australia-border-closer

ඔස්ට්‍රේලියාව තුළ COVID-19 වසංගත තත්වය පාලනය සඳහා ක්‍රියාත්මක කර තිබෙන ජාත්‍යන්තර දේශසීමා වසා දැමීමේ තීරණය ලබන වසරේ මදක් වන තුරුම ක්‍රියාත්මක කිරිමට එරට බලධාරීන් තීරණය කර ඇතැයි වාර්තා වෙයි.  අද වනවිට එරට තුළ අලුතින් හමුවන COVID-19 ආසාදිතයන් අඩු වුවද ලොව අනෙක් රටවල ආසාදිතයන් වර්ධනය වීමේ ප්‍රවණතාවක්  පෙන්නුම් කිරීම මෙම තීරණයට හේතු වී තිබේ. කෙසේ වෙතත් මේ වනවිටත් ඔස්ට්‍රේලියානු දේශසීමා විවෘත කරන ලෙස ඔස්ට්‍රේලියානු අගමැති ස්කොටි

මොරිසන් ප්‍රමුඛ රජය වෙත ජාත්‍යන්තරනායකයන්ගෙන් දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බවත් පැවසෙයි. එවැනි විවෘත කිරීමක් හරහා එරට ජනතාවට යළිත් මවු රට ඒමට අවස්ථාව දෙන ලෙස ඔවුන් ඉල්ලා තිබේ. එහෙත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඔස්ට්‍රේලියානු රජය තවදුරත් දේශසීමා වසා තැබීමට හේතුව සිය ජනතාවගේ ආරක්ෂාව මූලික වී තිබීම බව සදහන් කර තිබේ.2020 මාර්තු මාසයේ සිටම ඔට්‍රේලියාව සියලුම ඔස්ට්‍රේලියානුවන් නොවන සහ එරට පදිංචිකරුවන් නොවන පුද්ගලයන් වෙත එරටට ඇතුළුවීම වළක්වමින් ජාත්‍යන්තර දේශසීමා වසා දැමීම සිදුවිය. එහෙත් පසුව සීමාසහිත ජාත්‍යන්තර සංචාරකයන් පිරිසක් වෙත සහ විදේශගතව ජීවත්වන එරට වැසියන් කිහිප දෙනෙකුට රටට ඇතුළුවීමට අවස්ථාව ලබාදී තිබුණි.