bentota-incident

රෝහල් ගත කළ පසු එදිනම මිය ගිය කාන්තාවකගේ මෘත දේහය දින හතරක් (04) ගත වනතුරුත් ඥාතීන්ට ලබා ගැනීමට නොහැකිව ඔවුන් අසරණ වූ පුවතක් බෙන්තොට යාත්‍රාමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

වසර කිහිපයක සිට හදවත් රෝගයකින් පීඩා විඳි බව කියන බෙන්තොට යාත්‍රාමුල්ල පදිංචි පස් දරු මවක වන එම්.පී. ලිසිනෝනා (74) මහත්මිය අප්‍රේල් 29 දින හදිසියේ අසනීප වී බෙන්තොට රෝහලට ත්‍රීවීල් රථයකින් ගෙන ගොස් ඇත. එහිදී රෝගියා පරීක්ෂා කළ වෛද්‍යවරු ඇය වහාම බලපිටිය මූලික රෝහලට මාරුකර යැවිය යුතු බවට නිගමනය කර තිබේ.


ඇය අනතුරුව බලපිටිය රෝහලට මාරුකර තිබේ.

මිය ගිය රෝගියාට පී.සී.ආර්. පරීක්ෂණයක් පැවැත්වූ අතර එහි වාර්තාව ලැබීමට දින කිහිපයක් ප්‍රමාද වීම නිසා මිය ගිය කතගේ මෘත දේහය නිදහස් කිරීමට ප්‍රමාද වූ බව ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශිකාවක් පැවසුවාය.

මියගිය සිය මවගේ දේහය රෝහලෙන් නිදහස් කර ගැනීමට පොලිස් නිලධාරියකුගේ සහාය අවශ්‍ය බැවින් තමා බෙන්තොට පොලිස් ස්ථානයට ගිය විට එහි සිටි පොලිස් නිලධාරීන්ගෙන් තමන්ට සහාය ලබා නොදුන් බව ද මිය ගිය කාන්තාවගේ පුත් එච්.ඒ. නාලක ප්‍රදීප් කුමාර මහතා අප සමග පැවසීය.
ඒ. ඒ.චම්පිකා - ඇල්පිටිය