වයස අවුරුදු 60 සහ ඊට ඉහළ පුද්ගලයන් වෙත ලබාදෙන AstraZeneca සහ Pfizer එන්නන්හි එක් මාත්‍රාවක 86.6%ක සාර්ථකත්වයක් පවතින බව දකුණු කොරියාවේ රෝග පාලනය සහ වළක්වා ගැනීමේ ඒජන්සිය පවසයි.
විද්‍යාගාරයක් නොරව සැබෑ ලොව සිදුකළ සමීක්ෂණයක ප්‍රතිඵල ඉදිරිපත් කරමින් එම ආයතනය මේ බව පවසා සිටියි. මෙම අධ්‍යයනයේ දත්තවලට අනුව Pfizer සමාගම සහ BioNTech සමාගම එක්ව නිපදවූ එන්නත තුළ පළමු වැනි මාත්‍රාව ලබා දී සති දෙකක් යනතුරු 89.7%ක සාර්තකත්වයක් පවතින බව සොයාගෙන තිබේ. එසේම AstraZeneca ඒනනත තුළ එම සාර්ථකත්වය 86කි.
දකුණු කොරියාව තුළ වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයන් ලක්ෂ 35ක් පිළිබඳව ලබාගත් දත්ත අනුව මෙම විශ්ලේෂණය සිදුකර තිබේ. පෙබරවාරි 28දා සිට අප්‍රේල් 26දා දක්වා මාස දෙකක කාලයක් තුළ මෙම අධ්‍යයනය සිදුකර ඇත. එහිදී AstraZeneca සහ Pfizer එන්නත්වල පළමු මාත්‍රාව ලබා දුන් 521,133දෙනෙකු පිළිබඳවද මෙහිදී අධ්‍යයනය කර තිබේ.
"මේ එන්නෙත් දෙකෙහිම පළමු වැනි මාත්‍රාව ලබාදීමෙන් අනතුරුව covid-19 වෛරසයට එරෙහිව ඉන් ඉහළ ආරක්ශාවක් ලබාදෙන බව පෙන්නුම් කර තිබෙනවා. ඒ වගේම ජනතාව සම්පුර්ණ ආරක්ෂාවක් ලබාගැනීමට නම් නියමිත කාලයේදී එහි දෙවැනි මාත්‍රාව ලබා ගැනීමත්, අනිවාර්යයි." එම ආයතනය පවසා සිටියි.
0 Comments