්ලාට අපි අවස්ථාව දීලා තියෙනවා. හැබැයි ඒක අපි දැනුවත් කරන්න ඕනේ.

 නමුත් වෛද්‍යතුමනි ඒ ක්‍රමවත්ව සිදු නොවන අවස්ථා වාර්තා වෙනවා. එතනට එන්න කලින් ඔබ කියන්න දැන් පහුගිය දවසක උදෑසන පිළියන්දල පොලිස් බල ප්‍රදේශය මුළු පොලිස් බල ප්‍රදේශයම ග්‍රාම සේවා වසම් 55ක් විතර තියෙනවා lockdown කිරීමකට ලක් කළා. අයිත් හවස් වරුවේ  ඉවත් කරා. කවුද පිලියන්දල තීරණය ගත්තේ ?

ඒ ගැන තොරතුරු අපිට ලියුමක් එවල තියෙනවා.

 පිළියන්දල සහ කැස්බෑවේ lockdown කරන්නේ කියලා එතකොට ඔබ තීරණය ලබා දුන්ෙන් යුද හමුදාපතිවරයා හට. ග්‍රාම සේවා වසම් අටක් පමණක් හුදෙකලා කරනවා කියලා ඒ තීරණය දන්නෙත් නෑ ?

මම හිතන්නේ එතන ප්‍රාදේශීය වශයෙන් ඒගොල්ලො අරගෙන තමයි අපිට දැනුම් දීමක් කරලා ආයෙත් වාර්තා වන රෝගීන් වාර්තා වෙන තැන් බලලා තමයි කරලා තියෙන්නේ.

 ඒක පිළිගන්න පුළුවන් උත්තරයක්  නෙමෙයිනේ? පාන්දර හයට යුද හමුදාපතිවරයා lockdown කරනවා. ඒත් හවස පහට කොහොමද ඉවත් වෙන්නෙ ?

ඉවත් කරේ නැහැ ඇත්තටම ඒක ප්‍රාදේශීයව තිබූ රැස්වීමකින් තමයි සියලුම ප්‍රාදේශීය ලේකම් සෞඛ්‍ය නිලධාරීන් තමයි එහෙම තීරණයක් අරගෙන තියෙන්නේ.
 
දැන් කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තුමිය කියනවා පිළියන්දලට පනවපු සීමා ඉවත් කළේ මගේ දැනුවත් වීමකින් තොරව කියලා. දැන් මේකට දේශපාලන අධිකාරියට බරපතල චෝදනාවක් එල්ල වෙනවා. එතකොට ඔබ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විදිහට නිරෝධායන  පනත සමස්ත බලතල තියෙද්දි මේ පනතේ බලතල පාවිච්චි කරන්නේ  ඔබද නැත්නම් වෙන කෙනෙක්ද? දේශපාලන දැන් ඒ පළාතේ දේශපාලන අධිකාරිය ගාමිණී ලොකුගේ. කැස්බෑව සෞඛ්‍ය සේවා වෛද්‍ය නිලධාරිනිය කියනවා මගේ දැනුවත් වීමකින් තොරව තමයි පිළියන්දලට පනවපු සීමාවන් එදින රාත්‍රියේම අයින් කලා කියලා. එතකොට අසේල ගුණවර්ධන අධ්‍යක්ෂ ජනරාල්වරයා ද ගාමිණී ලොකුගේ ද මේ lockdown කිරීමේ තීරණය ගන්නේ?

 මම හිතන්නේ එතුමා එහෙම තීරණයක් ගත්තා නම් එක වැරදියි එක ඔහුට ඉවත් කරන්න අයිතියක් නැහැ. ඒ තීරණය ඉවත් කරනවා නම් ආපහු සැරයක් අපිව දැනුවත් කරන්න ඕනේ ඒක මම කියන්න ඕනේ.

ගාමිණි ලොකුගේ ඒකට මැදිහත් වූ බව පැහැදිලියිනේ. ඔබතුමා බලාගෙන සිටියන්නේ ඔහුගේ අදහස කිසිම වචනයක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ .අනික ඔහුගේ කාර්යාලයෙත් පිළිගන්නවා සේවකයෝ පස් දෙනෙක් හෝ සිවු දෙනෙක් ආසාදිතයි කියලා .ඔබ පිළිගන්නවද මේ ඇමතිවරයාගේ මැදිහත් වීම වැරදී කියලා?

ඔව් මම lockdown එක ඉවත් කරලා නෑ එතකොට මම හිතන්නේ නැ ඒක වෙන කාටවත් ඉවත් කරන්න පුළුවන් කියලා.



 ඔබ lockdown එකක් පනවනවා .lockdown එක ඉවත් කිරීමේ බලය තියෙන්නෙ නැවත හමුදාපතිවරයා ලිහිල් කරන්නෙත් ඔබේ නිර්දේශය මත නේද?

