covid-children

ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් පහත පළවේ.


covid වසංගත යත් අපේ රටේ ඩෙංගු වසංගතය තියෙන අවස්ථාවක අපි ඉතා සුරක්ෂිතව සෞඛ්‍ය නිති අනුගමනය කරමින් ඉන්නවා අවශ්‍ය වෙලාවක් මේක.  ඒ අතරෙ මම කතා කරන්න හිතුවා තැලීසිමියා රෝගය ගැනත්.   ලෝකෙ බිලියන ගානක් තැලීසිමියා රෝගීනුත් ඉන්නවා .විශේෂයෙන්ම  තැලසීමියා රෝගීන් සිටියේ ග්‍රීසිය, සයිප්‍රස් ඒ වගේ රටවල් වල .හැබැයි පහුගිය කාලේ හැම අවුරුද්දකම වගේ තැලසීමියා රෝගීන් පනහක් සීයක් අතර අපේ රටෙත් වාර්තා වුණා. දැනට තුන්දාහකට ආසන්න ප්‍රමාණයක් තැලිසීමියා රෝගීන් ලංකාවේ ඉන්නවා. ඉතින් මේ දරුවන් අතාරින්න නරකයි .මොකද අපි ළඟට එනවා සාමාන්‍ය පෙළ කරන ළමයි, උසස් පෙළ කරන ළමයි ඊට පස්සේ රස්සා කරන ළමයින් මේගොල්ලෝ හරිම අහිංසකයි. සති තුනකට සැරයක් මාසෙකට සැරයක් ඒගොල්ලොන්ට රුධිරය ලබාගන්න වාට්ටුවට එනවා. එතනදි පිළිකා රෝහලේ ළමයි වගේ. ගෙදර සාමාජිකයෝ වගේ වෙනවා මේ දරුවෝ. අපේ රෝහලේ වැඩ කරන අය වගේ. ඒ දරුවෝ අවුරුදු ගාණක ඉඳලා දැන් රෝහලට එනවා .ඒගොල්ලො හිතන්නේ දෙවැනි ගෙදර මේක කියලා  අපි තරම්ම. ඉතින් එක නිසයි ඒ දරුවන් ගැන අපි කතා කළ යුතුයි . අපි අමතක කෙලාත් ඒ දරුවන්ට ඒ දිය යුතු  සේවය අපෙන් හරියට කෙරෙන ඒකක් නැ. ඒයලට  තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි රුධිරය අඩුවීම නිසා රුධිර ලබා ගැනීම.

ඇයි මේ රුධිරය අඩු වෙන්නේ අපිට මේ රෝගය හැදෙන්නේ අපේ දෙමව්පියන්ගෙන් .අපේ දෙමව්පියෝ නෑනා මස්සිනා වගේ නම් හරි මේ රෝගය ඒ ජාන දෙන්නගෙම තිබුනොත් අම්මගේ තාත්තගේ ඒ දරුවාට ලැබෙන්න පුලුවන් .අපි කියනවා තැලිසීමියා වාහක මවෙක් පියෙක් එකතු වුණොත් සිට 25ක් දරුවන්ට තැලසීමියා රෝගය ඇති වෙන්න. පුළුවන් 25% ක් හොඳ ළමයි හම්බ වෙන්නේ. සියට පනහක් වාහක තත්ත්වයට පත්වෙන්න පුළුවන් ඉතින් මෙතන තියෙන බැරෑරුම්කම තැලසීමියා අපේ රුධිරයේ රතු රුධිරාණු අඩු වෙනවා .ඒ නිසා හිමොග්ලොබින් කියන එක අඩු වෙනව. හිමොග්ලොබින් කෙනෙකු ඕන වෙනවා අපිට ක්සිජන් අපේ ඇඟ පුරාම ගෙනියන්න ඔක්සිජන් නැතුව අපි කාටවත් අපේ සෛලවල ජිවත් වෙන්න බෑ.



