මේවනවිට කොරෝනා ආසාදනය වී සුවය ලබමින් සිටින ජනප්‍රිය ගායක භාතිය ජයකොඩි මීට සති කිහිපයකට පෙර පෙනී සිටි සම්මුඛ සාකච්ඡාවක් මේ සමග පළවේ. (භාතියගේ රෝග තත්වය දැන් සුවදායි අතට හැරී ඇතැයි ඔහුගේ හිතවත් උමාරියා අද (18) සමාජ මාධ්‍ය වෙත දන්වා තිබුණි)
*ඔහුගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ...හැමදාම කියන නිර්වචන අටුවා ටීකා සේරම දාලා කොහොම කිව්වත් ඔහු මේ වෙනකොට අළුත් පරම්පරාව ගැන අරන් යන ගමන මේ විප්ලවීය වෙනස සංගීතය තුල අපට කතා කරන්න පුළුවන් දෙයක් ඉතුරු කරලා තියෙනවා ලංකාවේ කලාවට ලස්සනම ලස්සන ගීත ගොන්නක් දායාද කරපු අපූරු කලා කරුවන්ගෙන් කෙනෙක් අද අපිත් එක්ක ඉන්නේ මේ භාතිය ජයකොඩි...ආයුබෝවන්...භාතිය අපි මෙහෙම පටන් ගමු...කෝච් භාතියගේ භූමිකාව කොහොමද.....?
''කෝච් භාතියගේ භූමිකාව හරි සුන්දර භූමිකාවක් සහ යම්තාක් ප්‍රමාණයකින් අසීරු භූමිකාවක්...ඒකට හේතුවවෙන්නේ ඒ program එක දිහා බලන කට්ටිය ඉන්නවනේ...ඒ බලන මිනිස්සු interpret කරන්නේ decot කරන්නේ එයාලගේ කෝණයෙන් විතරයි...සමහක් වෙලාවට හරි අමාරුයි තරඟෙට ඉදිරිපත් වෙනකෙනාවත් තෘප්තිමත් කරලා,තරඟය නරඹන්නන්වත් තෘප්තිමත් කිරීම හරිම අමාරුයි...අපි ගොඩාක් වෙලාවට සංගීතයේ පිටින් පේන දේට වඩා අභ්‍යන්තරේ තියෙන දේ අපේ මානයට අසුකරගැනීමට අප tran කරලා තියෙනවා මේ අවුරුදඅ විසිගාන තුල....යම් දෙයක් දැක්ක පමණින නොව ඒකට සම්බන්ධ වෙච්ච අනු ශාකාත් ගොඩාක් තියෙනවනේ ඒකට ගොඩකම් tran කරගත්ත ඇහැක් කනක් සහ සිතුවිලි දාරාවක් තියෙද්දි සමහර වෙලාවට දෙන උත්තර හෝ ගන්න තීරණ සමහර වෙලාවට ප්‍රේක්ෂකයාට ශ්රාවකයාට හරි fanට තේරෙම් ගැනීමේ අපහසුතාවයක් තියෙනවා...එතකොට ඒ ගේ වෙලාවකදි එය වචන වලට පෙරලීම මගෙ ජීවිතේ වචන වලට පෙරලීම මට ලැබුන අමාරුම කාර්යක්....''
*දැන් මේ ඔබ ඉන්නකොට ඔබට තියෙන පුටුවේ දෙන්නෙක් ඉන්නවා භාතියයි,සංතුෂුයි...ඔය දෙන්නේ කාරණාවලදිත් ඔය දෙන්නා කොහේ හරි එකතුවෙන තැනක් තියෙනවනේ...මේකෙදි කොහොමද තීරණයක් ගන්නේ සමහර විට ඔයා කැමති කෙනාට සංතුෂ් අකමැති වෙන්න පුළුවන් කලාව කියන දේදි....කොහොමද ඒ තීරනේ ගන්නේ.....?
