ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට තුළ ජනතාවට ලබාදීම සඳහා අනුමැතිය හිමිව ඇති covid-19 එන්නත් මාත්‍රා මිලියන 20ක් හුවමාරු කරගැනීමට කැමැත්ත පළකර ඇතැයි වාර්තා වෙයි.
ලබන ජුනි මාසය අවසන් වනවිට මෙම එන්නත් ලබාදෙන බව ඔහු ප්‍රකාශ කර ඇත. ලොව පුරා covid-19 එන්නත් හිඟනාවකින් පෙළෙන රාජ්‍යයන් වෙත එම එන්නත් ලබාදීම සඳහා ක්‍රියාත්මක නොව පොහොසත් රටවල එන්නන් සංචිත හුවමාරු කරගැනීමේ ක්‍රමවේදය යටතේ ජනපතිවරයා මෙම එන්නත් ලබාදීමට කැමැත්ත පළකර ඇත.
ඒ අනුව මෙහිදී දැනට එරට. තුළ පවතින Pfizer-BloNTech, Moderna esan Johnson and Johnson යන සමාගම් මගින් නිපද වූ covid-19 මර්දන එන්නත් විදෙස් රටවලට ලබාදෙන බව බයිඩන් ප්‍රකාශ කර තිබේ. එසේම එරට සතු නවත් Astrazeneca එන්නත් මාත්‍රා මිලියන 60ක්ද අනෙකුත් රටවලට ලබාදීමට ඔහු මීට පෙර සිටම සැලසුම් කර තිබුණි. "දෙවැනි ලෝක යුද්ධයේදී ඇමරිකාව ප්රජාතන්ත්රවාදයේ අවි ගබඩාව වුණා. දැන් covid-19 වසංගතයට එරෙහි සටනේදී අපි එන්නත් අවිගබඩාව බවට පත්වෙලා."ජනපන් බයිඩන් මෙහිදී පවසා තිබේ. කෙසේ වෙතත් ජනපතිවරයාමෙලෙස තමන් සතුව ඇති එන්නත් හුවමාරු කරගැනීමට කැමැත්ත පළ කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළුව ජාත්‍යන්තර සංවිධාන වෙතින් එල්ල වු දැඩි පීඩනය හමුවේ ගත් පියවරක් ලෙස සඳහන්ව තිබේ. දැනටමත් ඉන්දියාව සහ බ්රසිලය තුළ දරුණු වී ඇති වසංගත තත්ත්වය පාලනය සඳහා මෙන්ම covAX පහසුකම යටතේ එන්නත් ලබාදෙන රටවලටද දැඩි එන්නත් හිඟයක් මතුව තිබේ.
0 Comments