‍ ඉතින් ඔක්සිජන් අඩුවීම නිසා අපි මලානික වෙනවා. අපේ ක්‍රියාකාරකම් අඩු වෙනවා. අපේ වර්ධනය අඩු වෙනවා ඉතින් මේ දරුවන්ට ඒ සති තුනෙන් හරි මාසෙන් හරි හිමොග්ලොබින් අඩුවෙන්න අඩුවෙන්න සොයලා බලලා ඒ දරුවන්ට අපි රු රුධිර පාරවිලනය කරනවා .මේ දවස් වල  ටිකක් රුධිරය අඩුවීම වාර්තා වෙනවා .මොකද ඒ නිසා අපි ආරක්ෂිතව ඕනි රුධිරය දන් දෙන්න වුණත් වාට්ටුවට ගිහිල්ලා හොස්පිට්ල් එකට ගිහිල්ලා  රුධිරය දන් දීම මේ දරුවන්ට ලබාදීම රුධිරයේ ලබාදීම වුණත් අරක්ෂිතව අපි කළ යුතුයි .හැබැයි සානුකම්පිතව මේ දරුවෝ අපේ දරුවෝ ගැන හිතාගෙන දිගටම මේ කර්තව්‍ය කරගෙන යන්න ඕනේ. රුධිරය පමණක් ලබාදීම නෙමෙයි ඇත්තටම බේරය දිගටම ලබාදීම මගින් ඇඟේ යකඩ තැන්පත් වීම සිද්ධ වෙනවා යකඩ තැන්පත් වීම නිසා ප්‍රශ්න ගණනාවක් ඇති වෙන්න පුළුවන් .මොළය ඇස් වල, අපේ හෝමෝන සපයන්න ඉන්ද්‍රියන්,වල හෘදයේ අක්මාවේ ඒ වගේ තැන්වල යකඩ තැන්පත් වීම නිසා අපිට දීර්ඝකාලීන ආබාධ ඇති වෙන්න පුළුවන්.  ඒ නිසා අපි යකඩ ඉවත් කිරීමට බෙහෙත් ලබා දිය යුතුයි. මේ දරුවන්ට දීර්ඝකාලීනව අපි එක ලබා දෙනවා .අපි මෙහෙම කතා කරාට තැලිසීමියා රෝගීන්ට දිය යුතු හොඳම ප්‍රතිකාර තමයි දැන් කරන්න පුළුවන් බෝන්මැරෝ bone marrow transplant. ඒ කියන්නේ ඇටමිදුලු බද්ධ කිරීම මගින් මේ රෝගය සම්පූර්ණයෙන්ම දරුවව සුව කරන්න පුළුවන්. ඉතින් ළමා රෝහලේ මේ තත්ත්වය අපි ඇට මිදුලු බද්ධ කිරීම ඉක්මනටම පටන් ගන්න බලාගෙන ඉන්නවා. මේ කොවිඩ් තත්වෙත් එක්ක අපි බයෙන් ඉන්නේ covid රෝගය මේ දරුවකුට හැදුනොත් හරි අමාරුයි. ඒ නිසා අපි covid තත්ත්වය සමනය වෙනවා එක්කම තැලසීමියා රෝගීන්ට bone marrow transplant එක ඉක්මනටම පටන් ගන්නවා .ඒකෙන් සියට සියක් සුව කරන්න පුළුවන්.
දැන් එහෙම කරපු ළමයි ද  සාමාන්‍ය ජීවිත ගත කරනවා. එහෙම නැතත් මේ දරුවන්ට හරි වෙලාවට  ලේ ටික ලබා දීලා ඒ වැඩිපුර යකඩ ටික ඇතිවන ඒ යකඩ ටික අයින් කිරිම කළොත් මේයලා සාමාන්‍ය තත්ත්වයට සමාන ආසන්න තත්වයකට අපිට පත්කරගන්න පුළුවන්. හැබැයි හොඳම ප්‍රතිකාර ක්‍රමය bone marrow transplant කියන එක ඉදිරිපත් කළ යුතුයි .

ලෝක තැලසීමියා දිනය බවට පහුගිය හත් වෙනිදා පත්වෙද්දී ඒ ගැන වැඩි අවධානයක් යොමු කරමින් අපි කතා කරනවා.  අද දවසේ දී එතකොට වෛද්‍යතුමනි විශේෂයෙන්ම විවාහ වෙන්න ඉන්න අයටත් පණිවිඩයක් දෙන්න ඕන නේද අර පොරොන්දම් බලනවා වගේම තමන්ගේ බ්ලාඩ්  ගෲප් එක බලාගෙන තැලසීමියා වාහකයෙක් ද නැද්ද කියන එක තීරණය කරගෙන විවාහ දිවියට එළඹෙනවා කියන එකත් හරි වටිනවා. ඒ කාරණාව පැහැදිලි කරන්න ?