''අපි දෙන්න ඇවිල්ලි අහසයි පොළොවයි වගේ මිනිස්සු දෙන්නෙක්...අපි දෙන්නම පරස්පර අදහස් තියෙන දෙන්නෙක් බොහෝ වෙලාවට...හැබැයි අපි එක තැනකට එනවා සමහර අදහස් තියෙනවා ඒකමතික තීරණගන්න වෙන මොකද කාලය නෑනේ...එතකොට අපි කලින් agree වෙලා තියෙනවා team composition එක හදද්දී 50% ඔබේ තීරණය 50% මගේ තීරණය..ගොඩාක් වෙලාවට අපි දෙන්න එකට තමයි ගන්නේ මොකද මම දන්නවා 80%ක්ම එයා හිතන දේ මම හිතන දේ එකයි කියලා හැබැයි 20%ක් වගේ තියෙනවා එයා එයාට කැමති දේ කරන්න මම එයාට ඉඩ දෙනවා...මොකද BNS කියන්නෙ එයා...මං කරන දේටත් එයා ඉඩ දෙනවා මොකද BNS කියන්නේ ඒත් මම...එවැනි වෙලාවකට ඉතිං ඒවගෙත් අපි හැඩගැහෙනවා....''
*අපි ගොඩාක් වෙලාවට එකම මත තියෙන කට්ටියනේ මෙහෙම ඉන්නේ...හැබැයි ඔවුනුත් ටික දවසක් යනකොට විරසක වෙනවා...ප්‍රතිවිරුද්ධ මතවාදින් දෙදෙනෙක් හැබැයි ඔබ දෙදෙනාට බුද්ධිමය එකමුතුවක් තියෙනවා එක තැනකට එන්න පුළුවන්...උමාරියා එක්ක ඔබ වැඩ කරලා තියෙනවා නමුත් කසුන් කල්හාර කියන්නේ සංගීතයට කැමති පිරිසගේ හදාරන පිරිසකගේ අදහන චරිතයක් එතකොට ශෂිකා නිසංසලා හදවතේ ගායිකාව ඇය ඉන්නවා ලංකාවේ ඕනම පරාසයක...මොවුන්ව මෙතරම් කිට්ටුවෙන් ආශ්‍රය කරන්න ලැබෙන්නේ මේක හරහා...?
'' ඇත්තටම කසුන්ව මට මේකට හම්බුවෙන්නේ ඉස්කෝලෙදි හැබැයි ඔහු මට වඩා අවුරුදු 5ක් බාල ශිෂ්‍යයෙක්...මම ඉස්කොලෙන් OUT වෙනකොට කසුන් හිටියේ මම හිතන්නේ අට වසරේ...පස්සේ අවුරුදු 5කට විතර පස්සේ එයාව හම්බුවෙනවා මේ field එකේ...ඒ දවස්වල ඉදන්ම ඔහු සෑහෙන්න maturity එකක් තියන පුද්ගලයෙක්..කසුන්ව මම ඇසුරු කරන්නේ එච්චරයි...ඊට පස්සේ මට ශෂිකව ගොඩක් වෙලාවට හම්බුවෙනවා SHOW වලදි...එයා මට හලෝ අයියා කියනවා මම හලෝ කියනවා අපි යනවා...හැබැයි මෙතනදි හම්බුනාම අපට තේරිච්ච දෙයක් තමයි අපි පස් දෙනා පරස්පර ප්‍රබේද වල හෝ එකිනෙකට වෙනස් ප්රබේදවල ගීත ගායනා කරපු පිරිස් උනාට අපේ ඇතුලාන්තයේ තියෙන දේ එකමයි...කරන වැඩේ හරි හැබැයි අපි පස් දෙනාටම තියෙන දැක්ම පස් දෙනාටම තේරෙන විදිහ පස් දෙනාගෙම sense එක එකක්...හැබැයි ඒක කරන විදි වෙනස්...''
