සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට තහනම් පැනවීමෙන් ‘කොරෝනා' වසංගතයේ සැබෑ තත්වය සහ පාලනයේ අඩුපාඩු සැගවීමට සෞඛ්‍ය ලේකම්වරයා උත්සහ දරන්නේ යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය.
‘ජනමාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීම” යන ශිර්ෂය යටත්තේ සෞඛ්‍ය තොරතුරු සැපයීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් වෛද්‍ය එස්.එච්. මුණසිංහ මහතා නිකුත් කර ඇති ලිපිය පිළිබඳව අදහස් දක්වමින් කුමුදේශ් මහතා එසේ පැවසීය. රවී කුමුදේශ් මහතා මෙසේ ද පැවසීය.
“ අනකවිද ගැටලු සහ අවශ්‍යතා රැසක් තිබියදී බිම් මට්ටමේ සිට අතිශය කැපවීමෙන් කටයුතු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ වුවමනාවන් සලසනවා වෙනුවට අඩුම තරමින් ඒවාට ඇහුම්කන් දීම සඳහා සාකච්ඡා හෝ නොදී මෙවන් තහංචි පැනවීම සෞඛ්‍ය සේවාවේ බරපතළ අතෘප්තිකර තත්වයක් නිර්මාණය වීම වැළැක්විය නොහැකියි. අඩුපාඩු රාශියක් මධ්‍යයේ වුවද සිය වගකීම නොපිරිහෙලා ඉටු කරමින් සිටින සෞඛ්‍ය කාර්ය මණඩල, කොතරම් ගැටලු පැවතිය ද, වර්ජනයකට පවා නොගොස් සේවය සැපයීම ‘දරමිටිවලට බැඳීමට' හේතුවක් කරගතහොත්, ඉදිරියේ දී සියල්ල පසෙකලා වෘත්තීය ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වීමට පවා හේතු විය හැකියි. අතිශය විශාල වරප්‍රසාද රැසක් ලබමින් මහජන බදු මුදලින් යැපෙන සෞඛ්‍ය පරිපාලනයේ වැරදි පෙන්වාදීම මහජනතාවගේ අයිතියක් යැයි ද ඔහු කීවේය.
-යොහාන් භාසුර-
0 Comments