ඔව් මම හිතන්නේ අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒකයි. තැලිසීමියාව ගොඩක් රටවල් වල බොහෝ දුරට වළක්වා ගෙන තියෙනවා. ඒ ගොල්ලො කරන්නෙ කසාද බඳින්න ඉස්සෙල්ලා විවාහ වෙන්න ඉස්සෙල්ලා ඒ දෙන්නගේ ලේ චෙක් කරලා බලනවා . එහෙම වාහක දෙන්නෙක් කසාද බඳිනවා නම් මම හිතෙන්නේ අවවාදයක් දෙනවා මෙහෙම ප්‍රශ්නයක් කියලා. ඉතින් අර ඒ වගේ හඳහන බැලීමට වැඩිය වටින දෙයක් තමයි මේ දරුවෝ අම්මා තත්ත ඉන්න වෙන්න දෙන්නා සොයලා බලන්න ඕනි ඒගොල්ලො තැලසීමියා වාහක ද කියලා . ඉතින් මං ගොඩක් වෙලාවට පුංචි අයට විහිළුවට වගේ අවවාද දෙනවා තැලසීමියා වාහක දරුවෙක් දැක්කොත් ඕගොල්ලෝ අවුරුදු 19 20 වෙනකොට කුරුණෑගල අනුරාධපුර පැත්තේ වැඩිය ඇවිදින්න එපා කියලා විහිලු කරනවා. ඒ කාලේ වෙනකොට අපි පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න ඕනේ තැලිසීමියා වාහක තත්වය ඉන්නවනම් ඒ වගේ තවත් වහකේක් සමග එකට එකතු වෙලා ඒ තැලසීමියා ජාන අපේ පරම්පරාවට ගෙනියන එක. ඕනම රෝගයක් වළක්වා ගැනීම තමයි හොඳම. හැම දෙනාගෙම වගේ පරික්ෂා කරල බැලුවොත් අපිට පුළුවන් මේක වළක්වා ගන්න වුණත්. ඇත්තටම වළක්වා ගත්තොත් තමයි හොඳ ඉතින් ඕනම රෝගයක් ඒක හදාගන්න වළක්වා ගන්න පුළුවන් නම් වළක්වා ගැනීම තමයි අපේ යුතුකම.

 තරුණ ළමයින්ට මේ තියෙන අයට අනුරාධපුර කුරුණෑගල පැත්තේ යන්න එපා කියන්නේ ඒ පැත්තේ ඇත්තටම වැඩිද?

ඒක තමයි අපි වැඩිපුරම දකින්නේ කුරුණෑගල පැත්තේ අනුරාධපුර මාතලේ පොලොන්නරුව අනුරාධපුර මොණරාගල ඒ වගේ ප්‍රදේශවලින් වාර්තා වෙනවා. ඇත්තටම අපේ රටේ මැලේරියා ඉස්සර කාලෙදි තිබිලා ගොඩක් කට්ටිය මැරිලා තියෙනවා. හැබැයි මේ තැලිසීමියා වාහක කට්ටිය මැලේරියා වලින් ආරක්ෂා වීමක් සිදුවෙනවා. ඉතින් ඒ කට්ටිය වැඩිපුර ඒ ප්‍රදේශවල ආරක්ෂා වෙලා ඉතුරු වෙලා තියෙනවා. අනිත් කට්ටිය තැලිසීමියා නැති කට්ටිය ගොඩක් මැරිලා තියෙනවා. ඉතින් තැලසීමියාව නිසා ඒගොල්ලෝ විවාහ සිද්ධවෙලා.  ඒ නිසා තමයි මේ ප්‍රදේශවල වැඩිපුර තැලිසිමියා රෝගීන් වැඩිපුර ඉන්නේ. ඉතින් ඒ නිසා අපි ඒ වගේ ප්‍රදේශ විශේෂයෙන්ම පරික්ෂා කරලා බලල ඒ ප්‍රදේශවල ජනතාවට විවාහවෙන්න කලින් යම්කිසි සහතිකයක් දෙන්න පුළුවන් නම් හදහන බලන වගේ මේක බොහෝ දුරට වලක්වා ගන්න පුළුවන්.

 ඊට අමතරව අනිත් ප්‍රදේශවල වාර්තා වෙනවා ගොඩක් වෙලාට සංක්‍රමණ සිද්ධවෙන නිසා. කොළඹ ප්‍රදේශය උනත් අපි දකිනවා .හැබැයි අඩුයි .මේ කියපු ප්‍රදේශය විශේෂයෙන් තැලිසීමියා වාහක ඉන්නවා.