 අනිවාර්යෙන්ම

 ඒ කියන්නේ ඔබේ නිර්දේශයකින් තොරව තමයි පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ lockdown ඉවත් කළේ

 ඔව් අනිවාර්යෙන්ම


 ඊලග දවසේ කාර්යාලයට ගිය සැණින් ඒ ගැන සොයා බලන්නේ නැත්තෙ ඇයි?  ඔබගේ අනුදැනුමකින් තොරව ඉවත් කළේ කියලා තියෙනවා .පොලිස්පතිවරයාගේ බලතල ඇඳිරි නීතිය පැනවීමේ බල තියෙන්නෙ ඔබට නිරෝධායන පනත තුළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විදියට ඔබ අැයි ඒය ගැන සොයා බලන්නේ නැත්තෙ?

මේක ඇත්තටම වෙනම සිදුවීමක්. එකක් කරාට පස්සේ lockdown ඉවත් කරන්න පුළුවන් කමක් නෑ. lockdown ඉවත් කරේ නෑ කියලා මට නඩු දාපු තැනුත් තියෙනවා මම බලයෙ lockdown එක තියාගෙන හිටියා කියලා මේ පිළිබඳ ඇත්තටම සොයා බැලිය යුතුයි.

වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අපේ රටේ අයිසූයූ බෙඩ්ස්  සාමාන්‍ය කීයක් විතර තියෙනවාද ?

හත්සීයක් විතර තියෙනවා

දැන් අපිට එල්ල වන චෝදනාව තමයි බරපතළ විදියට රෝගීන් බරපතළ වීමේ ස්වභාවය වැඩි ඉස්සර රෝගීන් සියයට 50කට විතර රෝග ලක්ෂණ නෑ ඒත් දැන් වෙද්දි සියයට පනහකට විතර ඒ රෝග ලක්ෂණ එනවා එතකොට අපිට දැඩි සත්කාර ඒකක වල ප්‍රශ්නයක් ඇති වෙනවා නේ?

 ඉදිරියේදී පැහැදිලිවම ඒක ඇතිවීමේ අවදානම තියෙනවා ‘ඒ රෝගීන් සංඛ්‍යාව වැඩි වීමත් සමග සමහර විට රෝගීන් හුඟක් වැඩි වුනොත් රෝහල්වල ඉඩකඩ මදි වෙන්න පුළුවන් .


අයිසූයූ බෙඩ්ස්  සියල්ලම පිරිලද තියෙන්නේ සම්පූර්ණයෙන්ම මේ මොහොත වෙද්දි?

අයිසූයූ බෙඩ්ස් සියල්ලම පිරිලද තියෙන්නෙ කියන්න එහෙම මගෙ ළඟ තොරතුරු නැහැ

මාවනැල්ල රෝහලෙන් සිද්ධියක් වාර්තා වුණා දැඩිසත්කාර ඒකකය භාර වෛද්‍යවරයාගෙ සහෝදරටටත් ICU BED  එකක් හොයාගන්න බැරිවුණා කියලා එතැනදී ඔහු මියගියා කියලා. දැන් මේ තත්වෙට කොහොමද මුහුණ දෙන්නේ?

දැන් ඇත්තටම කෝවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා i.d.h. රෝහල වගේම විශේෂිත වූ රෝහල් සංඛ්‍යාවක් අපේ තියෙනවා. අයි ඩී එච් එක මුල්ලේරියාව, තෙල්දෙණිය, හෝමාගම ,වැලිකන්ද ඊළඟට ඉරණවිල කිළිනොච්චි වල රෝහලක් තියෙනවා. ඒ වගේ විශේෂිත වූ රෝහල් තියෙනවා. ඒවා කෝවිඩ් රෝගීන් පමණයි. එතකොට අනුරාධපුරේ මෙත්සිරි සෙවණ ඒ රෝහල් .ඒවායි අධි සත්කාර එකක තියෙනවා. ලෝකෙ කොහෙවත් ICU BED  එකක් කවදාවත් නිකන් නෑ. කෝවිඩ් නැති දවසටත්.  අපි මේකට ක්‍රමවේදයක් හදලා තියෙනවා නමුත් හදිස්සියෙවත් මාවනැල්ල හොස්පිටල් එකට ගේනකොට මාවනැල්ල අයි සී යු එකට මේ ලෙඩාව දාන්න බැරි නම් ඒතන ඉන්න ලෙඩෙක් අපි එතනින් අයින් කරන්න ඕනේ. එතන ඉන්න ලෙඩ්ඩු අයින් කරන්න බැරිනම් දාන්න විදියක් නැහැ. ඊළඟට ළඟම හොස්පිට්ල් එක තමයි කෑගල්ල ඒකත් full නම් අපිට ගන්න තැනක් නැහැ

