
කොරෝනා වසංගතය මැද සෞඛ්‍ය රෙගුලාසි ගැන කිසිදු තැකීමක් නොකර ජනතාව ඒකරාශීකරමින්, ඔවුන්ගේ ජීවිත අනතුරේ දැමීමට කටයුතු කළැයි චෝදනාව සම්බන්ධයෙන් බ්‍රසීල ජනාධිපති ජාල් බොල්සරානෝට දඩ නියම වී ඈත. අද වනවිට ලොව දෙවැනියට වැඩිම මරණ වාර්තා වන්නේ ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන බ්‍රසීලයෙනි.
බ්‍රසීලයේ කොරෝනා වසංගතය දරුණු වූයේ ජනාධිපති ජාල් බොල්සරානෝ වයිරසය ගැන තැකීමක් නොකළ නිසා යැයි දිගින් දිගටම චෝදනා එල්ල වෙමින් පවතී.පසුගිය දා අධිකරණය හමුවේ විභාගයට ගැනුණේ, කොරෝනා ව්‍යාප්තිය මැද ජනපතිවරයාගේ මැදිහත්වීමෙන් මාරන්හාඕ නමැති දිස්ත්‍රික්කයේ ජනතාව ඒකරාශී කිරිම සම්බන්ධයෙන් ජනපතිවරයාට එරෙහිව එල්ල වන චෝදනාය. චෝදනා ගොනු කළ මහජන සෞඛ්‍ය පරික්ෂවරුන් පෙන්වා දී තිබුණේ ජනපතිවරයා ජනතාව ඒකරාශී කළේ සෞඛ්‍ය රෙගුලාසි සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් නොදක්වමින් බවය.මීට අමතරව, කොරෝනා වසංගතය හමුවේ, රටේ සෞඛ්‍ය පහසුකම් නංවාලීමට හෝ නියමිත වේලාවට එන්නත් ලබා දීමට හෝ නොහැකි වූ බැවින් මිනිස් ජීවිත බිලි දුනැයි ද අන්ත දක්ෂිණාංශික ජනාධිපති ජාල් බොල්සරානෝට සාපරාධී චෝදනා එල්ල වී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval