b.1.1.617-sri-lanka

ඉන්දියාවේ සීඝ්‍රයෙන් පැතිර යන B.1.617 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු පළමුවරට මෙරටින් හඳුනා ගත් බව සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.



විදෙස් රටක සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටින් පුද්ගලෙකුට සිදු කළ නියැදි පරීක්ෂාවක දී ඒ පුද්ගලයාට ඉන්දියාවේ සීඝ්‍රයෙන් පැතිර යන B.1.617 වෛරසය  ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසා සිටියේය.
ඔහු මින් පෙර කියා තිබුනේ ලංකාවේ තැන් කිහිපයක නියැදි පරීක්ෂාවෙන් දැනගත්තේ පැතිර යන ප්‍රභේදය  බ්‍රිතාන්‍ය B.1.1.7 බවකි.