හෙද නිලධාරීන්ගේ සංගමය චෝදනා කරලා තියෙනවා අයිසියු  එකට පුහුණු හෙදියන් සාමාන්‍යයෙන් පස්දෙනෙක් විතර ඕනේ දැන් ඉන්නේ තුන්දෙනයි හෝ දෙන්නයි එතකොට පුහුණු කාර්ය මණ්ඩලය එකපාර පුහුණු කරන්න බෑ වැඩ කරන්න පුහුණු වෙනම කාර්යමණ්ඩලයක් ඕනේ එතකොට ඒක කොහොමද කරන්නේ ?


මේක රටේ විශේෂ වූ අවස්ථාවක්.දැඩි සත්කාර ඒකක වලට අවශ්‍ය කාර්ය මණ්ඩලය, දැඩි සත්කාර ඒකක ඇඳන් , මේවා ඇති වීමේ අවදානමක්  වෛද්‍යවරු දැක්කා.  මෙතුමා දැක්කා. මං එක උදාහරණයක් කියන්නේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරු සංගමයේ විසින් මේ පිළිබඳ සකච්ඡා කරලා එතුමන්ට අපි දැනුම් දුන්නා ඕගොල්ලන්ට තමයි මේකට විසඳුමක් ගන්න පුළුවන් ඒ අය දැඩි සත්කාර එකක සම්බන්ධයෙන් කෙටි කරන ලද පුහුණුවක් සාමාන්‍යයෙන් මේකට හෙදියන්ට ලැබෙන්නේ මාස හයක පුහුණුවක් ඊට වඩා කෙටි කරලා පහුගිය කාලේ ලබා දුන්න සමහර රෝහල් වලට .මේ විදියට පුහුණු කරපු කොටසක් ඉන්නවා. ඒ අය අපි මේකත් එක්ක ප්‍රයෝජනයට ගන්නවා. දැඩි සත්කාර වල සේවය කරලා වෙන වාට්ටුවට ගිහින් තියන හෙදියන් ඉන්නවා වෛද්‍යවරු ඉන්නවා ඒ අය දැන් ආපහු දැඩි සත්කාර ඒකක වලට ආපහු ලබාගන්න ක්‍රියාමාර්ග අරගෙන යනවා හැබැයි සියලු දේ කරද්දි රෝගීන් සංඛ්‍යාව විශාල වශයෙන් වැඩි වුනොත් ප්‍රශ්නයක්.


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිතර අහන දෙයක් තියෙනවා ඔය සංකූලතා නැති රෝගීන් නිවෙස්වල තියාගෙන අනිකුත් රෝගීන්ට අනිකුත් සංකූලතා තියෙන රෝගීන් පමණක් රෝහල් ගත කරන්නේ කියලා ඉල්ලීම දැඩිව ඉදිරිපත් වෙනවානේ. ඊට අදාළ නිර්දේශ නිකුත් කළ යුත්තේ කොතැනද මේක නතර වෙලා තිබෙන්නේ කොතැනද ?

සමහර නිවෙස් තියනවා ඔය කියන Facilities  ඔක්කොම තියෙන නමුත්  ඒක පොදු තත්වයක් නෙමෙයි. ප්‍රායෝගිකව අමාරුයි කෙනෙක් අපි ගෙදර තිබ්බොත් ඒ මුළු පවුලටම හැදිල තමයි නතර වෙන්නේ. මම දකින ලෝකෙ එකම රට මේ විදියට රෝගීන් අරගෙන ගිහිල්ලා positive උනාට පස්සේ treatments center ඒකට දාලා මේ විදියට treatment කරන. ලෝකෙ කොහෙවත් මේ විදියට treatments ට කරන්නේ නැහැ. අනිත් එක නිරෝධායනයට මේ පිටරටින් එන ඔක්කොමලා නිරෝධායන අණ්ඩුවෙන් නිරෝධායන මධ්‍යස්ථාන ඇති කරලා ආණ්ඩුවෙන් කන්න බොන්න දීලා දවස් දාහතරක් එකේ තියලා ආණ්ඩුවේ සල්ලි වලින් pcr කරලා යවන එකම රට ලංකාව.



ඊට අමතරව නිරෝධායනය ජාවරමක් බවටත් පත් වෙලා තියෙනවා යම් හෝටල් ප්‍රමාණයක් තෝරගෙන එහෙම වැඩකුත් වෙනවා හැබැයි?

 ඒක නං ඇත්තටම මම නම් දන්නේ නැහැ කියන්න.


