bus-sri-lanka-covid19-restrictions

මගීන්ගේ අඩුවීම හේතුවෙන් දුර ගමන් සේවා බස් රථ සීමා කර ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ධාවන) ඒ.එච්. පණ්ඩුක මහතා පැවැසීය.  කෙසේ වෙතත් මගී ජනතාව අපහසුතාවට පත් නොවන ආකාරයෙන් බස්රථ යෙදවීමට පියවර ගෙන ඇතැයි ද ඔහු සඳහන් කළේය.  මගීගේ අවශ්‍යතාව අනුව බස් රථ යෙදවීමට ක්‍රමවේදය සකස් කරන ලෙසට සියලුම ඩිපෝ කළමනාකරුවන්ට උපදෙස් දී ඇතැයි ද ඔහු පැවසීය .



මේ අතර මගීන්ගේ හිඟය හේතුවෙන්  පෞද්ගලික බස් රථ ධාවනය සියයට 25ක් දක්වා අඩු කර ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේව්රත්න මහතා  පැවසීය. ඒ අනුව රට පුරා ධාවනය වන පෞද්ගලික බස් රථ විසි දහස වෙනුවට මේ වන විට ධාවනය වන්නේ බස් රථ 5,000 ක පමණ සංඛ්‍යාවක් බව ඔහු සඳහන් කළේය.  දුර ගමන් සේවා බස්රථවල ගමන් කිරීමේදී කලින් ආසන වෙන් කර ගන්නා ලෙස මගීන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු කීවේය.

 නිමල කොඩිතුවක්කු