baddegama-samitha-thera-no-more

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සහ දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ පූජ්‍ය බද්දේගම සමිත හිමි අපවත් වූහ. අපවත් වනවිට උන් වහන්සේ 69 වියෙහි පසු වූහ.



අද (30) අලුයම මාතර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ අපවත් වු බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

උන්වහන්සේ මීට දින කිහිපයකට පෙර කොවිඩ් ආසාදිතව ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර උන්වහන්සේ බරපතල නිව්මෝනියා තත්වයෙන් පෙලෙන බවත් දැඩි සත්කාර වාට්ටුවකට ඇතුලත් කර තිබූ බවත් රෝහල් ආරංචි මාර්ග දන්වා සිටින ලදි. නමුත් පසුව සුව අතට හැරුණ බැවින් රෝහලෙන් පිටත්කර ඇති අතර අනතුරුව විහාරස්ථානයට වැඩමකර සිටියදී
 යලිත් ස්වසන අපහසුතා හටගැනීම නිසා පුද්ගලික රෝහලකට ඇතුලත් කළ බව කියැවේ.අනතුරුව අද අලුයම අපවත් වී ඇත.
කොරෝනා රෝගයවැළඳී මියගිය අයෙකුගේ අවමගුල් චාරිත්‍ර සඳහා සහභාගි වීමෙන් පසු සමිත හිමියන් කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කළ බවට මින් ඉහත වාර්තාවී තිබුණි.