ස්නායු රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ යෝජිත සභාපති පද්මා එස් ගුණරත්න සහ වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි සමග පැවති සාකච්ඡාවක් පහතින් දැක්වේ.
*අපේ සමාජයේ ඉන්න ගොඩාක් දෙනෙක් නිතරම හිතනවා මට කොවිඩ් හැදෙයිද කියලා...මෙහෙම නිතරම හිතන එකම ප්‍රශණයක් නේද?
''අපිට ඉස්සරත් මේ වයිරස රෝග හැදෙනවා...මේ වගේ වයිරස රෝගයක් තමයි මේ කොරෝනා කියන්නේ...කොවිඩ් වයිරසයේ දී උනත් අනවශ්‍ය විදිහට මේ මානසික හිතලා මනස පීඩනයකට ලක්කරගැනීම නෙවෙයි කරන්න ඕන...මේ දවස් වල මේ මුඛ ආවරණ පැළදීම,සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම වගේ උපදෙස් වලට අමතරව අප අපේ සෞඛ්‍ය නිසි ආකාරව පවත්වා ගැනීම,ශක්තිමත් ආහාර ගැනීම,ක්‍රියාශීලිව සිටීම,විශේෂයෙන් මානසික ආතතියෙන් තොරව ජීවත් වෙන්න ඕන මේ තත්වෙදි....මානසික අතතියන කියන කාරණාව බෝ නොවෙන රෝග වලටත් විශේෂයෙන්ම බලපානවා...''
*මානසිකව ප්‍රධාන වශයෙන් කරුණු 3ක් බලපානවා කිව්වා ඔබතුමියලා...මේ ගැටළු තුන සම්බන්ධව ඔබට පුළුවන්ද තව දුරටත් විස්තර කරන්න....?
''දැන් ගොඩාක් අයට මේ රෝගය සම්බන්ධව සෑදෙයිද කියලා බියක් තියෙනවා,තවත් බියක් තියෙනවා මේ රෝගය වැළඳුනාම මියයයිද කියන බිය,නිරෝධාය මධ්‍යස්ථානයට යාමට තියෙන බිය මෙන්න මේ කියන දේවල් වලට ජනතාවගේ බියක් තියෙනවා...මේ වයිරසය ගැන නොදැනුවත්කම නිසත් කිසියම් බියක් ඇතිවන්නට පුළුවන්...මේ බිය නැති කරන්න තියෙන එකම දේ තමයි මේ රෝගය පිළිබඳ දැනුවත්වීම...''
*මේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හැමොගේම එකවගේ නැද්ද...තරුණයින්ට මේක වෙනස් වෙනවද...?
''හැමතිස්සේව වෛද්‍ය විද්‍යාවේදි කියන්නේ ප්‍රවණතාව කියන එක...අපි කියන්නේ නෑ මේක හැදෙන්නේ නෑ කියලා...අපි කියන්නේ නෑ තරුණ අය නැතිවෙන්නේ නෑ කියලා...වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට මේක බලපාන ප්‍රමාණය 70%ක් වෙන්න පුළුවන්,වයස අවුරුදු 30ට අඩු පුද්ගලයන්ට මේක බලපාන ප්‍රමාණය 2% වෙන්නත් පුළුවන්...අපි කියන්නේ අන්න ඒ කියන ප්‍රවණතාව කියන එක...රෝගය අසාද්යවීම කරුණු තුනක් මත පවතිනවා...එකක් තමයි නිව්මෝනියාව කොච්චර තීව්රරද කියන එක...දෙවන කාරණාව තමයි අපේ වයස කියන දේ...තුන්වන කාරණාව තමයි මේ නිධන්ගත රෝග තියෙන අය...මේ වයස හා මේ නිධන්ගත රෝග තියෙන අය කියන අය ඉක්මනින්ම ඉබේම මේකේ වැඩි බයානක තත්වයකට වැටෙවනවා...නිධන්ගත රෝග කියන දේට මූලික දේ තමයි හෘදයාබාධ කියන දේ...ඇත්තටම මේකේ වැඩි ප්‍රවණතාවක් තියෙන්නේ වයසක අයට...දුම්වැටි පානය කිරීමෙන් හෘදයාබාධ ඇති අයටත් මේ රෝගයේ වැඩි ප්‍රවණතාවක් තියෙනවා...
