හුස්ම ගැනීමේ අපහසුතාවක් නිසා හදිසියේ නිවසේ දී මියගිය ගාල්ලේ යක්කලමුල්ල පොල්පාගොඩ ප්‍රදේශයේ එක්දරු පියෙකුට මිය යාමෙන් පසුව සිදුකළ පී.සී.ආර්.පරික්ෂණයේ දී කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බැව් කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ


වෙද නිලධාරි සමාධි දන්දෙනියආරච්චි මහත්මිය සඳහන් කළාය. මෙම එක්දරු පියා ටයිල් බාස් කෙනෙකු වන අතර ඔහුට නිවස තුළදී එකවරම පපුවේ දැවිල්ලක් ඇති වී වමනය කොට ඇත. පසුව ක්ලාන්ත වී ඇදවැටී නිවස තුළදීම මියගොස් ඇති අතර පසුව කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙනවිත් සිදුකළ පී.සී.ආර්. පරික්ෂණයේ දී කොවිච් වෙරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
මියගිය පුද්ගලයාගේ ගම් පළාත බදුල්ල ප්‍රදේශයේ වන අතර ඔහු අලුත් අවුරුද්දට තම බිරිඳ හා පුතු සමග බදුල්ලේ ගොස් 26 වැනි දින නිවසට පැමිණ ඇත. ඉකුත් 30 වැනි දින
මොහු නිවසේ සිට කිලෝමීටර් එකහමාරක් දුරින් පිහිටි බිරිඳගේ සහෝදරියකගේ නිවසට ගොස් ඇත. පසුව නිවසට පැමිණ එදින රාත්‍රි ආහාරය ගෙන නින්දට ගොස් ඇත. අළුයම 3.30ට පමණ ඔහු පපුවේ දැවිල්ලක් ඇති බව තම බිරිඳට පවසා ඇත. බිරිඳ වතුර වීදුරුවක් ලබාදී ඇති
අතර ටික වේලාවකින් වමනය දමා තිබේ. පසුව ක්ලාන්තයක් ඇති වී නිවසේ පේමන්ට් එක තුළ ඇද වැටී නිවස තුළදීම මියගොස් ඇත.
නිවිමෝනියා තත්ත්වය හේතුවෙන් මෙම එක්දරු පියා මියගොස් ඇති බව පශ්චාත් මරණ පරික්ෂණයේදී අනාවරණය වී ඇති බැව් මියගිය එක්දරු පියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙණියආරච්චි මහත්මිය සඳහන් කළාය. මියගිය අයගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් සිදුකරනු ලැබීය.

ලලිත් චාමින්ද