ඕස්ට්‍රේලියා වගේ රටක රෝගීන් දෙන්නෙක් හම්බුනොත් ඒ ප්‍  ප්‍රාන්තය lockdown කරනවා . සමහරු කියනවා එක ලෝකේ පිළිගත්ත සම්ප්‍රදායි නෙමෙයි කියලා.ඔබ හිතන්නේ lockdown කිරීමද trace isolate කිරීමද හරියන්නේ? ඔබතුමා හිතන්නේ මොකක්ද ?

මම මේ ප්‍රශ්න දිහා ප්‍රධාන වශයෙන් බලන්නේ වෛද්‍යවරයෙක් විදියට මේ ප්‍රශ්නෙදි ගන්න තීරණය වෛද්‍ය හෝ සෞඛ්‍ය  හේතු මත පමණක් නෙමේ රඳා පවතින්නේ ආර්ථිකමය හේතු , හුඟක් දේවල් තියෙනවා ඒ නිසා තමයි මේ සියලු දේවල් සලකා බලන්න ඕනේ මම හිතන විදියට මගේ අදහස නම් මෙතැනදී අපි උපරිම සංචරණ සීමාවන් පැනවිය යුතු වෙනවා .මම හිතනවා ඒක ආර්ථිකමය වශයෙන් වැදගත් ස්ථාන වල ක්‍රියාකාරීත්වය කරගෙන යන අතරේ අපිට මේ සංචරණය සීමා පනවන්න පුළුවන් කියලා.

වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඔබතුමා තමයි ලංකාවේ ඉතිහාසයේ පළමු කොවිඩ්  වැක්සින් එක ලබාගන්නේ ජනවාරි 29 . හරිනම් දැන් දෙවැනි වැක්සීන් එක අරගෙන තියෙන්න ඕන?

ඔව් මම  ගත්තා.

දැන් දොළොස් ලක්ෂ හැට හතර දහසක් ලංකාවට වැක්සින් එක ලැබුණා. astrazeneca එන්නත ලැබුණා.ලක්ෂ තුනක  ප්‍රමාණයක් තමයි  අපේ දැන් ඉතුරු වෙලා තියෙන්නේ. මේක තමයි සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ වලට දෙන්නෙ. පළවෙනි මාත්‍රාව ගත්ත නම ලක්ෂ ගානක් වන සාමාන්‍ය ජනතාවට මොකද්ද ඊට පස්සේ දෙන්නෙ එන්නත මාරු කරන්නත් බෑ එතකොට මොකද කරන්නේ?

මම හිතන්නේ අපි ඔක්කොම දීලා තිබුණේ එන්නත් නම ලක්ෂ ගානක් .එතකොට ඒකෙන් දැන් තුන් ලක්ෂ ගානක් කට තමයි  දෙවැනි මාත්‍රාව ලබා දෙන්නේ. සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ වලට එතකොට අපිට තව එන්නත් මාත්‍රා ලක්ෂ හයක්වත් අවම වශයෙන් අවශ්‍යයි අපි ලබා දුන් ජනතාවට එන්නත් ලබාදෙන්න එතකොට අපි ඇත්තටම ඉන්දියාවේ astrazeneca එන්නත නිපදවන  සීරම් ආයතනයෙන් තමයි මේක ගන්න අපි බලාපොරොත්තුවෙන් හිටියේ. නමුත් තව වෙනකම් අපිට  දිනයක් ගැන කිව්වේ නෑ.ඒ නිසා අපිට ඇත්තටම ඒක ගැන බලාපොරොත්තුවක් තියාගන්න බැහැ ..


වෙනත් රටවල් තියෙනවා මේ astrazeneca එන්නත ගෙනල්ලා ඒගොල්ලො තියාගෙන ඉන්නවා තොග වශයෙන්. එතකොට ඒගොල්ලෝ ගෙන වෙන  එන්නතත් ගහලා මේ astrazeneca එන්නත් ඒගොල්ලො ආයි සමහර රටවල් තියනවා ඉන්දියාවටම ලබා දෙනවා. දැන් අපි ඖෂධ නීතිගත සංස්ථාව ඔක්කොමල එකතුවෙලා මේ සියලුම සාකච්ඡා කරගෙන යනවා. පිට ඇත්තටම අවශ්‍ය වෙන්නේ එන්නත් ලක්ෂ 6  ගෙනාවොත් අපිට මේ second dos එක දෙන්න පුළුවන්.


රටවල් කිහිපයක් කියනවා මේ එන්නත හරි නෑ කියලා .මේක පාවිච්චි කරන්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප කරනවා.

