මහජන අයිතීන් සුරැකීමේ පදනමේ අසේල සම්පත් පළ කළ අදහස්දැක්වීමක් මේ සමග පළවේ.
මැරුණාට පස්සෙ දෙන්න තියා මැරෙන්න කලින් මිනිස්සුන්ට කීයක් හරි දෙන්න ක්‍රමයක් හදන්න ඕනේ .දැන් මේ මිනිස්සුන්ගේ ආදායමක් උපදින්නෙ කොහොමද .මේ වෙද්දි පොහොර නැති නිසා පහතරට ප්‍රදේශවල දලු ප්‍රමාණය අඩු වෙලා. ආර්ථිකය අඩු වෙලා තියෙනවා. විශේෂයෙන්ම තේ කර්මාන්ත ශාලාව ඒ මිනිස්සු ගත්ත ණය කපා ගන්න බැරුව ඉන්නෙ. ඒ ඒ හින්දා ආදායම අඩු වෙලා තියනව. අනෙක් පැත්තෙන් දෛනිකව සපත්තු මහන මනුස්සයගේ ඉඳලා ලොතරැයි බලන මනුස්සයා ඉඳලා හෝටල් ඉඳලා මේ සියලු කර්මාන්ත වල මේ වැඩකටයුතු ඇණහිටලා තියෙන්නෙ .කොහොමද ඉතින් ආදායමක් එන්නේ ?මැතිඇමතිවරුන්ට නම් මාසයේ අන්තිමේ පඩිය දෙනවා කිසිම ගැටලුවක් නෑ .මිනිස්සුන්ට කවුද ගෙනල්ලා දෙන්නෙ? එතකොට මේ ගොල්ලන්ට නීති දාන්න පුළුවන් මේගොල්ලන්ට කියන්න පුළුවන් 21 වහනවා බඩු රැස් කරගන්න කියලා. බඩු රැස්කරන්නන් මිනිස්සු කොහොමද ඒක කරන්නේ ? හොරකම් කරල ද ?
මේකෙන් වෙන්නේ ගෙවත්තෙ වත්තෙ තියෙන පොල් ගෙඩි ඉදල සම්පූර්ණ මේවයි සංඛ්‍යාලේඛන නැතිව ඇති මේ වෙද්දි ගම් මට්ටමින් සුවිශාල වශයෙන් මේ වටේ පිටේ තියෙන දේවල් අහිමි වෙනවා ඇති. මොකද මිනිස්සු දැඩි ආර්ථික අහේනියට ලක් වෙලා තියෙන්නෙ. මේක තමයි ඇත්ත .මේක බොරු නං ගෞරවනීය මාධ්‍යයත් එක්ක අපි කියන්නේ එන්න යන්න නිරෝධාන නීති ඒක්ක අපි ගෙවල් වලට ගිහිල්ලා විමසුම කොහොමද 21 රට වහනවා කොහොමද සූදානම්ද? බඩු මුට්ටු තියෙනවද බඩු මුට්ටු ගන්න සල්ලි තියනවද කොහොමද කියලා හරියට සුද්ද සිංහලෙන් අහගෙන එන්න පුළුවන්. මාත් එක්ක ආරාධනා කරනවා ලංකාවේ සියලුම මාධ්‍ය වලට.
