පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජාගොඩ ඉදිරිපත් කළ අදහස් දැක්වීමක් පහත පරිදිය.
 

පාතාලය බිහි වීමට අදාළ නිශ්චිත සමාජ ආර්ථික හේතු තියෙනවා. සමහර අයගේ පුද්ගලික හේතු පවා නිශ්චිත සමාජය හේතු උදාහරණයක් විදියට මාකඳුරේ මධුෂ් ගත්තොත් එහෙම ඔහුව පාතාල ක්‍රියාකාරකම් වලට තල්ලු වෙන්න හේතුව ඔහුගේ මව මරා දැමීමත් එක්ක ඇතිවෙච්ච ප්‍රශ්නෙ. එතකොට ඒවා මහා දැවැන්ත සමාජයේ සිදුවීම් එක්ක සම්බන්ධ ප්‍රශ්න. ඊට අමතරව දැන් අපි ජීවත්වන කාලය ඇතුළත යුක්තිය පිළිබඳ සාධාරණය පිළිබඳ ප්‍රචණ්ඩත්වය පිළිබඳ තව කෙනෙක්ව තමන්ගේ අදහසට නංවා ගැනීම ඒක කරන්න ක්‍රමවේදයක් මොකද්ද කියන එකට අදාල මොනාහරි විදියට තියෙන සමාජ ඇගයුම් පද්ධති ඔක්කොම ෙබාඳ වෙලා කියලා තියෙනවා.  සාධාරණය මොකක්ද අසාධාරණය මොකක්ද වෙන් කරලා හදුනා ගන්න ඉර මැකී යමින් පවතින්නේ. ඒක නිසා ඒ සමාජ ප්‍රශ්නය මේ පාතාල වර්ධනය පිටිපස ගොඩක් තියෙනවා .මොකද මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් අය පතාල සාමාජිකයෙක් බවට පත්වෙලා මේ යන්න තියෙන ඒ අවදානම ගන්න තියෙන අකමැත්ත නිසා පාතාල ක්‍රියාකාරකම් නොකර ඉන්නවා මිසක් සමාජයේ විශාල පිරිසක් ඉන්නවා ඒ ආකාරයට තමන්ගේ ජීවිතේ දේවල් බේරගන්න කැමති .ප්‍රචණ්ඩත්වය හරහා බලහත්කාරය හරහා දේශපාලන බලාධිකාරිය හරහා මේක කරගන්න කැමති අය ඉන්නවා. පාර්ලිමේන්තුවේත් ඒවගේ ගොඩක් ඉන්නවා.



 දැන් ඔය පාතාලය  තුළ ඉන්න අයෙගයි  ඔය සමහර අයගේ තියෙන වෙනස ඇතැම් අයගේ එන එකම වෙනස තමයි පාතාලයේ සාමාජිකයන් කියන අය ඒගොල්ලො මිය යෑමේ අවදානම භාර අරන් තියෙනවා .ඒ අවදානම බාර ගන්න බය නිසා  වෙන ආකාරයෙන් ඒවා කරන පිරිසක් ඉන්නවා.  ඒක නිසා මේක පුළුල් සමාජ ප්‍රශ්නයක්. මේ ඔක්කොම තත්ත්වයන් තියෙද්දි මේ පාතාලේ කියලා දැන් මේ වෙලාවේ සංයුක්තව තියෙන එකක් තියෙනවනෙ. ඒක ඉතාමත් භයානකයි .අන්තිම නරක අනීතික පොලිස් නිලධාරීන්ටත් වඩා පාතාල කෙනෙක් නරකයි. ඒක හරි එහෙම ප්‍රශ්නයක් තියෙනවා. මොකද අන්තිම නරක අන්තිම අනීතික නීති අවභාවිතාව යොදවන එහෙම පොලිස් නිලධාරියෙක් ඒක්ක පවා යම් සිවිල් රාමුවක්  අැතුෙල් ගනුදෙනු කරන්න පුළුවන්. එයාව පාලනය වෙන ආයතනයක් තියෙනවා. එයාට ඉහළ නිලධාරීන් ඉන්නවා. දේශපාලන තන්ත්‍රයක් තියෙනවා .නමුත් පාතලය පාලනය වෙන්නේ නෑ .ඒ උනාට පාතල ස්ථිර වශයෙන්ම මේ පාතාල සම්බන්ධ ක්‍රියාමාර්ග ගත යුතුව තිබෙනවා. හැබැයි දැන් අපේ සංවාද වේදිකාවේ තිබෙන පාතාල යයි ඇත්තට තියෙන පාතාලයේ අතර ලොකු වෙනසක් තියෙනවා . දැන් පහුගිය කාලේ අපිට වාර්තා වුනා උෟරු ජුනා මරා දෙම්මට පස්සේ රණාල පැත්තෙන් නවගමුව පැත්තේ වඳුරමුල්ල පැත්තෙයි රතිඤ්ඤා පත්තු වුණා කියලා.

ඉතින් රතිඤ්ඤා පත්තු වීම පොලිසිය මැදිහත් වීමකින් කොටසක් වෙලා තියෙනවා. මේ අයගේ වැඩ වලින් පීඩාවට පත්වෙලා හිටියේ මිනිස්සු එදා සතුටු වුණා. දැන් කොස්ගොඩ රතිඤ්ඤා පත්තු වුණේ නැති වුණාට රතිඤ්ඤා පත්තු කරන්න කැමැත්තෙන් හිටපු ඉන්න ඇති.  එතන ප්‍රශ්නෙ තියෙන්නෙ කුඩු ජාවාරම් නිසා කප්පම් ගැනීම් නිසා සංවිධානත්වයෙන් මිනීමැරුම නිසා ඒ කණ්ඩායම් වල දී සිද්ධ වෙන ගැටුම් වලදී සිද්ධ වෙන ප්‍රශ්න නිසා මේවා නිසා ජනතාවට මේක ඇවිල්ල තියෙන පීඩාවක් තියෙනවා. හැබැයි ඊටත් එහා මේ පාතාලේ ගැන ලොකු දෘෂ්ටිවාදයක හැදිලා තියෙනවා හැමදාම එකේ හතුරෙක් ඕනේ. එක කාලෙක හතුරෙක් වුනා එල්ටීටීඊ. හැමදාම කිව්වේ එක ඉන්නකං බේරන්න බෑ. ඊට පස්සේ ඒක නැති වුණාට පස්සේ අලුත් සතුරෙක් හොයා ගත්තා ඉස්ලාම් මුලධර්මවාදීන් ඒ අතර තව හතුරෙක් හොයා ගත්තා ngo. ngo තමයි ගිහිල්ලා මේ ජිනීවා ගැන ලංකාවට පැමිණිලි කරන්නේ. මේක තමයි ප්‍රශ්නේ. ඒ අතර කිව්වා මේ රටේ සංවර්ධනය කරන්න බැරි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න බැරි ලොකුම ප්‍රශ්නේ පාතාලය කියලා. ඒකෙ අර්ධ ශක්තියක් තියෙනවා ඒක අතිශයෝක්තියට නැංවූ එකක් .එතකොට ඇත්තට දින පාතාලේයි දෘෂ්ටිවාදීව හදලා තියෙන පාතලේ අතර වෙනසක් තියෙනවා.

  හැබැයි ඔක්කොම මැද ගෝඨාභය මහත්තයා තමයි මේ ඔක්කොම විසදනවා කියලා ගහපු අන්තිම තුරුම්පුව.ඒයා තමයි කිව්වේ එල්ටීටීඊ නැගිටින්න දෙන්නෙත් නෑ ස්ලාම් මූලධර්මයක් නැති කරනවා. ngo බල ශූන්‍ය කරනවා. පාතාලේ මර්දනය කරනවා කියලා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආවේ. හැබැයි සම්පූර්ණ නාලා ඉන්නෙ. ආර්ථිකය වැටිලා ඉන්නෙ.

