boris-johnson-married

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් (56) සහ ඔහුගේ දිගුකාලීන පෙම්වතිය කැරී සිමන්ඩ්ස් (33) අතර  විවාහය පසුගිය සෙනසුරාදා සිදුවූ බව නිල වශයෙන් තහවුරු කර තිබේ.
මෙම යුවළ සෙනසුරාදා දහවල් ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ආසන දෙව්මැදුරේ පැවති කුඩා උත්සවයකදී විවාහ වූ බව ජොන්සන් ප්‍රකාශකයෙක් පැවසීය. ජොන්සන් සහ සිමන්ඩ්ස් ඔවුන්ගේ විවාහ උත්සවය "ඊළඟ ගිම්හානයේදී පවුලේ අය සහ මිතුරන් සමඟ" සමරනු ඇත.



බ්‍රිතාන්‍ය පුවත්පත් මීට පෙ “රහසිගත” විවාහය පිළිබඳව කල් ඇතිව වාර්තා කර තිබුණි. ඩව්නිං වීදිය  බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලය මගින් ප්‍රකාශයට පත් කරන ලද ඡායාරූපයක් ද තිබේ. වෙස්ට්මිනිස්ටර් ආසන දෙව්මැදුරේ පැවති විවාහයෙන් පසු අගමැති බොරිස් ජොන්සන් සහ කැරී  ඩව්නිං වීදියේ උද්‍යානයේ සිටින බව එහි දැක්වේ.

56 හැවිරිදි අගමැති සහ 33 හැවිරිදි ඔහුගේ කොන්සර්වේටිව් පක්ෂයේ හිටපු සන්නිවේදන නායිකාව 2019 අගභාගයේදී විවාහ ගිවිස ගත් අතර ඔවුන්ගේ පුත් විල්ෆ්‍රඩ් 2020 අප්‍රේල් මාසයේදී උපත ලැබීය. ජොන්සන් දෙවරක් විවාහ වී ඇති අතර  දරුවන් හය දෙනෙකු සිටින අයෙකි. ජොන්සන්ගේ මින් පෙර අනියම් අවිවාහක සම්බන්ධතාවයකින් යැයි කියනු ලබන තවත් දරුවෙකු පිළිබඳ ආරංචිද ඉතිරිව තිබේ.
සෙනසුරාදා විවාහයට පිවිසි කැරී සිමන්ඩ්ස් අගමැති ජොන්සන්ගේ මැතිවරණ ව්‍යාපාරය ඉතා සාර්ථකව මෙහෙයවූ අතර ඔහු අගමැති පුටුව දක්වා ගමන් කිරීමට ඇගේ ශක්තිය පිටුබලයක් විය.