ashan-chanuka-al-best

අනාගතයේ ජාත්‍යන්තර පරිගණක ක්‍රීඩා නිර්මාණකරුවකු වී මවුබිමට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලබාදීම ඉදිරි අනාගත බලාපොරොත්තුව යැයි මෙවර අපොස උසස් පෙළ විභාගයෙන් ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාවෙන් ලංකාවෙන්ම පළමු ස්ථානය ගත් කළුතර දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය ලබා ගත් හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය අශාන් චානුක පැවසීය.



හොරණ අධ්‍යාපන කලාපයට අයත් තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ විභාගයට ඉදිරිපත් වූ ලියනගේ අවික චානක සිසුවා මෙලෙස සමස්ත ලංකාවෙන් ප්‍රථම ස්ථානය ලබා ගනිමින් තම පාසලට මෙන්ම මුළුමහත් හොරණ කලාපයටම ද බස්නාහිර පළාතටද විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දී ඇත.තම විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳ අදහස් දැක්වූ අශාන් චානුක සිසුවා මෙසේද කීවේය.." ඇත්තටම මේ ජයග්‍රහණය ගැන මට පුදුම සතුටක් තිබෙන්නේ. මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ බණ්ඩාරගම වැල්මිල්ල ප්‍රාථමික විද්‍යාලයෙන්. එහිදී ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වෙලා නියමිත ලකුණු ප්‍රමාණය ගන්න බැරි වුණා. එහෙත් මම අධෛර්යවත් වුණේ නෑ. ඊළඟට බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වෙලා සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබුවා. ඉන් අනතුරුව එම විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනයේ නිරත වෙලා ඒ 9 ක් ලබා ගත්තා. ඊට පසුව ඉංජිනේරු තාක්ෂණවේදය හැදෑරීම සඳහා හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වුණා. මම පාසලේ දෙන වැඩ එදිනෙදා ම කළා. පාසල් පැවැත් වූ හැම දිනම මම පාසල් ගියා. මගේ පැමිණීම සියයට සීයයි. ඒ වගේම විශේෂයෙන්ම මම පාසලේ නව නිපැයුම්කරුවන්ගේ සංගමය නියෝජනය කරමින් ඒ වගේම තොරතුරු තාක්ෂණ තරග නියෝජනය කරමින් තරගවලට පවා සහභාගි වුණා.


 (අඟුරුවාතොට  මංගල එදිරිසිංහ)