ඔවුන් ඉන්දියාවට පටවලා යවන්න හදන්නේ .ඒවා අපි ගෙනල්ලා ගහලා හරි යනවද ?
ඒගොල්ලො පැටවීමක් නෙමෙයි කරන්නේ ඒගොල්ලො ඉන්දියාවටම පරිත්‍යාග කරනවා කියලා දාල තියෙන්නෙ. astrazeneca  එන්නත ඒහෙම ප්‍රතික්ෂේප වුණේ නැහැ. ගොඩක් රටවල මේ ඒන්නත ගහනවා ඒ රටවල් එකත් දැන් සාකච්ඡා වෙමින් යනවා.

ඒන්නත් නොලැබුණු රටවල් ඕනතරම් තියනවා .එතකොට අපිට තිබුණා නේද මේ guideline අනුව කටයුතු කරලා අපිට තිබුනනේ මේක දෙවැනි මාත්‍රාවට ඉතුරු කරගන්න?

සමහර රටවල් උදාහරණයක් විදියට එංගලන්තය තීරණය කළා දෙවැනි මාත්‍රාව දෙන්න කලින් පළවෙනි මාත්‍රාව හැකිතාක් දෙනකුට දෙනවා. ඒගොල්ලො astrazeneca එක දෙනකොට කලින් astrazeneca නිෂ්පාදනය කර වෙලාවේ තිබුණේ මේක සති හතරකින් වගේ දෙවෙනි ඩෝස් එක දෙනවා කියල. පලමු ඩෝස් එක වැඩි දෙනෙක්ට දෙන්න තීරණය කර නිසා ඉබේම දෙවැනි dos එක දෙන්න කාලය වැඩි වුණා. ඒ වැඩිවීම හැබැයි හොඳ දෙයක් වුණා. ඊට පස්සේ ඒගොල්ලෝ හොයා ගත්තා මේක සති 12න් දෙන එක වැඩිය හොඳයි කියලා .ඒක වුණේ මේක පළවැනි මාත්‍රාව හැකිතාක් දෙනකුට දෙන්න ගත්ත තීරණය නිසා. ඒකට හේතුව පළවෙනි මාත්‍රාවෙන් පවා කෙනකුට සැලකිය යුතු ප්‍රතිශක්තියක් ලැබෙනවා. රෝගී උනත් සංකූලතාවන් වළක්වා ගන්න පුළුවන් .අපිට මැරෙන සංඛ්‍යාව අඩු කරගන්න පුළුවන්.
 දැන් වෛද්‍ය සුදත් සමරවීර කියලා තියෙනවා වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානියා කියලා තියෙනවා WHO එක කියලා තියෙනවා කියලා දෙකම දෙන්න බැරි නම් අඩුම තරමේ එක හරි දෙන්න. එක්ක හරි වැඩි පිරිසකට දෙන්න එහෙනම් ඊළඟට ඔහු කියනවා පළවෙනි එක දීලා ආවෙ නැත්තං පළවෙනි එක නොසලකා හැරලා ආපහු දෙකක් දෙන්න. එතකොට මේවා රටේ සල්ලි මිනිස්සුන්ගෙ.

මේවා සුදත් සමරවීරගෙ ගෙදරින් ගෙන සල්ලි නෙමෙයි නේ. එතකොට මේවත් පදනම මොකක්ද? WHO එකෙන් කොහෙද මෙහෙම තියෙන්නෙ ?


ඒක WHO එකේ කොහෙද තියෙන්නෙ කියල මම දන්නෙ නැහැ හැබැයි ඒ ක්‍රමය තමයි මම කියපු ආකාරයට සමහර රටවල එංගලන්තය වගේ රටවල පවා භාවිතා කරලා තියෙන්නේ.
 
පළවෙනි ඩෝස් එක දීලා ප්‍රතිදේහ නිර්මාණය වීමේ ක්‍රියාවලිය second Dos එක නොලැබුණොත් නිසි පරිදි සිද්ධ නොවී තියෙන්න නැද්ද?

 නෑ එහෙම එකක් නැහැ

එහෙනම් සෙකන්ඩ් ඩොස් එක දෙන්නේ ඇයි ?
සාමන්යෙන් මේක සති දෙකක් තුනක් යනවා මේ ප්‍රතිදේහ හැදෙන්න. ප්‍රමාණවත් තරමට හැදෙන්.න ඊට පස්සේ මේ ප්‍රතිදේහ ඒක කාලයත් එක්ක ටික ටික අඩුවෙලා යනවා. සමාන්‍යයෙන් දැනට පරීක්ෂණ වලින් පෙන්නන විදිහට මාස හතරක පමණ කාලයක් හොඳ තත්වෙක මේ ප්‍රතිදේහ තියෙනවා. ඒ කියන්නෙ පලවෙනි Dos එක ගත්ත කෙනෙක්ටත් මේ රෝගයෙන් ආරක්ෂා වීමේ හැකියාව තියනවා මාස හතරක පමණ කාලයක් .

