පසුගියදා ලෝක බිලියනපති බිල්ගේට්ස් හා බිරිය මෙලින්ඩා දෙන්නා දික්කසාදවීම සම්බන්ධ නිවේදනය නිකුත් කළ අතර ඉන් දින කිහිපයක් ගතවෙත්ම මෙලින්ඩා ගේට්ස් සිය තනි අයිතිය පෙන්වන වත්කම් ගොනු කිරීමට පටන්ගෙන තිබේ.
ඇමරිකානු ටීඑම්ඉසෙඩ් නාලිකාව වාර්තා කරන ආකාරයට ඇය ඇතැම් වත්කම් තමන්ටම බැර වන ආකාරයට පූර්ව සැලසුමකින් කටයුතු කර තිබේ. The Bill and Melinda Gates Foundation නමින් දෙන්නා එක්ව පවත්වාගෙන ගිය සමාජ සේවා සංවිධානයේ ඇතැම් වත්කම් ඇය ලබාගෙන තිබුනේ ඇගේ නම පමණක් යොදාගෙන බව දැන් හෙළිව ඇත. බිල් ගේට්ස් ඒ ගැන උනන්දු නොවූ පසු බිමක ඇගේ නමින් ඇති එකී පදනමේ වත්කම් ඇයටම පමණක් අයිතිවන ආකාරයට පවරාගන්නට ඇය දැන් කටයුතු කරමින් සිටී.
මෙලින්ඩා සිය දික්කසාද ලියකියවිලි උසාවියට ගොනු කළ දිනට පසුදිනම සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාව වෙත ලිපියක් යොමු කරමින් මෙක්සිකොවේ පිහිටි කොකා කෝලා සමාගමේ තමන්ට අයත් කොටස් වෙන්කරදෙන ලෙස ඉල්ලා තිබේ. ඒ කොටස් මින් පෙර අයිති කරගෙන තිබුනේ ඇයත් සැමියාත් පවත්වාගෙන ගිය සමාජ සේවා පදනමේ නමටය.
අදාළ ගිවිසුම් ගතවීම අනුව මෙලින්ඩාගේ ඉල්ලීම කොමිෂන් සභාව මගින් පිලිගෙන ඇති අතර වාර්තාවන ආකාරයට මෙක්සිකානු කොකාකෝලා සමාගමේ ඩොලර් මිලියන 120 ක් පමණ වටිනා කොටස් 25,793,660 ක් අත්පත් කර ගන්නට මෙලින්ඩා දැන් සමත්ව ඇතැයි වාර්තාවේ. මෙම සමාගමේ ලියවිල්ලට අනුව බිල් සතුව එකදු කොටසක් හෝ නැත.
මේ අතර මෙක්සිකානු මාධ්‍ය ජාලයක් වන ගෘෘපෝ ටෙලිවීසා හි කොටස් මිලියන 155 කට වැඩි ප්‍රමාණයක් මැයි 4 වනදා ගොනු කරන ලද තවත් ලේඛනයකින් ඇය අත්පත් කරගෙන ඇත.
ඔටෝ නේෂන් සහ කැනේඩියානු ජාතික දුම්රිය කොටස් වලින් ඩොලර් බිලියන 2 කට ආසන්න ප්‍රමාණයක් ද මැයි 3 වන දින මෙලින්ඩා වෙත මාරු කර තිබේ.
0 Comments