මේ නිලධාරීන් ටයි දාගෙන AC කාමරවල ඉඳගෙන ඒගොල්ලො හරි .ඒගොල්ලොන්ට වෙලාවට වැටුප් ටික ලැබෙනවා. තෙල් ටික ගහනවා. ඒගොල්ලොන්ට සේරම තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නෑ .ඒගොල්ලො ගිහිල්ලා කඩේට ගිහිල්ලා බඩු ටික් ගන්නෙ නෑ .දැන් එලෝලු අරහෙ කුණුවෙලා දැන් එළවළු කිලෝ ඒක රුපියල් දෙසීයයි. පොල්තෙල් බෝතලේ 560. කිව්වේ මොකක්ද SLS එකේ සභාපති කිව්වේ මොකක්ද වස කෑවට කමක් නෑ කියනවා. දැන් පොල් තෙල් ගැන කතාවක්වත් නෑ. හැබැයි මිනිස්සු කනවා .මේ වෙද්දි වෙසක් එකට මේවා මේ සංඝයාවහන්සේලා මැදිහත් වෙලා ගෙනාපු ආණ්ඩු. අපේ හාමුදුරුවනේ වෙසක් එකට බලුප් වැලක් රුපියල් අටසීයක් වෙනවා. වෙසක් එකට මේ වෙද්දි ගෙනල්ලා තියෙනවා චීනෙන් එවලා තියෙන්නෙ. ම
ැටිපහන හදලා තියෙන්නේ ඉටි වලින් .ඒකෙ තියෙනවා පොඩි දැල්ලක් එකේ එල්ඊඩී බල්බ් එකක්. දුරට පේන්නෙ පොල්තෙල් පහන කියලා. ඉතින් ඒක රුපියල් අටසීයයි.
මේ රට 560 පොල්තෙල් බෝතලේ. මේ උතුම් බෞද්ධ රටේ වෙසක් පෝය කියන්නේ මේ බෞද්ධයාගේ තමන් අදහන ඉතාමත්ම භක්තිවන්ත මේ දාන, ශීල ,භාවනා දන්සල් දීලා තොරන් ගහලා කරන දෙයක්. ඒකෙදි අර පහන් පන්සල් වල විශේෂම විහාරස්ථානවල සම්පූර්ණ ආලෝකය සම්පූර්ණ වෙනසක් කළා නෑ. සංචරණ නීති වෙන්න පුළුවන්.ඒත් පහනක් පත්තු කරන්න වත් ගෙදර බුදු පහන තියා ගන්න විදිහක් නෑ පොල්තෙල් නෑ. ඒකත් අපි කොහොමද දන්නෙ කලින් කිව්ව විදියට පිළිකාකාරක ද නැද්ද කියලා. මම අභියෝග කරනවා මේ ගෙනාපු නීති වලට දැන් මේ අපි භාවිතා කරන පොල්තෙල් වල පිළිකා කාරක නෑ කියලා කවුරුහරි එකෙක් කියන්න බලන්න. මම අභියෝග කරනවා මම ආණ්ඩුවට. සෞඛ්‍ය බලධාරීන්ට ඕන කෙනෙකුට .හෙණ ගහන අපරාධ මේවා. මම පෙරේදා ගෙනාවා ගෙදර 560. කන්න බෑ කට කාරණවා.
ඒ නිසා තමයි මේ ආණ්ඩුවට ගන්න ගන්න පියවර ආපස්සට යන්නේ .වෙසක් පෝයට කොහොම වුණත් පහනක් පත්තු කරන්න ක්‍රමයක් තියෙන්න ඕනේ.අඩුම ගානෙ අර ප්‍රති අපනයනය කර පොල් තේ ටික අරගෙන වෙනම ඩයි එකක් දාලා පන්සල් වලට දුන්න නම් වෙසක් එකට පත්තු කරන්නේ කියලා මොන තරම් වටිනවද ? ඒක මුං වගේ මැති ඇමතිවරු ගොන් මුන්ට මොලයක් නැද්ද? අඩුම තරමේ හාමුදුරුවන්ට මොළයක් තිබ්බෙ නැද්ද? ඔය පොල් තෙල් ටික පන්සල් වලට දීලා මේ රටට මේ වෙලා තියෙන විපත්තියෙන් පහන් අසූහාරදාහක් පහන් පත්තු කරනවා උපන්දින වලටයි අරවයි මේවටයි. දැන් මේ වෙලාවේ බැරිද රටට මේ පත්වෙලා තියෙන ඉරණම සම්බන්ධව ලංකාව තුළ විහාරස්ථාන තියනවා. හැම පන්සලකම පහන් 84000 ක් පත්තු කරන්න තිබ්බා ෂෝක් එකට අර පොල් තෙල් ටික අරගෙන. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා 21 රට වහන්න කලින් මිනිසුන්ට රුපියල් පන්දහක් දෙන්න, දහදාහක් අර දෙන්න එතකොට මිනිස්සු තුන් වේල කාලා හරි ඉදීවි.
