කොවිඩ් වසංගත තත්ත්වය උග්‍රව පවතින මේ මොහොතේ සිහිකල්පනාව ඇති කිසිඳු පුද්ගලයෙකු අධිවේගී මාර්ග සෑදීමට උනන්දු නොවන බවට පුරවැසි සන්ධානය පවසයි.
කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවක් අමතමින් එහි සාමාජික චමීර පෙරේරා මහතා සඳහන් කළේ එවැනි ක්‍රියාවන් සිදුකරන පුද්ගලයන් හට හිටුවා පස් ගැසිය යුතු බවයි.
පවත්නා අර්බුදකාරී තත්ත්වය හමුවේ මේ මොහොතේ ජනතාවට අවශ්‍ය වන්නේ ට්‍රැක් හතරේ මාර්ග හෝ ක්‍රීඩා පිට්ටනි හෝ අධි වේගී මාර්ග නොව ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කරගැනීම බව ඔහු අවධාරණය කරයි.
නිවාස අසල ඇති අතුරු මාර්ගවල හෝ ගමන් ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින මෙවන් මොහොතක අධිවේගී මාර්ග ව්‍යාපෘති ආරම්භ කරනුයේ ගජ මිතුරු ව්‍යාපාරිකයින්ට මුදල් උපාය දීමට බව චමීර මහතා සඳහන් කරයි.
0 Comments