*මේ වැඩසටහනට එකතු වෙනවා භාතියගේ ආරාධනාව පිළිගෙන බොහොම දක්ෂ ගිටාර් වාදකයෙක්...මේ කියන චරිතය විදෙස්ගතව සිටින නිසා ලංකාවේ දැන් නෑ...එහෙනම් පිළිගන්න බොහොම දක්ෂ ගිටාර් වාදක නලින් සමන්....
''විදෙස්ගත වෙලා හිටියා ඔහු ආපහු මාස පහක් හයක් වෙනව ලංකාවට ඇවිල්ලා...ඔහු දැන් ඩුබායි වල සංගීත පාසලක ගිටාර් ගුරුවරයෙක් විදිහට තමයි හිටියේ ඔහු ලංකාවේ ඉන්න ගිටාර් වාදකයන් අතරින් ලංකාවේ ඉන්න අතිවිශිෂඨ ගිටාර් වාදකයෙක්...මෙයා ගැනකියනවනම් මෙයා ඉතාම විශිෂ්ඨ පුද්ගලයෙක් මට...BNS එක පටන් ගත්තට පස්සේ අපි දෙන්නත් එක්ක පළවෙනිම tours ගිහිල්ලා අපට ඒ කාලේ group එකක් නෑනේ...අපි කරන්නේ track එක play කරලා සිංදු කියනවා...track එක උඩින් මෙයත් ඇවිල්ලා ගහනවා ඊට පස්සේ ටිකක් කල් යනකොට තමයි නලින් තමයි අපට කියන්නේ අපි band එකක් හදමු කියලා...මට හිතුනා ඔහුට අද ආරාධනා කරන්න...''
*මොකක්ද මේ chill එකේ ඉන්නවා කියලා කියන්නේ මොකක්ද ඔය හිතන්නේ....?
''මගෙනම් chill එකේ ඉන්නවා කියන්නේ මොකක්වත් වැඩක් කරන්නේ නැතුව පොඩි කොට කලිසමකුත් ඇඳගෙන tv එක ඉස්සරහට වෙලා movie බලන එක...මට පුළුවන්නම් ඒ වෙලාවට ෆෝන් එකත් off කරන්න පුළුවන්නම් කරනවා...මම කවුරුත් කතා කරනවටවත් කැමති නෑ ඒ වෙලාවට...''
*ඇත්තටම ඉස්කෝලෙ යනකාලේ ගෑනු ළමයි කී දෙනෙක් එක්ක යාලුවෙලා හිටියද....?
''දැන් ඕවා අහන්නේ ඇයි....මම ඉතිං කොහොමත් හංගන්නේ නෑනේ...හර්ෂණී මගේ බිරිඳනේ එයා ඉස්කොලේ යන කාලේ නෙවෙයිනේ මම එයා එක්ක යාලු උනේ...ඉස්කෝලේ යන කාලේ එකක් දෙකක් වගේ තිබුණා...''
*ඔබ සාමාන්‍යයෙන් ආකර්ශණය වන්නේ කාන්තාවකගේ ආදරේ කරනවා වගේ මාතෘකාවකදී පෞරුෂත්වයටද නැතිනම් රූපයටද මොකක්ද...?
'' ඇත්තටම රූපයට වඩා ඔවුන්ගේ personality එකට තමයි ආකර්ෂනය වෙන්නේ...මම කියන්නේ සංතුෂ්ගෙයි මගෙයි තියෙන යාලුකමේදි මම ගත්තත් මම අනිකාට space දෙනවා සහ එක්කෙනාට එක්කෙනා ඇඟිලි ගහගන්නේ නෑ....මම ගොඩාක් වෙලාවට ආදර සම්බන්ධතා වලදි දැකලා තියෙනවා ගොඩක් වෙලාවට මෙයා මගේ කියන්න හදනවා සහ මම එයාගේ කියලත් කියාගන්නවා...මේ සංකල්පයට මම විරුද්ධයි...එයා මගේ වෙන්න බෑනේ එයා එයාගේ...මම මගේ...හැබැයි අප දෙදෙනාගේ තියෙන අනයෝන්‍ය අවබෝධය තමයි මෙතනදි වටින්නේ...මනුස්සයෙක්ගේ personality එකක් වෙනස් කරනවා කියන්නේ Catapult එකක් වගේ ඇදලා තියන්න පුළුවන් කොයි වෙලේ හරි අතහැරියොත් ආයිත් තිබ්බ තැනටම යනවා...ඒක ගොඩාක් ගෑනු පිරිමි දෙගොල්ලොම තේරුම් ගන්නේ නෑ...''