එහෙම නැතුව දරුවන් අඬද්දි පාරට බහිනකොට පොලිසිය ගිහිල්ලා උස්සලා නිරෝධායන නීති කියලා නඩු දාන්න හදන්න එපා . මේක නැහැයි කියනවා නම් මම මාධ්‍ය නොමඟ යවන නම් මාත් එක්ක යන්න ඒන්න 21 රට වහපු ගමන් මාත් එක්ක එන්න මීඩියා එක යමු බලන්න නිරෝධාන නීතිත් එක්ක අර තියෙන යුනිෆෝම් අනම්මනන් දාගෙන යන් කෝ බලන්න මාත් එක්ක ගෙවල් වල ගිහිල්ලා බලන්න. දරුවන්ගේ කොහොමද පුතේ උදේ පාන්දර චුං පාන් කෑවද ,බිස්කට් කෑවද, යෝගට් එකක් කෑවද ?අපි ගිහිල්ලා අහමු බලන්න දවසක. උදේ කෑවෙ මොනවද මාළු කෑල්ලක් කෑවද අහලාම බලමු. ඒ නිසා මොන දේ කරන්නත් කලින් මිනිස්සුන්ගෙ කුස පුරවලා ඉන්න. එක මැතිඇමතිවරුන්ට ප්‍රශ්නයක් නෑ මොකද එයාලට මාසික පඩිය හම්බෙනවා. කොන්ත්‍රාත්කාරයෝ ෆ්රිරිජ් එක ගෙනල්ල පුරවනවා. අවුලක් නෑ කිසිම ප්‍රශ්නයක් නෑ එයාලට .අපිට ප්‍රශ්නෙ. ඒ නිසා ඒ තීන්දු තීරණ ගන්න කලින් අපි ගැනත් හිතන්න කියන එක තමයි ඉල්ලන්න තියෙන්නේ .
මීට වඩා මේ මහ බැංකුවේ කඩන්කාරයා කියලා මරළතෝනි ගහලා නෑ මේ ආණ්ඩුව ආවේ. අද වෙනකම් පුළුවන් උනාද මේ මහ බැංකුවේ කඩපු කට්ටියගේ අඩුගානේ ඒගොල්ලන්ගෙ රඳවාගෙන තියෙන මුදල් ප්‍රමාණයක් අඩුම ගානේ මුදල් ප්‍රමාණයවත් ගනින්කෝ මේ කොවිඩ් මර්දන ක්‍රියාවලියට. ඒවා තමයි වැඩ. ඔය පාතාල නායකයන්ගේ එල්ටීටීඊය කාලෙ නැව් තිබුනලු ,රත්තරන් තිබුනලු කෝ ඒවා? ඒ සල්ලි ටික අරගන්න මේ වෙලාවේ රටේ මිනිස්සු මහ මං ඇද වැටිලා මැරෙන එක නවත්තන්න. මැති ඇමතිවරුන්ගේ පම්පෝරි කතා මේ මහින්ද මහත්තයට රැල්ලට අහු උන පාර්ලිමේන්තුවට පොල් කෝම්බ එල්ලලා මේ පොල් ටෝක් දෙනවා. ඒව හරියන්නෙ නෑ. දැනුමක් තියන විෂය පිළිබඳ දැනුමක් තියෙන ඒ මිනිස්සු ඇවිල්ලා ඒ වැඩපිළිවෙළ කරන්න ඕනේ .මේ පැණි පෙව්වා, අරවා කරා. දැන් හරිනෙ කට්ටියටම. දැන් මිනිස්සු ඇදන් වැටිලා මැරෙනවා. අපිට එලියට බහින්න විදියක් නෑ .අපි පාරට ෙනාබැස්සොත් අපේ දරුවා බඩගින්නේ. අපට කවුරුවත් ගෙවන්නේ නෑ.