කොවිඩ් අර්බුදය පාලනය කරගන්න බැරි උනා . ඒකට අදාළ අවම මොලේ තියෙන මිනිහෙක් කරන්න ඕන අවම දේවල් කරේ නෑ පහුගිය අවුරුදු කාලේ.  ඒ නිසා දැන් එක පැත්තකින් සැකයක් තියෙනවා මේ හදන්නේ මේ ඇවිල්ල තියෙන සම්පූර්ණ අසාර්ථකම් වහන්න පාතාලය මර්දනය කරනවා කියලා ආයෙ ෂෝ එකක් කරන්න ලෑස්ති වෙන්නේ.  මොකද යාබද දින දෙකකදී දෙන්නෙක්ව මැරුවා පොලිසිය. දැන් මේ නැවත පාතාල මර්දනය කියලා කතාවක් ගේන්නේ එහෙමත් නැතිනම් covid භීතියේන් ජනතාව ඇලලිලා ඉන්න වෙලාවේ ඉතාම අනීතික ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයන් සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් සළු කරලා දාන්න. මොකද අපි මේකට විරුද්ධ වෙද්දී අපි මත්ද්‍රව්‍ය ගන්න උදාහරණයකට. මත්ද්‍රව්‍ය නවත්තන්න බැරුව තියෙන්නේ ඇයි?

ලංකාව දූපතක්. මුහුදෙන් වට වෙලා තියෙන්නෙ .එතකොට මේකේ ඇතුලේ මත්ද්‍රව්‍ය හැදෙන්නේ නෑ .මේවා එළියෙන් ගේන්න ඕනේ. මේක මුහුදෙන් වට වල තියෙන්නේ. එතකොට මේක මුහුද තරණය කරගෙන මෙහෙට එන එක වළක්වන්න බැරි ඇයි කියන එක  තේරෙන්නෙ නෑ. එක වළක්වන්න පුළුවන් මොකද ආරක්ෂක අංශයක් තියෙනවා. අපේ රටේ ජනතාවගේ බදු මුදලින් අති දැවැන්තම කොටස වෙන් කරන්නේ ආරක්ෂක කියලා. 2021 අවුරුද්ද ගත්තොතින් එහෙම රුපියල් බිලියන 440 වෙන් කරලා තියෙන්නේ ආරක්ෂක අමාත්‍යංශයට සහ පොලිසි.යට රුපියල් බිලියන දෙසිය විස්සයි වෙන් කරලා තියෙන්නේ මිලියන 22 ජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය වෙනුවෙන්.  ලක්ෂ 50ක් පාසල් ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ බිලියන සීයයි. ඒ වගේ 4 ගුණයකට වඩා වෙන් කරලා තියෙනවා හතරහාමාරක ගුණයක් වෙලා තියෙනවා ආරක්ෂක අමාත්‍යංශයට.


 එතකොට සල්ලි වෙන් කරලා තියනවා ජනතාවගේ බදු මුදල්වලින්. යුද්ධය කරලා අරෙහෙන් පුහුණුව තියන ආරක්ෂක අංශ ඉන්නවා. දක්ෂ පොලිසියක් ඉන්නවා සූක්ෂම බුද්ධි අංශ ඉන්නවා කියලා හැමවෙලේම කියනවා. ඒ ඔක්කොම මැද කොහොමද ඕන හන්දියකට ගියාට පස්සේ ez cash වලින් සල්ලි දාලා heroin හරි ice හරි ගන්න  පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද?  ඒ නිසා මේ පාතාල මර්දනය මත්ද්‍රව්‍ය මර්දනය කිය කිය යන ඒවා මේවා පොදු දේශපාලන ප්‍රචාරණ වැඩ විතරයි. මේවා දේශපාලන ප්‍රචාරක වැඩ විතරයි. මේවා ඒවායේ නිරත අය මරලා නවත්වන්න බෑ. මත්ද්‍රව්‍ය ජාවාරම් කරන අය මරනවා කියලා කොච්චර මැරුවද ?ලංකාවේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන මහමොළකරු කියලා මේ මෑත අවුරුදු පහ දහය ඇතුලේ කී දෙනෙක් අත්අඩංගුවට ගත්තද? කීදෙනෙක් මැරුවද?



