borella-incident

කොරෝනා වෛරසය ආසාදිත බොරැල්ල, මැගසින් පාරේ පදිංචි 28 හැවිරිදි තරුණයකු නිවැසියන්ටද නොදන්වා නිවසින් පලාගොස් ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි.

මෙම පලාගිය තරුණයා සොයා ඊයේ (30වැනිදා) දිනයේද මෙහෙයුමක් ක‍්‍රියාත්මක කළ බව බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක දුමින්ද බුද්ධික බාලසූරිය මහතා පැවැසීය.

මොහු මත්කුඩු පානයට ඇබ්බැහිවූ අයකු බවද හෙතෙම කීය.පසුගිය 26 වැනිදා බොරැුල්ල කැම්බල් පිටියේදී සිදුකරන ලද පී සී ආර් පරීක්‍ෂණයකදී එම පුද්ගලයා කොරෝනා ආසාදිත පුද්ගලයෙකු බවට තහවුරු වී තිබේ.පසුව බොරැල්ල පොලිසියේ නිලධාරීන් හා සෞඛ්‍ය අංශ එම පුද්ගලයා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට ඔහුගේ නිවස කරා යනවිට ඔහු නිවැසියන්ටද නොදන්නාව 27 වැනිදා එම නිවසින් පිටවී ගොස් ඇතැයි හෙළිවී තිබේ. ඡුායාරූපයේ සිටින මෙම පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් බොරැල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ 0718591587ට හෝ බොරැල්ල පොලිසියේ 0112694019 යන දුරකථන අංකවලට දැනුම් දෙන්නැයි ද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්