out-of-control-chinese-rocket-has-landed-in-the-indian-ocean

චීනයේ විශාලතම Long March 5B නමැති රොකට්ටුවේ අවශේෂ ශ්‍රී ලංකාව හෝ ඉන්දියාවට කඩා වැටෙනු ඇති බවට පසුගියදා ප්‍රචාරයවීමෙන් පසු අද (9) පාන්දර ඒවා කිසිදු හානියකින් තෙරව ඉන්දියන් සාගරයට කඩා වැටී ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.




රොකට්ටුවේ සංරචක වලින් වැඩි ප්‍රමාණයක් නැවත පෘථිවි වායුගෝලයට ඇතුළු වීමෙන් විනාශ වී ඇති බවද දන්වා ඇත

 Long March 5Bරොකට්ටුවේ කොටස් නැවත වායුගෝලයට ඇතුළු වී ඛණ්ඩාංක දේශාංශ අංශක 72.47 ක් නැගෙනහිරින් සහ අක්ෂාංශ අංශක 2.65 ක් උතුරට ගොඩ බැස්ස බව චීන රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් චීන අභ්‍යවකාශ ඉංජිනේරු කාර්යාලය පවසයි.
 අප්‍රේල් 29 වන දින චීනයේ හයිනාන් දූපතෙන් මෙම රොකට්ටුව පුපුරා යාමෙන් ටික කලකට පසු එහි අවහේෂ කොටස් කඩාවැටීම අපේක්ෂා කර තිබුණි.
මේ ආකාරයටම පසුගිය වසරේ පළමු  Long March රොකට්ටු කැබලි පෘථිවියට පතිතවූ අතර අයිවරි කෝස්ට් රාජ්‍යය මතට වැටී ගොඩනැගිලි කිහිපයකට හානි සිදු විය. කිසිවකුට තුවාලයක් වාර්තා වූයේ නැත.
රොකට්ටුවේ කක්ෂීය ක්ෂය වීම පිළිබඳ අවිනිශ්චිතතාවය සහ නැවත වායුගෝලයට ඇතුල්වීමට පෙර චීනය ප්‍රබල සහතිකයක් ලබා දීමට අපොහොසත් වීම ජාත්‍යන්තරය තුළ අප්‍රසාදයට හේතු විය.


රොකට්ටුව පියාසර කරන අතරතුර හාවඩ්හි තාරකා භෞතික විද්‍යාඥ ජොනතන් මැක්ඩොවෙල් රොයිටර් පුවත් සේවයට කියා සිටියේ සුන්බුන් ඇතිවිය හැකි කලාපය නිව්යෝර්ක්, මැඩ්රිඩ් හෝ බීජිං දක්වා උතුරට ද දකුණු චිලී සහ නවසීලන්තයේ වෙලින්ටන් දක්වා ද විය හැකි බවයි.
නාසා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ විශාල කොටස් 1979 ජූලි මාසයේදී කක්ෂයෙන් වැටී ඕස්ට්‍රේලියාවට කඩාවැටී විනාශයක් ඇති කළ දා සිට බොහෝ රටවල් තම අභ්‍යවකාශ යානා නිර්මාණය තුළින් එවැනි පාලනයකින් තොර සිදුවීම් වළක්වා ගැනීමට උත්සාහ කර ඇති නමුත් මෙම සිදුවීම් නැවත සිදුවන්නේ චීන රොකට් විද්‍යාඥයින් ඒ ගැන උනන්දුවක් නොදැක්වූ නිසා බව මැක්ඩොවෙල් පැවසීය.