ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාව කෙතරම් හොඳින් දියුණුවට පත්වී තිබේදයත්, ඔවුන්ට ඒක ජාත්‍යන්තර කණ්ඩායම් තුනක් ඉදිරිපත් කළ හැකි අතර සෑම කණ්ඩායමක්ම පරාජය කිරීම් පුතිවාදීන්ට අසීරු වනු ඇති බව පාකිස්තානයේ හිටකඩුලු රකින්නා වන කම්රන් අක්මාල් පවසයි. 



එම කණ්ඩායම් වලට නායකත්වය දීමට සිටින ක්‍රීඩකයන් ගැන අක්මාල් පුදුම නොවන අතර එළඹෙන ශ්‍රී ලංකා සංචාරයේදී ඉන්දියාවෙන් තුන්වැනි පෙළේ 'සී කණ්ඩායමක්' සමග වූවද ශ්‍රී ලංකාවට ජයගත නොහැකි බව අක්මාල්ගේ අදහසයි.

ඩකා නුවරදී බංග්ලාදේශයට එරෙහිව පැවැති එක්දින තරගාවලිය 1-2 කින් පරාජයට පත් වූ ලාංකිකයින්ගේ තත්වය පිළිබඳව අක්මාල් විසින් ඉස්මතුකර දක්වයි.ඉන්දීය ටෙස්ට් කණ්ඩායම ජුනි සිට අගෝස්තු දක්වා එංගලන්තයේදී ටෙස්ට් තරග 6 කට ක්‍රීඩා කරන අතර තවත් කණ්ඩායමක් ජුලි මාසයේදී එක්දින තරග 3 ක් සහ විස්සයි 20 තරග 3 ක් සඳහා ශ්‍රී ලංකාවට යාමට නියමිතව ඇත. මෙම තත්වය ඉන්දීය ක්‍රීඩකයන්ගේ ගුණාත්මකභාවය මෙන්ම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ ගැඹුර පිළිබිඹු කරන්නකි.