 දැන් මහ මොළකරු කියලා ටීවී එකේ පෙන්වද්දී කට්ටිය හිතන්නේ මෙයා තමයි ලංකාවට කුඩු බෙදන්නේ කියලා. ඊට පස්සේ එයාව මරනවා පස්සේ කුඩු ඉවර වෙනවද ?පාතාලේත් එහෙම තමයි. පාතාල නායකයෝ කියලා එක් දහස් නවසිය අසූ ගණන් වල ඉඳලා පාතාල නායකයා මරනවා කිය කියා එක එක අයව මරනවා. ඒත් ඉවර වෙන්නේ නැහැ. මෙතන අපිට පැහැදිලි ප්‍රශ්න තියෙනවා මේ පාතාලයට සම්බන්ධ අය කියන අය මරන්නේ ඇත්තටම පාතාල නැති කරන්නද ?නැත්නම් පාතාල ක්‍රියාකාරකම් ආරක්ෂා කරගන්නද? ඒවට සම්බන්ධ දේශපාලනඥයෝ ඒවට දේශපාලන අනුග්‍රහය දුන්න අය සාක්ෂි වසන් කරන්න. මේ නිහඬ වෙන්නේ පාතාලය ද මේ නිහඩ වෙන්නේ පාතාල ක්‍රියාකාරකම් වලට හම්බුන දේශපාලන අනුග්‍රහය ගැන තියෙන සාක්ෂි .අනික පහුගිය කාලේ පුරාවටම මේ විදියට පොලිසිය විසින් ඝාතනය කරපු අය ගේ ලයිස්තුව බලද්දි ඉතාමත් පැහැදිලි සැකයක් මතුවෙනවා මේ යන්නේ කණ්ඩායම් ගණනාවක් දහරාවන් ගණනාවක් ඉද්දි එකක් දෙකක් ඉතුරු කරලා ඉතුරු ටික ද මේ මරන්න. දැන් ආණ්ඩුවේ සටන් පාඨය වෙලා තියෙන්නේ එක රටක් එක පාතාලයක් කියලා.

ආණ්ඩුවට පක්ෂපාතී ඒක පාතාලයක් ඉතුරු කරගෙන අනිත් අය මරණ ඒකද කරන්නේ? එහෙම සැකයකුත් බරපතළ විදියට මතුවෙනවා. අනිත් එක මේ විදිහට නම් තීරණ ගන්නේ මේ විදිහට පොලිසිය තීරණ ගන්නවා නම් අහවලාට තමයි දඩුවම් දෙන්න ඕනේ අහවලා මරන්න ඕනි කියලා එහෙම නං ඉතින් අධිකරණ ව්‍යුහය වැඩක් වෙන්නේ නැහැ. අධිකරණ තිබෙන ඒක වැඩක් නැහැ ඔය නීති පොත් වැඩක් නෑ. එහෙනම් අපි ඒ පොලිසියට බාර දෙමු හිතෙන හිතෙන අයට වෙඩි තියන්න කියලා.  ඒ තීරණය ගන්න බැරි නිසා නේ මේකේ සමාජ සම්මුතියක් තියෙන්නේ. මේක සමාජ ගිවිසුමක්. අපිට ලොකු විවේචනයක් තියෙනවා මේ තියෙන නීති ගැන. මේ අධිකරණ පද්ධතිය ගැන මේ පොලිසිය ගැන අපිට ලොකු විවේචනයක් තියනවා .ඒ විවේචනය තියෙද්දිම මේකෙ යම් සමාජ ගිවිසුමක් .මෙතැන ඉතාම බියජනක අන්තරායක් තියෙනවා. මේ සිද්ධි පිටිපස්සේ මේ සිද්ධි පිටිපස්සේ තියෙන එකක අන්තරායක් තමයි මේ තියෙන සමාජ ගිවිසුම පවා බිඳ වැටීම.

