china-sinopharm-sri-lanka

චීනයේ සයිනොෆාම් එන්නත ලබන සතියේ සිට මෙරට ජනතාවට ලබාදෙන බව අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.


මේ වනවිට චීනයෙන් සයිනොෆාම් එන්නත් ලක්ෂ 06 ක් මෙරටට ලැබී තිබෙන අතර ග්‍රාම සේවා වසම් වලින් වාර්තා වන ආසාදිතයින්ගේ ප්‍රමුඛත්වය මත මෙම එන්නත ලබාදෙන බව ඔහු පවසා ඇත.සයිනොෆාම් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය අද (7) සිකුරාදා ලැබී තිබේ. ලංකාවේ ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබා දුන්නේ ගෙන්වීමට පමණි.



ලංකාවේ වාසය කරන චීන ජාතිකයින් 4000-5000 අතර ප්‍රමාණයකට පසුගිය දිනවල මෙම එන්නත මෙරටට ලැබුණ විගස ලබාදුන් අතර එහි අහිතකර තත්වයක් ගැන වාර්තා පළවී නැත.
කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබෙන තුරු චීන එන්නත ගබඩා තුළ තබාගෙන සිටි අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ඊට අනුමැතිය ලබාදීම නිවේදනය කරන්නට ආසන්න අවස්තාවේම ලංකාවේ බෙදාහැරීම ගැන ඇමති චන්න ජයසුමන දන්වා සිටියේය.

මේ අතර අද (7) දින ජනපති ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා සමග වීඩියෝ සාකච්ඡාවක නිරතවූ අවස්ථාවේ ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාවේ ලංකාවේ අඩුව ලබාදෙන්නට උදව් කරන බව  කියා තිබේ.