අපි උදාහරණයට ගමු පිටගැස්ම. පිටගැස්ම එන්නත ගත්තහම පිටගැස්ම එන්නත නැවතත් ලබා දෙනවා යම්කිසි කාලෙකට පස්සේ සාමාන්‍ය අවුරුදු 5කට පිටගැස්ම එන්නත ලබා ගත්ත කෙනෙක් අවුරුදු 5කට පස්සේ මොනවා හරි දෙයක් වුණත් ආපහු එන්නත ලබා දෙන්න ඕන .නමුත් අර අවුරුදු පහ ඇතුලත ඒ ආරක්ෂාව තියෙනවා .ඒ වගේ තමයි මේකත් මේකත් යම්කිසි කාලයක් තියනවා.

ඕක කලින්ම දොළොස් ලක්ෂ හැටහතරදහාට දුන්නනම් ‍ ප්‍රතිශක්තිය ඇති වෙලා නේ .දොළොස් ලක්ෂ හැට හතර දාහකට දුන්න කියල පැතිරීම අඩු වෙන්නේ නැහැ .ඇත්තටම වැක්සින් එකෙ  ප්‍රධානම කාරණය තමයි සංකූලතාවයන් ඇතිවීම අඩු කරන එක.

 ඔබතුමා හිතන්නේ මේ සාර්ථක කරගන්නනම් සමහරු කියනවා 18 වැඩි අයට දෙන්න ඕනි. මේ ඊයේ පෙරේදා ආචාර්ය සංජය පෙරේරා කියලා තිබුණා අවුරුදු පහෙන් උඩ හැම කෙනෙක්ටම දෙන්න කියලා. රටෙන් රටේ සීයට හැත්තෑවකට ගන්න ඕනි. මොකක්ද හරි නිශ්චිත අදහස ඔබ පිළිගන්න විදියට?

 පරීක්ෂණ කරලා තියෙන ඒවයින් පැහැදිලි වෙන්නේ සංකූලතාවයන් ඇතිවීම සංකූලතාවයන් ඇතිවීම සීයට පනහයක ආසන්න ප්‍රමාණයක් අඩු වෙනවා.



දැන් මොකද්ද තත්ත්වය සයිනෆාම් එන්නත පිළිබඳ දැන් මේක අනුමත කළේ නැහැ කියලා දෙන්නෙක් අයින් කරා කිව්වා ඖෂධ අධිකාරියෙන්. ඔබතුමත් කෙනෙක් හා වෛද්‍ය lak kumara මහතා. මොකක්ද එකේ තත්වෙ දැන් ඉවත් කරලා හරි මේක කරගන්න බැරි වුනාද?

 මාව ඉවත් කළේ නෑ මම ඉන්නවා . සයිනෆාම් එන්නත ලංකාව තුළ අපේ රට වැසියන්ට දෙන්න තාම අනුමැතිය ලැබිලා නැහැ ‘ඒක තමයි ඇත්තම කතාව.  

වයිරස ප්‍රභේද වෙනස් වෙනවා ඉක්මනින්. දැන් තියෙන අලුත් එකක්නෙ. ඒව අනුව එන්නත් වල බලපෑම කොහොමද අඩු වැඩි වෙනවා ද?

 අඩු වැඩි වෙන්න පුළුවන් දැනටමත් සමහර සැකයක් තියෙනවා කියලා ඒක තහවුරු කළ නැහැ  අපි දැක්කා ප්‍රකාශයක් හෙට වෙනකොට තරුණයෙක්ට ආසාදිත වෙලා මිය ගිහිල්ලා වෙන්න පුළුවන් කියලා  තරම්ම මේක ප්‍රභලයි කියලා මේක ස්වසන අපහසුතාවයකින් එනවා කියලා පුද්ගලයින්ට. යම්කිසි පුද්ගලයෙක්ට  කිසිම රෝග ලක්ෂණයකුත් නැහැ. කෙලින්ම එක නියුමෝනියාවට එනවා එතනින් පෙනහල්ලට බලපානවා. අවසානයේ මිය යනවා .තරුණයන්ට තමයි මේක ලොකුම අවදානම තියෙන්නේ මොකද මේකේ තත්ත්වය?

