සුප්‍රසිද්ධ මයික්‍රොසොෆ්ට් සමාගමේ සම නිර්මාතෘ බිල් ගේට්ස් පසුගිය වසරේදී එල් අධ්යක්ෂ මණ්ඩලයෙන් ඉවත්වීම පිටුපස ඔහු සහ සමාගමේ ඉංජිනේරුවරියක අතර පැවති අනියම් සබදතාවක් හේතු වී ඇතැයි එක්සත් ජනපදයේ සුප්‍රසිද්ධ පුවතක් වෙන වෝල්ස්ට්‍රීට් ජර්නල් පුවත අනාවරණය කරයි. ඒ අනුව මෙම සබදතාව සම්බන්ධයෙත් විමර්ශනයක් සිදු කිරීමට එම අධ්යක්ෂ මණ්ඩලය පියවර ගෙන ඇති අතර, එවැන්නක් සිදුවන අවස්ථාවේදී බිල් ගේට්ස් සමාගමේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුව සිටීම සුදුසු නොවීම මෙලෙස ඔහු ඉන් ඉවත් කිරීමට හේතුවී ඇතැයිද පවසයි.
එහිදී සමාගම මේ සම්බන්ධයෙන් විමර්ශනය සදහා නීතිඥ සමාගමක සහායද ලබාගෙන තිබේ.මෙම ඉංජිනේරුවරිය ලිපියක් මගින් සඳහන් කර ඇති ආකාරයට ඇය සහ බිල් ගේට්ස් අතර වසර කිහිපයක් තිස්සේ අඹුසැම් සබදතා පවතී ඇත. ඒ අනුව මෙම චෝදනාව පිළිබදව විමර්ශනය කිරීමට පෙරම බිල් ගේට්ස් සමාගමේ අධ්යක්ෂ මඩලයෙන් ඉවත් වූ බවෙ පුවත්පත සදහන් කර තිබේ. කෙසේ වෙතත් නමක් සදහන් නොකළ බිල් ග්රේට්ස්ගේ ප්‍රකාශිකාවක පවසන ආකාරයට දැනට වසර 20කට පමණ පෙර බිල් ගේට්ස් අතර මෙවැනි අනියම් සබදතාවක් පැවැත්වී ඇති අතර, මෙම ඉවත්වීම සදහා එවැන්නක් හේතු වී නැත.
එසේම බිල් ගේට්ස් පවා පසුගිය වසරේදී අධ්යක්ෂ මණ්ඩල ධුරයෙන් ඉවත්වීමට හේතු ලෙස පවසා සිටියේ, තමන්ගේ ඉදිරී පුන්‍යාධාර කටයුතු වෙත අවධානය යොමුකිරීමේ අරමුණින් එම තීරණය ගත් බවකි.මේ අතර බිල් ගේටිස් සහ ඔහුගේ බිරිද වන මෙලින්ඩා.ගේට්ස් දෙදෙනා අතර වසර 27ක් පුරා පැවැති විවාහ දිවිය නිමා කරමින් පසුගියදා සිය දික්කසාදය ප්‍රකාශයට පත් කළහ. එහෙත් ඉදිරියේදී දෙදෙනාම ක්‍රියාත්මක කරන "බිල් මෙලින්ඩා ගේටි පදනම හරහා සිදුකරන කටයුතු එලෙසින්ම ක්‍රියාත්මක කරන බවත් පවසා ඇත.
0 Comments