ලොව පුරා ව්‍යාප්තව ඇති COVID-19 වසංගතය නිසා වෙනත් වයස් කාණ්ඩවල දරුවන්ට වඩා අවුරුදු 2ක් පමණ වයසේ පසුවන දරුවන්ගේ මානසික තත්වය තුළ ගැටලුකාරී තත්වයක් ඇති කරන බව අලුත්ම අධ්‍යයනයක් මගින් පෙන්වා දෙයි. 

විශේෂයෙන්ම මෙම තත්වය ඔවුන්ගේ ඉදිරි වසර කිහිපයේ මානසික සොඛ්‍ය වර්ධනය සඳහා බලපෑම් එල්ල කරනු ඇතැයිද සඳහන් වෙයි.බ්‍රිතාන්‍යයේ බ්‍රිස්ටල් විශ්වවිදයාලයේ විශේෂඥයන් පිරිසක් එක්ව මෙම අධ්‍යයනය සිදු කර ඇත. එහිදී හදුනාගෙන ඇති ආකාරයට වයස අවුරුදු අටක් පමණ වයසේ පසුවන දරුවන් තුළ යම් හැගීම් පිළිබද ගැටලු ඇතිව තිබෙන බවත්, එය වයස අවුරුදු දෙකේ පසුවන දරුවන් තුළ වඩාත් බරපතලව පවතින බවත් පැවසෙයි.මෙම අධ්‍යයනය සඳහා එම පර්යේෂකයන් ලොව පුරා වසංගතය ඇති වීමට පෙරාතුව රැස් කරගත් දත්ත සහ ඉන්පසුව රැස් කරගත් තත්වය විශ්ලේෂණයක් සිදුකර තිබේ. ඔවුන් මෙම තත්වය ''ටෙරිබල් ටූස්" හෙවත් 'භයානක දෙක'ලෙස නම් කර තිබේ. දැනටමත් මෙවැනි තත්වයන් සම්බන්ධයෙන් මවුපියන්ගෙන් තොරතුරු වාර්තා වන බවත් මෙම පර්යේෂකයන් සදහන් කරයි.