හිටපු හොලිවුඩ් සිහින යුවළක් වන ඇන්ජෙලිනා ජොලි සහ බ්‍රැඩ් පිට් යන දෙදෙනා මීට වසර 2 කට පෙර 2019 වෙන්වීමෙන් පසු ඔවුන් ඒ දක්වා රැකබලාගත් දරුවන්ගේ භාරකාරීත්වය පිලිබඳ ප්‍රශ්නයක් පැනනැගුණ අතර ඒ සම්බන්ධ වෙනම නඩුවක් විභාග විය. 
ඔවුන්ට ඔවුන්ගේ දරුවන් දෙදෙනෙකු හා දරුකමට හදාගත් දරුවන් 4 ක් සිටිති. නඩුවේදී පිට් හට දරුවන්ගේ ඒකාබද්ධ භාරකාරත්වය අවශ්‍ය වූ අතර ජොලිට අවශ්‍ය වූයේ තනි භාරකාරත්වයයි.
අවසන් වරට පැවති නඩු වාරයේදී භාරකාර සටනේන් පිට් ජයගෙන තිබේ.


 57 හැවිරිදි නළුවාට පක්ෂව  කැලිෆෝනියාවේ විනිසුරුවරයා "මූලික තීන්දුව" ලබා දුන්නේ පිට්ගේ ඉල්ලීම පරිදි දරුවන් 6 දෙනා දෙන්නාටම අයිති වන පරිදිය.ජොලිට අවශ්‍ය වූ තනි භාරකාරත්වය ලබාදීමට තරම් හේතු නැතැයි අධිකරණය දැන්වීය.
මේ අනුව යුවලගේ දරුවන් හය දෙනාගේ භාරකාර ගිවිසුම වෙනස් කළ යුතු බවද අධිකරණයේදී ප්‍රකාශ විය.
ජොලි 2016 සැප්තැම්බර් මාසයේදී දික්කසාද වීමට ඉල්ලුම් කළේ - විවාහයෙන් වසර දෙකකට පසුව සහ අවුරුදු එකොළහක සම්බන්ධතාවයකින් පසුවය. එම ඉල්ලීම ප්‍රකාරව මෙම යුවළ මීට වසර දෙකකට පෙර 2019 දී නිල වශයෙන් දික්කසාද වූහ.


මාධ්‍ය වාර්තා වලට අනුව, පිට්ගේ ගංජා සහ මත්පැන් භාවිතය හා ඒ සමඟ ඇති වූ නින්දා අපහාස පිළිබඳව දරුවන්ගේ යහපැවැත්ම ගැන ජොලි සැලකිලිමත් විය. ප්‍රංශයේ සිට ලොස් ඇන්ජලීස් බලා පියාසර කරමින් සිටියදී එක් දරුවෙකුට පිට් පහර දුන් බවට ජොලි චෝදනා කළාය. කෙසේ වෙතත්, ෆෙඩරල් එෆ්බීඅයි ළමා අපයෝජනය සම්බන්ධයෙන් පිට් ගැන පරීක්ෂණ අවසන් වූයේ ඔහු ඊට වරදකරුවෙකු නොකරමිනි.