වර්තමානය තුළ ඩෙංගු  තත්ත්වය ටිකක් වැඩියි .ඒ ගැන කිව්වොත් ?
ඔව් ඇත්තටම. ඩෙංගු රෝග හැමදාම තිබුණා. යම්කිසි අඩුවීමක් දැක්කා කොවිඩ් ආපු මුල් කාලේ මොකද අපේ සංචරණ දසීමා තිබ්බා. ගෙවල් වල හිටියා ගෙවල් අස්කර ගත්තා .දැන් අපහු සැරයක් පහුගිය කාලේ වැස්සත් එක්ක ඩෙංගු රෝගීන් වැඩි වීමක් වාර්තා වෙලා තියෙනවා. කොළින්ඹ විශේෂ ඩෙංගු රෝගීන් වාර්තා වෙනවා .ඩෙංගු ළමයි වාර්තා වෙනවා .ඒක නිසා අපි දරුවන්ට covid රෝගයක් තියෙන පුළුවන් ඊට වඩා ඩෙංගු මාරාන්තිකයි කියන එකත් මතක් කරන්න ඕනේ. covid මාරාන්තිකයි ඒ උනාට ඩෙංගු ළමයිට හැදුනොත් ගොඩක් වෙලාවට අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඩෙංගු රෝග ලක්ෂණ ආයෙමත් මතක් කරනවා හිසරදය, ඇස් යට කැක්කුම ඇඟපත රුදාව ,හන්දි කැක්කුම ඒ වගේ රෝග ලක්ෂණ තියෙනවනම්   උණ පැවතුනොත් අපිට පුළුවන් සාමාන්‍ය රුධිර පරීක්ෂණයක් කරල බලන්න .මොකද රුධිර පරීක්ෂණයක් කරන් අපිට බලාගන්න පුළුවන් සුදු රුධිරාණු වල අඩුවීමක් වෙනවද නැත්නම් රුධිර පට්ටිකා වල අඩුවීමක් තියෙනවද කියලා.  මොකද අර ගොඩාක් රක්තපාත තත්ත්වය හරි කම්පන තත්ත්වයට හරි ඉස්සෙල්ලා අපි දැනගෙන ආෙවාත් අපිට වැඩි දෙනෙක් බේරගන්න පුළුවන් .

ඇත්තටම අපේ රටේ ඩෙංගු ප්‍රතිකාර කිරීම ඉතාම ඉහල තත්වයක පත්වෙනවා. ලෝකෙ රටවල් වල කතා කරනවා ලංකාවේ dengue management කියන එක . ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම ඉතාම ඉහළ තත්ත්වයක් තියෙන්නේ .අපේ මරණ අනුපාත ගොඩක් අඩු වෙලා තියෙනවා.ඒ ප්‍රතිකාර කිරීම නිසා. හැබැයි  අපි මේ ආපහු සැරයක් මතක් කරන්න ඕනේ අපිට ඩෙංගු වළක්වා ගැනීම තමයි ඉතාම වැදගත් මොකද අපි දන්නැතුව පොඩි වතුර ප්‍රමාණයක් එකතු වෙන  තැනක  පොඩි ටින් කෑල්ලක ප්ලාස්ටික් කැබැල්ලක පීල්ලක ඒ වගේ තැනක අපිට වතුර පොඩ්ඩක් හරි ඒකතු වුනාම ඩෙංගු මාදුරුවා හිටියොත් ඒ මදුරුවා එතන බෝ වෙලා මදුරුවා අපි කාටහරි  දෂ්ට කළොත් ඒ රෝග පැතිරෙන්න පුළුවන්. පොඩි වතුර ප්‍රමාණයයි අවශ්‍ය.  ඉතින් ඒක නිසා අපි හැම වැස්සකට පස්සේ හරි සතියකට සැරයක් දෙසැරයක් අපේ වටපිටාව අපේ ගෙදර විතරක් නෙමේ අපේ තාප්පෙන් එහා පැත්තේ අපි යනෙන පාර මගතොට හැමතැනම සුද්ද කරන්න ඕනේ. මේක බොහෝ දුරට එතකොට වළක්වා ගන්න පුළුවන්.

මේ සියලුම රෝගවලට විනයානුකූලව වෙනවා නම් යන යන තැන කුණු ටික වීසි කරන්නේ නැත්තං අපිට මේක කරන්න පුළුවන්.


