ළඟම ඇති වෙළඳසැලට පයින් යෑමේ අවස්ථාව සලසා දෙමින් සංචරණ සීමා ලිහිල් කළ අවස්ථාවේ අලුත්ගම ප්‍රෙද්ශයේ පුද්ගලයෙකු විල්බැරෝවක් රැගෙන වෙළෙද සලට ගොස් තිබුනේ තමන්ගේ බඩු නැවත රැගන ඒම දුෂ්කර වූ නිසාය. කෙසේ වෙතත් ඔහුට මාස්ක් එකක් දමන්නට අමතක වී තිබුණි.


අද උදෑසන දර්ගා නගරයේදී මුව අවාරණ නොමැතිව මොහු විල්බැරෝවකින් සුපිරි වෙළඳසැලක සිට බඩු ගෙන යන වීඩියෝව අන්තර්ජාලයට එක්වූ පසු ඒ ගැන සොයා බැලූ පොලිසිය
මොහොමඩ් අජ්වාද් ෙ රිම්සාන් නමැති ඔහුව නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබූ බව පසුව වාර්තා විය.