අපි කිව්වා වහාම වෙලාවේ මේ බුද්ධපුත්රයෙනි ඔබ වහන්සේලාට මේ ආණ්ඩුව ගෙනාවේ. ඕගොල්ලන්ගේ තියෙන මුදල් ටික එලියට අරන් දෙන්න .ඕගොල්ලන්ගේ තියෙන නිරෝධායන මධ්‍යස්ථාන වලට පන්සල් වැල තියන අති නවීන සුඛෝපභෝගී මාලිගා තියෙනවා ඒව දෙන්න එහෙම කියලා අපි හාමුදුරුවන්ට ඉල්ලීමක් කළා. ඒකම තමයි ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමිය කිව්වේ ධනපතියන්ට උදව් කරන්න කියලා. ඒක හොඳ යෝජනාවක් .ඉතින් ඒක අරගෙන මේ වෙලාවේ ඇත්තටම පිහිට වෙන්න ඕනේ.දැන් මේ කොවිඩ් අරමුදල අරකයි මේකයි බලන්න අද මේ පෝට් සිටි පනත මේ සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවක් දීලා තියෙනවා මේ කරුණු කාරණා 25ට ආසන්න ප්‍රමාණයක් ආණ්ඩු ව්‍යවස්ථාවට පටහැනියි කියලා.
මේ රටේ මේ ඡන්දෙ දීපු මිනිසුන්ට මොනතරම් ලැජ්ජාවට පත් වෙන්න ඕනද මේ පාර්ලිමේන්තුවේ මේ ආණ්ඩුව නියෝජනය කරන මහත්තුරු මේ පනත දාලා. මූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවලා නෑනෙ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියෙව්වා නං ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව මේ වගේ වගන්ති දායිද අධිකරණයට. ඒ නිසා උත්තරීතර අධිකරණයට අපි දණ නමස්කාර කරනවා ගෞරව කරනවා අධිකරණයට මේ රටේ මිනිස්සුන්ගේ ප්රජාතන්ත්රවාදී අයිතිය ආරක්ෂා කිරීම සම්බන්ධව. ඔන්න ඔය දේශපාලනඥයන්ට තමන්ගේ සාක්කුවට වැටෙන සල්ලි අනුව මේ රටේ කොටස් කෑලි කෑලි වලට වඩා එහා ගිය මිනිසුන්ගේ අයිති ආරක්ෂා කරපු උත්තරීතර අධිකරණයට අපි අනිවාර්යෙන්ම සිරස නමනවා .අපි ලැජ්ජ වෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවලා නැති අය තමයි මේ සංශෝධන මේ අණපනත් මේ භූමිය තව කෙනකුට දෙන්න හදන්නේ. අඩුම ගානේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ දැනුමක් තියෙන කෙනෙක් නම් සංශෝධන හැදුවත් කමක් නෑ .එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දන්නෙත් නෑ එතකොට ඌ හදන ව්‍යවස්ථා ගැන දන්නෙත් නෑ. අපි ලැජ්ජ වෙනවා. ඒ නිසා අපි කියනවා ඉස්සෙල්ලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ විශාල දැනුම ලබා දෙන්න. මෙන්න මේක තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. එතකොට ඉදිරි කාලෙදි මේ ආයෝජන අරගෙන අරවා ගෙන්න මේවා ගේන්න කියලා හොඳ පනත් හදාවි. තුනෙන් දෙක කියන්නේ ඒක ගොඩක් හැදිලා තියෙන්නේ. අර මහා ඡන්ද ප්‍රමාණයක් දුන්නනේ මිනිස්සු. ඉතින් කරන්න දෙයක් නෑ.
0 Comments