*ඔබේ පියා හමුදාවේ ලොකු තනතුරක් දරපු කෙනෙක් එතකොට ඔබ උපදෙනකොට විනය නීතිය ඒ හැමදේම හොද පැවතුන සමාජයක තමයි ඔබ හැදෙන්නේ...හමුදාවේ උසස් නිලධාරියෙක්ගේ දරුවෙක් විදිහට ඔබ ලෝකේ දකිද්දි අද ඒ ජීවිතේ ලබපු සමහර අත්දැකීම් සමහර විට ඒ කාලේ ඔබට බරක් වෙන්න පුළුවන්...කොහොමද ඔබේ ජීවිතේට ඒක බලපෑවේ...?
''මම හමුදාවම කියලා ගන්නේ නෑ...ඒ කියන්නේ මගේ තාත්තා ඒ කාලේ මම ඉපදෙන කාලේ ශ්‍රී ලංකාවේ මුළු ආමි එකේම ඉන්න ඇත්තේ හයදාහක් පන්දාහක් විතර...එතනදි වෙච්ච සුන්දරම දේ තමයි එතන මුළු හමුදාවෙම ඉන්න පවුල් ළමයි හරිම එකමුතුයි...ඒ අය එකට එක පවුලක් වගේ ඉදගෙන තමයි ආශ්‍රය කලේ...දැන් ඉන්නවනේ officer,SOLDIER කියලා ඒ කාලේ ඒ වගේ Gapහරිම අඩුයි ඒ කාලේ...මොකද දැන් වගේ army එකexpand වෙලා තිබුනේ නෑ ඒ කාලේ...ඉතිං අපි හැදුනේ එවැනි environment එකක තමයි අපි හැදුනේ...එතනදි අපට තේරෙනවා විවිධ පුද්ගලයන් අතර තියෙන මතවාද ඒ ඔක්කොම මේ මිනිස්සු හදාගන්න දේවල්...මේකේ සාරංශක් විදිහට ගත්තොත් අත්තිවාරම විදිහට ගත්තොත් සියලුම මිනිස්සුන්ට තියෙන්නේ විවිධ ප්‍රශ්න හැබැයි ඒ ඔක්කොම එකම මුහුණුවරක ප්‍රශ්ණ...cover එක විතරයි වෙනස්...ඒවගේ දේවල් පොඩි වයසක ඉදන් තේරුම් ගන්න exposure එක හම්බුනා...ඕක තමයි මම කියන්න ඕන...වර්තමාන ජනාධිපතිතුමා,Field marshal Sarath Fonseka ඒ ඔක්කොමලා සමකාලීනයො...ඒ කාලේ හිතන්නේ නෑනේ ජනාධිපති වෙයිද Field marshal වෙයිද කියලා..ඒ කාලේ යාළුවො...GENERAL Shavendra Silva,GENERAL Kamal Gunaratne දැන් ඉන්නවා මගේ පංතියේ හිටපු අය කර්නර්ලා...carnal DE MUNI,carnal MANAGE මේ සේරම අපේ වයසේ කට්ටිය එතකොට ඒ අතර මැද්දේ general daya ratnayake,general jagath jayasuriya,general prasanna silva මේ සේරම මේ සියලු දෙනාම ඉතිම තරුණකාලේ ඉදන්ම අපි දැකලා තියෙනවා...දැන් ඒක ගොඩක් අඩුයි මොකද army එක expand උනානේ..ඒ කාලේ හරිම සුන්දරයි...ඒ අත්දැකීම අදටත් මට ලැබුනේ නැත්තම් අදටත් මම යන මේ ගමන යන්න ලොකු වෑයමක් දරන්න වෙනවා කියලා මට හිතෙනවා...''
