වනජීවී ආරක්ෂක පනත යටතේ දැඩි ලෙස ආරක්ෂිත පක්ෂින් හොර රහසේ විකිණීමේ ජාවාරමට සම්බන්ධ දෙදෙනකු කොණ්ඩ රාජාලියකු විකිණිමට යාමේදී උපක්රමශීලීව අත්අඩංගුවට ගත් බව ගම්පහ දිස්ත්රික් වනජීවී කාර්යාලය කියයි.
මෙම වැටලීම පෙරේදා (8 වැනිදා) කරනු ලැබූයේ වැලිවිට ප්රදේශයේදීය. අත්අඩංගුවට ගැනුණු දෙදෙනා කොටිකාවත්ත, වැල්ලම්පිටිය පදිංචිකරුවන් බව වනජීවී කාර්යාලය කියයි. මුහුණු පොත ඔස්සේ ආරක්ෂිත පක්ෂීන් විකිණීමේ ජාවාරමක් සිදුවන බවට ලැබුණු තොරතුරක් අනුව ගම්හප දිස්ත්රික් වනජීවී අධ්යක්ෂ ලලිත් වික්රමආරච්චි මහතාගේ මෙහෙයවීම යටතේ මෙම වැටලීම කරන ලද්දේ වනජීවී නිලධාරියකු උපාය දූතයකු ලෙස යෙදවීමෙනි.
උපාය දූතයා ලෙස කටයුතු කළ වනජීවී නිලධාරියා හා සම්බන්ධවූ ජාවාරම්කරුවන් කොණ්ඩ රාජාලියකු රුපියල් 36 5000ට විකිණුමට ඇති බව දන්වා ඇති අතර, උපාය දූතයා කළ හෙට්ටු කිරීමෙන් පසු රුපියල් 35 000කට විකිණිමට එකග වී ඇත. ඒ අනුව ජවාරම්කරුවන් පක්ෂියා වැලිවිට ප්රදේශයේදී ලබාදීමට කැමැත්ත පළ කිරිමෙන් පසු එම ගනුදෙනුව එහිදී කිරීමට දෙපක්ෂය එකඟ වී ඇත. ඒ අනුව පක්ෂියාගේ ගනුදෙනුව සිදු කෙරෙද්දී අධ්යක්ෂවරයා ඇතුළු නිලධාරීහු සැකකරුවන් හා කොණ්ඩ රාජාලියා අත්අඩංගුවට ගැනීමට පියවර ගත්හ.
මෙම පක්ෂියා මුතුරාජවෙල ප්රදේශයෙන් අල්ලා ගත් බවට හෙළිවී ඇත. මෙම ජාවාරම් කල්ලිය ක්රියාවක් බවට සැක කරන අතර, උකුස්සන් ආදි සතුන්ද මේ ආකාරයෙන් විකිණීමටය ක්රියා කර ඇති බවට වනජීවී නිලධාරිහු සැක පළ කරති. සැකකරුවෝ කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ. මෙම ජාවාරම මෙහෙයවන ජාලයට සම්බන්ධ තවත් පුද්ගලයන් ඇති බව සැක කරන වනජීවි නිලධාරිහු, ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.
0 Comments