අපි මේ සමාජ ගිවිසුම් වෙනුවට තව හොඳ සමාජ ගිවිසුමක් ගේනවා කියන එක මිසක ඊට වඩා හොඳ පද්ධතියක් ,ව්‍යුහයක් ස්ථාපිත කරනවා කියන එක මිසක මේ ඔක්කොම අරාජික කරන අදහසක නෙමෙයි අපි ඉන්නේ .අනිත් එක තමයි මේ වගේ සිද්ද වෙන්න එක පාතාල ව්‍යුහයක් වෙනුවට වෙන පාතාලයක් ස්ථාපිත වෙනවා .අලුතෙන් හැදෙන පාතාල මොකක්ද ?නීතියට පිටින් මිනී මරන්න කිව්වට පස්සේ  පොලිසිය එතනට ගිහිල්ලා. රිමාන්ඩ් එකේ ඉන්න හිරකාරයෝ ගෙනල්ලා මරනවා වෙඩි තියලා. දැන් හැදෙන්නේ එක පාතල් එකට විරුද්ධව තව පාතාලයක් ගොඩනැගෙන්න අපි ඉඩ දෙනවා. ඒ අලුතෙන් හැදෙන පාතාලයේ කොස්ගොඩ තාරකගේ පාතාලෙට වඩා භයානකයි. මොකද ඒ අලුතෙන් හැදෙන පාතාලෙට සමාජ බලය තියෙනවා. රාජ්‍ය අනුග්‍රහය තියෙනවා .එ අලුතෙන් හැදෙන පාතාලෙට නිල ඇඳුම් තියෙනවා. ඒ අලුතෙන් හැදෙන්න පාතාලයට මහජන බදු මුදල් වලින් මිලදී ගත්ත ආයුධ තියෙනවා.

 ඒකට දේශපාලන අනුග්‍රහය තියෙනවා. මේක  නොවැළැක්විය හැකි අභියෝග කළ නොහැකි පරීක්ෂණ කළ නොහැකි එහෙම පාතාලයක් මේ හැදෙන්නේ. දැන් බලන්න ශ්‍රී ලංකා නීතිඥ සංගමය පොලිස්පතිවරයාට කිව්වට පස්සෙත් පොලිසිය මිනි මරනවා. කලින් තිබුණේ නීතිඥ සංගමයේ වගේ එකක් පොලිස්පතිවරයාට කතා කලාට පස්සේ මේවා වැළැකීම. කලින් මාධ්‍ය වල දැම්මට පස්සේ මෙයාව මරන්න යන්නේ කියලා මරණ උත්සාහය හාකුල ගන්නවා .කලින් දවසේ මාධ්‍යවල ගියාට පස්සෙත් මැරුවා. මානව හිමිකම් කොමිසම මේගොල්ලෝ මරයි කියල මැදිහත් වුණාට පස්සෙත් මැරුවා .

අනිත් එක මං ඉස්සෙල්ලා කිව්ව වගේ ඉස්සෙල්ලා පොලිසිය අවිල්ල කතන්දරයක් කියනවා.  ආයුධ පෙන්නන්න ගියා .තුවක්කුවක් අරන් වෙඩි තියන්න හැදුවා. හරි අද්භූත කතාවක්. මාංචු දාගෙන ආපු කෙනා කොහොමද බෝම්බයක් ගහන්න යන්නේ? ඒ ප්‍රශ්න ඔක්කොම තිබියදී පොලිසිය කතාවක් කියනවා. ඊට පස්සේ වෙඩි තිබ්බා තිබ්බේ දණහිස් වලින් පල්ලෙහාට .වෙඩි තියනකොටම  ඔලුවෙන් හිට ගත්තා. ඊට පස්සේ ඔළුවට වෙඩි වැදුනා වගේ කතා කිය කිය හිටියා. අජිත් රෝහණ මහතා  අපිට මතකයි කී සැරයක් ඔය කතාව කිව්වද කියලා. අන්තිමට එක සැරයක් ඒ මහත්තයාට කිව්වා මාධ්‍යවේදියෝ ඕක කියන් නැතුව වෙන කතාවක් කියන්න බැරිද ?දැන් මේ සැරේ කතාවක් කියන්නෙ නෑ. කතාව කියන්නේ නෑ කියලා කියන්නේ ඉස්සර රහ ෙස් කලා. දැන් විවෘතයි. ඉස්සර බොරුවට හරි කතාවක් ගෙතුවා.


දැන් කියන්නෙත් සිදුවීමක් වුණා මැරුණා. පරීක්ෂණ පාතල පස්සේ කියන්නම් .ඕවගේ පරීක්ෂණ නෑ. දැන් මාකඳුරේ මදුෂ් ට වෙඩි තිබ්බේ වෙන පාතාලය කණ්ඩායමක් කිව්වනෙ ඇවිල්ල. ඊට පස්සේ කළ බයිසිකලේ දාලා පැනලා ගියා කිව්වනේ මරදානේ ටවුන් එක මැද.