හොඳ ප්‍රශ්නයක් මේක වැරදි මතයක් මේක ගොඩක් අය පතුරන පටන් ගෙන තියෙනවා ඒත් එහෙම දවසින් මේක හැදිලා මැරෙන්නෙ නැහැ මේ රෝග ලක්ෂණ තියෙනවා මේ රෝගීන්ට බහුලව ඇතිවන රෝග ලක්ෂණ තමයි උණ, අැගපත වේදනාව ,කැස්ස සමහර අයට පාචන තත්වයන් තියනවා. මේවා බහුලව ඇතිවන රෝග ලක්ෂණ මේ රෝග ලක්ෂණ දවස් කිහිපයක් තියෙනවා .මම උදාහරණයක් කියන්නම් මගේ හිතවත් විශේෂඥ වෛද්‍යවරයෙක් කතා කරලා කිව්වා එයාගේ නෑ කෙනෙකුට මෙහෙම රෝග ලක්ෂණ තියෙනවා. ටෙලිෆෝන් එකෙන් කතා කරන කොට කතා කර ගන්න බැරි තරමට හතිය දැන් දවස් පහක් වෙනවා .එයා මේක මේවා කරල නෑ මම දන්නේ නෑ මොකක්ද කරන්නේ? වහාම රෝහලට එන ගෙන යන්න කියලා මම කිව්වා. රෝහලට ආවා හොඳටම හතිය. ICU එකට ගත්තා . එයා දවස් දෙකකින් මියගියා. එයා මේ ගෙදර හිටිය දවස් හතරක් පහක් මේ රෝග ලක්ෂණ තියාගෙන .ඒක තමයි ගැටලුව. සමහර වෙලාවට අපි දකිනවා මේ රෝග ලක්ෂණ තියාගෙන එක්කෝ මේ PCR  ගත්තම රෝහලකට දායි කියලා බයද මන්දා. එහෙම නැත්නම් මට හැදෙන්නෑ කියල අධි විශ්වාසකින් ඉන්නවද දන්නේ නැහැ සමහර වෙන්නේ නැහැ එන්නේ නැහැ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තුමා ඊළඟ ප්‍රශ්නේ අපිට ඇති වෙනවා නම් ඇතිවෙන්න පුළුවන් ඔක්සිජන් පිළිබඳ ප්‍රශ්නය දැන් ප්‍රධාන සමාගම් දෙක ඔක්සිජන් දෙනවා කියලා තියෙනවා . ඇත්තටම ඔක්සිජන් පිළිබඳ ප්‍රශ්නයක් ඇති වීමේ හැකියාව තියෙනවාද?

අපිට පද්ධතියකට දරාගන්න පුළුවන් සීමාවක් තියෙනවා .අපිට ධාරිතාවෙන් ඔබ්බට ගිහිල්ලා තියන්න පුළුවන්. ඒත් එතනින් එහාට ගියොත් අපිට දරාගන්න බැරි අවස්ථාවක් එනවා දැනට අපිට දෙකක් තියෙනවා mainly සප්ලයි කරන companies දෙකක් තියෙනවා. ඒ කර්මාන්තශාලා දෙකෙන්ම දැනට  දිනකට ලංකාවේ ඔක්සිජන් වලින් ගත්තොත් 25 ත් 30 ත් අතර ප්‍රමාණයක් තියෙනවා .ඒගොල්ලොන්ට හැකියාව තියෙනවා දැනට ලෝකෙ තියෙන කැපෑසිටි එක අනුව ඒගොල්ලන්ගෙ තියෙන capacity එක අනුව මේක 80 දක්වා ධාරිතාවෙන් නිෂ්පාදනය කරන්න.

 

අපිට තියන ගැටලුව තමයි අපි මේක තේරුම් ගන්න ඕනේ මේ කර්මාන්තශාලා වලින් එකක් කොළඹ තියෙනවා අනිත් එක කුරුණෑගල තියෙනවා එතකොට දැන් මේ ඔක්සිජන් මේ වගේ ඉඳලා ප්‍රවාහනය කරන්න ඕනේ. අපිට ටක් ගල උස්සන් යන්න ඔක්සිජන් හම්බෙන්නෙ නැහැ. හිතන්නකෝ අයි ඩී එච් tank එකක් තියෙනවා අයි ඩී එච් එකේ tank ඒක ගිහිල්ලා පුරවන්න ඕනි. පොඩි තැනක තියන හොස්පිට්ල් එහෙකට අපි ඒ cylindar එක අරගෙන යන්න යම්කිසි කාලසීමාවක් ගත වෙනවා. අපි හිතුවොත් හොස්පිට්ල් එක Jambo cylinders දහයක් තියෙනවා කියලා Jambo cylinder. Jambo cylinders දහයක් තියෙනවා නං හොස්පිට්ල් එකේ jambo cylinders තිහක් තියෙන්න ඕනි දහයක් එක වෙලාවේ පාවිච්චි වෙනවා දහයක් reserve එකේ තියනවා. දහයක් empty වෙලා තියෙනවා. සමාන්‍යයෙන් අපිට දැනට . Jambo cylinders තියෙනවා දහ දහස් පන්සියයක්.

ඔබ කියන Jambo cylinders කීදෙනෙක් උස්සගෙන යන්න ද කොහොමද මේක හැන්ඩ්ල් කරගන්නේ කොහොමද මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නෙ ?


