
COVID-19 වෛරසයට එරෙහිව රුසියාවේ නිෂ්පාදිත Sputnik-V එන්නත බංග්ලාදේශය වෙත ආනයනය කිරීම සහ එය භාවිත කිරීම සදහා අනුමැතිය ලබාදීමට බංග්ලාදේශ රජය තීරණය කර තිබේ. එරට ඖෂධ පාලනාධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් මහබුබුර් රහ්මාන් පසුගියදා මේ පිළිබඳව නිවේදනය සිදුකර ඇත.
බංග්ලාදේශය වෙත ඇණවුම් කර ඇති AstraZeneca එන්නතේ සැපයුම් පමාවීම හේතුවක් කරගනිමින් එරට බලධාරින් මෙම තීරණය ගෙන තිබේ.මෙතෙක් කලක් ඉන්දියාවේ නිපදවුණු AstraZeneca එන්නත් මාත්‍රා බංග්ලාදේශ ජනතාව වෙත ලබාදීම සිදුවීය. එහෙත්,ඉන්දියාව මේ වනවිට එම එන්නත් අපනයනය නවත්වා ඇති නිසා එන්නත් සැපයුමට බාධා පැමිණි වී තිබේ.මේ තත්වයත් සමග දැනට තමන් සතු AstraZeneca එක්නත් යොදාගනිමින් තවත් පිරිසකට පළමු වැනි එන්න මාත්‍රාව ලබාදීමේ කටයුතු පසුගිය සඳුදා සිට නැවැත්වීමටද බලධාරීන් පියවර ගෙන තිබුණි. මේ දක්වා බංගලාදේශයේ මිලියන හයකට ආසන්න පිරිසකට AstraZeneca එන්නත් පළමු වැනි මාත්‍රාව ලබාදී තිබේ.මේ අතර බංගලාදේශය තුළ පසුගිය අප්‍රේල් 14 සිට ක්‍රියාත්මක කෙරී ඇති ලොක්ඩවුන් සීමා තවත් සතියකට දිගු කිරීමටද බලධාරීන් තීරණය කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval