colombo-aluthgama-bus-issue

 කොළඹ සිට අලුත්ගම බලා ධාවනය වූ සුඛෝපභෝගී බස්රථයක රියැදුරා, මගින් හා කොන්දොස්තවරායා සමඟ ගැටුමක් ඇති කර ගෙන කොන්දොස්තවරායාද මහ මග දමා මගීන් සමගින් පිම්මේ ධාවනය කිරීමේදී කළුතර-උතුර පොලිසියේ නිලධාරින්ට කොටුව තිබේ.  

කොළඹ සිට අලුත්ගම බලා ධාවනය වූ මෙම සුබෝපභෝගී බස්රථයේ රියදුරු ගමන ආරම්භයේ සිටම, බස්රථයට ගොඩවන මගීන් හා බැසයන මගින්ට, අවලාද හා බැණ වැදීම් දිගින් දිගටම සිදුකළ අතර, අවසානයේ මෙයට මැදිහත් වූ කොන්දොස්තර මහතා සමඟද ගැටුමක් ඇතිකර ගෙන ඔහු වාද්දුව හංදියේ මහ මග දමා ගොස්  ඇත.

මගින් නියමිත ස්ථාන වලින් බස්සන්නේ නැතිව බසය පිම්මේ ධාවනය වූ අතර, මගීන්ද කිසිවක් කරකියාගත නොහැකිව අසරණව සිටි මොහොතක, කළුතර-උතුර එක්තරා සුපිරි වෙළඳ සැලක් අසල රථවාහන පරික්ෂා කිරීමේ නිරත වූ, කළුතර උතුර රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක දයන්ත වටගෙදර මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් අධික වේගයෙන් එන මෙම වාහනය නතරකරන ලෙසට අණ කළහ. එහිදී මගීන් රියදුරුට පහර දීමට සූදානම් වූ අතර, බසයේ රියදුරුද ගැටුමට පැටලීමට සැරසෙද්දී පොලිස් නිලධාරින් උපක්‍රමශීලී ලෙස, රියදුරු පොලිස් ස්ථානය වෙත ගෙනවිත් අත්අඩංගුවට ගන්නා ලදී.



ඉන් පසුව රියදුරු, කළුතර අධිකරණ වෛද්‍ය නිලධාරි එස්.එස්. අත්තනායක මහතා වෙත ඉදිරිපත් කරන ලදුව, ඔහු ගංජා පානය කර ඇති බව, තහවුරු වී තිබේ.  මෙම සැකකාර රියදුරු, කටුකුරුන්ද කළුතර දකුණ පදිංචිකරුවකු වන අතර, රටේ පවතින කොවිඩ් - 19 වසංගතය හමුවේ අධිකරණ කටයුතු, තාවකාලිකව නතර කර ඇති බැවින්, මොහු පොලිස් ඇප මත මුදා හැරීමට උතුරු කළුතර පොලිසිය කටයුතු කර තිබේ.

  -දයා හේමන්ත සිල්වා-