මාලිගාවත්තේ කොහෙවත් සිසිටිවි වැඩ කරලත් නැහැ. අර පෙම්වතියගේ බෙල්ල කපපු කෙනා හංවැල්ල ඉඳලා වේල්ලවීදිය එනවා සිසිටිවි තියෙනවා. මරදානෙ සිසිටිවි නෑ .වෙච්ච දේ ගැන කවුරුත් දන්නේ නැ.  බයිසිකලේ හම්බුනා. බයිසිකලේ  අව මැරයෝ පයින් බයිසිකලේ දාලා ගිහිල්ලා තියෙන්නෙ පොලිසියෙන් බේරිලා. එතකොට හරි පැහැදිලියි මෙතන විවෘතව මේක ඇවිල්ල තියෙනව. මේක අර්බුදය ඒන්නෙ කාටද? මේකෙ අර්බුද ඒන්නෙ අපි අනතුරු අඟවනවා මේ ව්‍යුහය මේ අලුත් පාතාලය ස්ථාපිත වෙන්න  දෙන්න බෑ .


අපිට තියන ප්‍රශ්නේ තමයි මේ අයුක්තියට ඉඩ දුන්නොත් එහෙම අනාගතේ මොනවා වෙයිද .දැනටමත් මිනිස්සු ඉන්නේ බිංදුවේ මට්ටමේ ඉඳන් සටන් කරන්න වෙච්ච  ජනතාවක් දැන් ඉන්නේ. එහෙම ඒ සටන් කරන මිනිස්සුන්ට  මිනිස්සුන්ට නායකත්වයක් දෙන්න සමාජ ක්‍රියාකාරිකයන්ට හෙට ආයුධ පෙන්නන්න එක්කං යන්න ඉඩ තියෙනවා. විකල්ප දේශපාලන මතදාරීන්ව හෙට පොලිසිය ආයුධ පෙන්නන්න යන්න ඉඩ තියෙනවා .ඒ විතරක් නෙමෙයි තමන්ගේ රාජකාරි අවංකව කරන ඒක වෙනුවෙන් ඔය දේශපාලන බලාධිකාරිය නෑවෙන්නේ නැති අවංක මිනිස්සු ඒ මිනිස්සු හොයාගෙන පොලිස් කණ්ඩායම් එන්න ඉඩ තියෙනවා ඒගොල්ලො ආයුධ පෙන්නන්න අරන් යන්න ඉඩ තියනවා.

අපි අනතුරු අඟවනවා මේ ආණ්ඩුව ඇතුළේ ගොඩක් පරස්පරතා තියෙනවා මේක හැදෙන්න ඉඩ දුන්නොත් මේක තහවුරු වේන්න ඉඩ දුන්නොත් මේක පාතාලේ මර්දනය කිරීම, කුඩු මර්දනය කිරීම ගේ ප්‍රශ්නයක් නෙමෙයි අවංකව ඒක කරනවා නම් ඒක කරන්න ඕනේ මිනී මරලා නෙමෙයි .එකේ කරන විදිහක් තියෙනවා කුඩු නම් කුඩු එන විදිය වලක්වන්න ඕන. ඒක හරි සරල වැඩක් .එක නවතින් නැත්තේ ඇයි ?එක්කෙනා එක්කෙනා මරලා නෙමේ කරන්න ඕනේ .පාතාලේ නවත්තන්න තියෙන හොඳම විදිය ඒකට දෙන දේශපාලන අනුග්‍රහය නවත්තන්න.

 
හෙට සමහරවිට විදුර වික්‍රමනායක වගේ කෙනෙක්ව එහෙම නැත්නම් විජේදාස රාජපක්ෂ වගේ කෙනෙක්ව එහෙම නැත්නම් විමල් වීරවංශ කෙනෙක් වගේ කෙනෙක්ව ආයුධ පෙන්නන්න එක්කන් යන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේක සියලු දෙනාගේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක් මේකට ඉඩදෙන්නෙපා.