*මම දකින කාරනාවක් තමයි බොහො දෙනෙක් මේ කාලේ ජනප්‍රිය වෙලා ඉන් පස්සේ එකතරා කාලෙකට ආවට පස්සේ මේ දේවල් අත අරිනවා...ඔබ දෙදෙනා තවමත් හොද තරඟයක් ලබා දෙනවා රූපවාහිනිය ගුවන්විදුලිය හොදටම වින්ද දෙන්නේක්...කොහොමද මේ energy එක මනස ඇතුලින් ඔළුව හදාගන්නේ මේ වැඩේ එක දිගටම යන්න...?
''ගොඩක් අය ගොඩක් දේවල් අතඅරින්නේ ඇයි කියලා හොදට හිතුවොත් අතඅරින්නේ ආයාසයකින් යමක් කරනවානම්...GYM එකකට exercise කරන්න ගිහින් අමාරුවෙන් කරලා අතහරිනවා කරලා ඇවිල්ලා කනවා හොදට...යම් දෙයක් අමාරුවකින් කරන්නේ නැත්තම් ඒ දේට අනුමත වෙලා බද්ධ වෙලා කරනවනම් ඒ දේ අතහරින්න ඕන නෑ...අපේ පරණ CLIPS ගත්තම හිත නාඹර තාලෙට එහෙම ගත්තම ඒ දවස් වල TEENAGE BACAT එකේ හිටිය අය උනත් අද හැසිරෙන්නේ ඒ කාලේ සිංදු තමයි හොදම,ඒ කාලේ මාරයි දැන් ඒවා නෑනේ කියල තමයි හැසිරෙන්නේ...ඒ දවස් වල BNS,centrigade,iraj,කසුන් කල්හාර,ශිහාන්,daddyලා ඒ ආපු කාලේ තමයි හොදම...එහෙම එකක් නෑ...මේක මේ කාලානුරූපීව වෙනස් වෙන එකක්...ඉතිං ඒ වෙනස් වීම තුල අපි පුරුදු වෙන්න ඕන අද හොදටම විදින්න..කාලානුරූපී දෘෂ්ඨි කෝණයකින් බලනකොට ඕන දෙයක් විදින්න පුළුවන්...එවැනි අවකාශයක් තුල තමන් ජීවත් වෙනකොට එවැනි අතහැරීමක් කියලා නෑ...මේකේ මේ senior ද junior ද කියලා දෙයක් නෑනේ...මේක මගේ තාත්ත තමයි හොදටම කිව්වේ තාත්තා කිව්වා හොදට මතක තියාගන්න උදේට ඇස් අරිද්දි ඔයා star කෙනෙක් වෙලා හිටියේ ඊයේ...හෙට දවසේත් ඔයාට star කෙනෙක් වෙන්නනම්,ඒක පවත්වාගෙන යන්න ඕනනම් අද දවසේත් ඊයේ දවසේ වගේම වැඩ කරන්න...''
*මේක අමතර ප්‍රශ්ණයක් කිසිදු කෙනෙකුට අපහසයක් කරන ප්‍රශ්නයක් නෙවෙයි..මේක ධෛර්ය පිළිබඳ ප්‍රශ්ණයක්...ඔබ කතා කරද්දි හිටපු ගමන් අපහසුතා මතුවෙනවා...සමහර වෙලාවට ඔබ වචන හරිම අමාරුවෙන් තමයි එළියට දාන්නේ...කොයිවිටකවත් ඒක ඔබගේ ගමනට බාධාවක් කරගත්තේ නෑ...කොහොමද ගීත මෙතරම් ගායනා කරන්නේ,rap කරන එක ඔබ තරම් හයියෙන් කියන කෙනෙක් මම දැකලා නෑ..කොහොමද මේක කරන්නේ...?