මේකට ක්‍රම කිහිපයක් තියෙනවා .අපි මේක විශේෂඥ වෛද්‍යවරුන් එක්ක කතා කරා. එතකොට අපි දන්නවා රෝහල්වල පොඩි ඔක්සිජන්  තියෙන cylinder තියනවා. ආනන්ද විජේවික්‍රම වෛද්‍යතුමා කිව්වා වගේ රෝගීන් මුල් අවස්ථාවේදී මේකේ Jambo cylinders high flow ඔක්සිජන් දෙන්න ඕනේ නැහැ. තව පුළුවන් ක්‍රමයක් තියෙනවා ඊට වැඩි උනාම high flow  මැෂින්වලින් දෙන්න වෙනවා. අපිට හැම කෙනෙකුටම Jambo cylinders  වලින් ඔක්සිජන් දෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපේ තියන සම්පත් වලින් මේ දෙන ක්‍රමය බලන්න ඕනේ. අපි මේ සියල්ලම ඒ ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ට යවන්න බලාපොරොත්තු වෙනවා. අපිට මීට අමතරව අපිට තියෙනවා oxygen concentrator. ඒ කියන්නේ normal එයා අරගෙන තමයි හදලා දෙන්නේ

ananda wijewickrama වෛද්‍යතුමා ඔබතුමා මේ පිළිබඳව මොකද්ද තියෙන අදහස?

 මේක ඇත්තටම දැනට අධ්‍යක්ෂ ජනරාල් තුමා කිව්ව විදියට මේ ඔක්සිජන් අවශ්‍ය ප්‍රමාණයන් එක එක්කෙනාට වෙනස් වෙනවා. සමහර අයට මේ පොඩි සිලින්ඩරේ දෙන්න පුළුවන් හැබැයි ඒ දෙන කාලයක් එක් එක්කෙනාට වෙනස් වෙනවා .සමහර අයට මේක දවස් පහක් දෙන්න පුළුවන් .සමහර අයට සති දෙකක් දෙන්න වෙන්නත් පුළුවන්. මේ රෝගීන් වැඩි වීමත් එක්ක තියෙන ප්‍රමාණය අනිවාර්යෙන්ම එක් අවස්ථාවකදී සීමාවක් එන්න පුලුවන් මේ රෝගීන් සංඛ්‍යාව පාලනය නොවුණොත් ඒ නිසා අපි අත්‍යාංශයෙන් විවිධ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා .අලුතින් තියෙන සම්පත් තවත් හොඳින් කළමනාකරණය කර ගන්න ඔක්සිජන් සම්බන්ධයෙන් ප්‍රමාණවත්ම එක්තරා සීමාවකට පමණයි.

ananda wijewickrama වෛද්‍යතුමා ඔබට දළ වශයෙන් අදහසක් දෙන්න පුලුවන්ද දැන් දෛනිකව අපි ගමුකො දෙදාහක් විතර රෝගීන් ප්‍රමාණයක් දෛනිකව වාර්තා වෙනවා නේ.අපිට මේ වගේ රෝගීන්ගේ කොපමණ දවසක් දක්වා මේක  දරාගන්න පුළුවන් වෙයිද? දෙදහස  ආසන්න මට්ටමෙන් වාර්තාවෙන් වෙනවා නම් අපේ සෞඛ්‍ය පද්ධතියට කොයි තරම් කාලයක් දරාගන්න පුළුවන්ද?

 මං හිතනවා අපිට 2000 මට්ටමින් තියාගන්න පුළුවන් නං අපිට මේක දරාගන්න පුළුවන් මේක මාස ගානක් තියෙන කොට අනිකුත් ප්‍රශ්න ඇතිවෙනවා. ආර්ථිකමය ප්‍රශ්න වගේ දේවල් ඇතිවෙනව. එහෙම නැත්නම් 1000 -2000ප්‍රමාණයක් රෝගීන්  දිනකට වාර්තා වීම මම හිතන්නේ අපිට දරාගන්න පුළුවන් කියලා.  රෝගීන්ගෙන් සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ නැති අය යන්තම් රෝග ලක්ෂණ තියෙන අය සාමාන්‍යයෙන් වෙන ගැටලුවක් ආවෙ නැත්නම් දවස් 10කින් ඒගොල්ලො ඩිස්චාජ් කරනවා. එතකොට මේ සයිකල් එක දිගට යනවා .එතකොට මේක වැඩි වෙන්නේ නැතුව අපිට මේක අඩු මට්ටමින් තියාගන්න පුළුවන් නම් අපිට මේක කළමනාකරණය කරගන්න පුළුවන්. ඊට වඩා වැඩි වුනොත් වැඩිවීම අනුව යම්කිසි අවස්ථාවකට යන්න වෙනවා.