මෙරට කොරෝනා එන්නත් ලබා දීම ආරම්භයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ සියලුම ජනතාවට එන්නත ලබා දීමෙන් අනතුරුව තමා එන්නත ලබා ගන්නා බවයි.
නමුත් ඔහු මේ වන විට සඳහන් කරන්නේ රටේ මිලියනයක් ජනතාවට එන්නත ලබා දී ඇති හෙයින් තමා ද එන්නත ලබා ගන්නා බවයි.
ඒ බව සඳහන් කරමින් ඔහු සිය නිල ෆේස්බුක් පිටුවේ මෙලෙස සටහන් කර තිබිණි.
“අපේ රටේ මිලියනයක් ජනතාවට කොරෝනා එන්නත ලබාදුන් බව වාර්තා වෙනවා.
මාගේ සෞඛ්‍ය තත්ත්වය හේතුකොටගෙන අදාල එන්නත වහාම ලබා ගැනීමේ අවශ්‍යතාව වෛද්‍යවරුන් අවධාරණය කළා.
ව්‍යසනය අබියස සිටින මුළුමහත් ශ්‍රී ලාංකිකයින්ටම අදාල එන්නත ලබා දීමට රජය කටයුතු යොදනු ඇතැයි බලාපොරොත්තු වෙමි.”
0 Comments