''වෛද්‍යවිද්‍යානුකූලව කිව්ව දේ තමයි අම්මලා පොඩිකාලේ මාව හැමතැනටම එක්කන් ගියා...අපේ මොලේ තියෙනවනේ මොලේ එක පැත්තකින් තමයි abstract art පැත්තකින් අනිත් පැත්තෙන් තමයි logic control කරන්නේ..එතකොට speech එන්නේ මං හිතන්නේ ඒ පැත්තට...ඒ පැත්ත මොකක් හරි මොකක් හරි වෙලා වෙන්න ඇති මේ උප්පත්තියෙන්ම...ඒක තියෙනවා කියලා මට කිව්වා පස්සේ මම දන්නවා වෛද්‍යවිද්‍යානුකූලව මේක හදන්නබෑ...එතකොට මොකක්ද අපි මේකට කරන්නේ...අළුත් අළුත් technic කතා කරන්න පුළුවන් වචන හොය හොය යනවා...rap කියන දේ control වෙන්නේ art පැත්තේන්නේ...එතකොට එතනට ප්‍රශ්නයක් නෑ...''
*මේ දේ දෙන්නාගෙන්ම අහන්න ඕන ප්‍රශ්ණයක් මම ඔබගේන අහන්නම්...මේ පාර VOICE කිරුළ දිනන්නෙ කවුද...?
''VOICE කිරුළ දිනන්නෙ සම්ප්රදාය අධික්රමණය කරන කෙනෙක්ට තමයි VOICE කිරුළ දිනන්නේ....ඒකට හේතුව VOICE කිරුළ දිනන්නනම් අපි කියන දේත් තමන්ට ආදේශ කරගෙන සමාජය කියන දේත් තමන්ට අවශ්‍ය දේවලුයි එපා දේවලුයි filter කරගෙන තමන්ට ඕන දේ විතරක් ආදේශ කරගෙන තමන්ගේ දැක්මට coachගේ දැක්මටවත් වෙනකාගෙවක් දැක්මකටවත්,tv එකේ දැක්මටවත්, program එකේ දැක්මකටවත් නෙවෙයි තමන්ගේ දැක්මට මේ දේවල් වලින් ගන්න පුළුවන් දේවල් ආදෙශ කරගෙන ගමනාන්තය දක්වා යන මනුස්සයා තමයි මේක දිනන්නේ...හැබැයි මම දිනනවා කියන දේත් අදහස් කරන දෙයක් තියෙනවා...cup එක විතරක් දිනලා මදි තමන්ගේ ගමන තමන් දිනන්න ඕන..ගොඩක් වෙලාවට ලංකාවේ වෙන්නේ cup එක දිනන කෙනා සංගීත ගමන දිනන්නේ නෑ...මඟදි හැලෙන කෙනා තමයි සංගීත ගමන දිනන්නේ ගොඩාක් තැන් වල...හැබැයි දෙකම කරගන්නත් පුළුවන්...''
*අප දන්නවා ඔබ නමක් කියන්නේ නැති බව ඒ දිනන කෙනාට අවශ්‍ය tips ටික තමයි ඒ හරියට ලැබුනේ...ඔබ දිහා බලලා සංතුෂ් දිහා බලලා ඉගෙනගන්න දේවල් තියෙනවා..
''ඒ ගමන්ම මම තව දෙයක් කියන්නම්...අපි කරපු දෙවලුත් එක්ක අළුතෙන් එන සනුකලා,දනිත්ලා,උමාරියලා මේ ළඟදී මෑතකදි අපට ආශ්‍රයකරන්න හම්බුන ශෂිකලා,කසුන්ලා මේ සියලු දෙනාගෙන්ම අපි දේවල් ගන්නවා...ඒ ආශ්‍රය ඒ අයගෙන් ලබාගන්න දේවල් වලින් තමයි අද අපි මෙහෙම ඉන්නේ...''
0 Comments