*ජනතාව විදිහට අපි බලාගෙන ඉන්නවා මේ රජයෙන් වගකීම තියෙන්නේ කියලා...නමුත රජයෙන් කියනවා ජනතාවගේ වගකීම තියෙන්නේ කියලා....මෙන්න මේ හේතු නිසාත් ජනතාව මානසිකව පීඩාවිදිනවා නේද?
''මෙතනදි යම් යම් ප්‍රකාශමත නෙවෙයි අපි හරි තැනට යන්න ඕන...මෙතනදි අපි බලන්න ඕන කොහොමද අපි මේකට මුහුණ දෙන්නේ කියලා...මේ සමාජයේ මේ කොවිඩ් සමාජයේ තියෙද්දිත් කොහොමද අපි මේකට මුහුණ දෙන්නේ කියලා අපි බලන්න ඕන...''
*ආගමික වශයෙන් විවිධ අනුශාසනා ආවා අපිට නොසිතන දේව බැල්ම ලැබුනා කියලා අපි විශ්වාස කලා...මේ දේත් මානසික තත්වය ඉහල තබාගැනීමට වැදගත්ද නැතිනම් ඒවා මිත්‍යා විශ්වාස පමණද?.
''සමාජයේ යම් යම් අය යම් යම් අදහස් දරනවා...සමහරු හිතනවා වෙනත් ශක්තියකින් යම් යම් දේවල් පාලනය කර ගන්න පුළුවන් කියන එක...මෙතනදි එකක් මතක තියාගන්න ඕන මේ දේවල් විද්‍යාත්මක ශාක්ෂි සහිතව ඔප්පු වෙච්ච දේවල් නෙවෙයි...මේ වෙලාවේ යමක් කලොත් එකේ ප්‍රතිඵලය පේන උපක්‍රම අපිලඟ තියෙද්දි ඇයි අපි මේ නොපෙනෙන,ප්‍රතිඵලය ස්ථීර වශයෙන් දකින්නට නැති දෙයක් ගැන විශ්වාස කරන්නේ...මෙවැනි තත්වෙක ඒ දේ ගැන විශ්වාස කිරීම බරපතල කාරනයක්....''
*මේ දේවල් විශ්වාස කිරීමෙන් වෙන පැත්තකට සමාජය හැරෙයිද?
''එදිනෙදා ජීවිතයට මේ ආගමික කටයුතු යොදා ගන්නවා මම හිතන්නේ නෑ ඒවගේ කිසිදු වරදක් තියෙනවා කියලා...නමුත් මේ කොවිඩ් ප්‍රශ්නෙදී අපි හිතන්න ඕන විද්‍යාත්මකව...අපි වෙන දේකට අවදානය යොමු කලොත් අවශ්‍ය තැනට අවදානය නැතිවෙන්න පුළුවන්...සමාජය මේ අවස්ථාවේදි එකතු වෙන්න ඕන...මුව ආවරණ පැළඳීම,මීටරයක දුරස්ථභාවය තබා ගැනීම,නිතරම අත සේදීම,ආදිය අපි නිතරම කරන්න ඕන...මේ දේ අතඇරලා වෙන දේකට ගියොත් මම හිතන්නේ නෑ සමාජය සුරැකෙයි කියලා...''
*මේ තත්වෙකදි මොකක්ද මේ අපි පිළිපදින්න ඕන කරුණුවෙන්නේ....?
''මේ අනතුර තියෙද්දී අපි කොහෙමද අපේ වැඩ කරගන්නේ කියලා අපි දැනුවත් වෙන්න ඕන....කලින් අපි අපිට අවශ්‍ය බඩු ගන්න හිතුන හිතුන වෙලාවට කඩේට යන්න පුළුවන් නමුත් දැන් අපි හිතන්න ඕන සතියකට වරක් ඒ විදිහට ගිහින් බඩු අරගෙන එන්න...අප සමාජයට නිරාවරණය වීමේ ඉඩකඩ පුළුවන් තරම් අවම කරගන්න ඕන..මේ ආසාදනය කාට තියෙනවද කියලා අපිට කියන්න බෑ...
0 Comments