අපි හිතන්න ඕනේ අපේ රට මේක කියලා. අපි ස්වභාවධර්මය ලස්සනට තියා ගත්තොත් අපි පිරිසිදු හිටියොත් මම පිරිසිදු හිටියොත් මගේ වටේ ඉන්න කට්ටිය පිරිසිදු තියා ගත්තොත් අපේ රට පිරිසිදුව තියා ගත්තොත් මේ ලෝකෙට එන ප්‍රශ්න ස්වභාවධර්මය මගින්ම ප්‍රශ්න අඩු වෙන්න පුළුවන්. දැන් වැඩි දෙනෙක් මේ දවස්වල තත්ත්වයට හේතුව අපේ විනයක් නැතිකම අපි කියනවා දුරස්ථභාවය තියාගන්න අත් දෙක හෝදන්න කියනවා , මුඛ ආවරන පළදින්න කියනවා ඒව අපි පුරුද්දක් විදියට එක කරනවා නම් මම හිතන්නේ මේ බෝ වෙන එක වලක්වා ගන්න පුළුවන් කියන එක.


දැන් අපි covid පිලිබදවත් කථා කල යුතුමයි දරුවන්ටත් මේකෙ බලපෑම ටිකක් තියනවා දැන්  අපිට අහන්න දකින්න ලැබෙනවා .කොහොමද විශේෂඥ වෛද්‍ය විදිහට ඔබතුමාගෙ අදහස?

covid  මාරාන්තිකයි. ඉතාම දරුණු විදිහට පැතිරෙනවා. මුළු ලෝකෙ පුරාම ඉස්සෙල්ලා වයසක කට්ටිය විතරක් මැරුණට දැන් තරුණ අය ළමයි පවා මැරෙනවා. ගර්භනී මාතාවන් මැරෙනවා .ගර්භණි මාතාවක් මැරුණා කියන්නේ අපේ දරුවෙකුත් මැරෙනවා. ඉතින් අර දරුවන්ටත් මේ රෝගය ඇති වෙලා ලෝකෙ පුරා භයානක තත්ත්වයන් ඇති වේගෙන යනවා. මේකට වගකියන්න ඕනේ අපි වැඩිහිටියෝ විදිහට. මොකද දරුවෝ රෝගය කොහෙවත් ගේන්න නෑ. මේ වැඩිහිටියෝ තමයි අපි වැඩ කරන තැනින් අපි යන බස් වල කොහෙහරි යනවනම් සුපර් මාකට් එකට හරි කොයි හරි යනවා නම් අපි වැඩකරන තැන තියන රෝගයක් තමයි වයිරස් එකක් තමයි යන්නෙ නැතුව ගෙදරදිම බෝවීමක් නෙමෙයි. දැන් ඩෙංගු සමහරක් වෙලාවට ගෙදර බෝ කරගන්නවා. හැබැයි කොවිඩ් කියන එක අපි අරගෙන යනවා.වැඩිහිටියෝ විශේෂයෙන්ම ඒ නිසා අපි කල්පනාකාරී වෙන්න ඔන අපි වැඩ ව කරද්දි හැම තිස්සෙම . අපේ අතට මේ රෝගය හැමතිස්සෙම ඒයි කියලා කල්පනාකාරී වෙන්න ඊටත් අමතරව අපිට පුළුවන් මේ ක්‍රම අපි ගෙදරට ගියාට පස්සෙ ගිය ගමන් දරුපැටවු අම්මා ළඟට එන්න කලින් පිරිසුදු වී ඔවුන් ළඟට යන්න. අපි කල්පනාකාරී වෙන්න ඕනේ. එක ඔවුන්ට තේරෙන්නෙ නෑ .අපි ගෙදර ගිය ගමන් අපේ සපත්තු දෙක ගලවලා ඇඳුම් ටික ගලවලා හොඳට පිරිසිදු වෙලා ඕනේ අපේ දරුවා බලන්න. පහුගිය කාලේ මං දැක්කා සිංහෙයක්ටත් මේක බෝ වෙලා තියෙනවා කියලා. අපේ ගෙදර දරුවෙක් හරි සතෙක් හරි කවුරු හිටියත් අපි ගෙනියන මේ රෝගය ගෙදරට ගෙනයන නරකයි. ගෙදර ගිය ගමන් ඇඳුම් ගලවලා අත් දෙක සෝදලා සබන් දාලා ගේ ඇතුලට යන්න ඕනේ

කලින් තිබ්බ ප්‍රභේදයට වඩා දැන් තියන ප්‍රභේදය ඉතාමත් සීඝ්‍රයෙන් පැතිරෙනවා. පවුලේ කෙනෙක්ට බෝ වුණත් හැම දෙනාට  බෝවෙන්න පුළුවන්. ඉතින් වැඩිහිටියෝ විශේෂයෙන් අපි කතා කරනවා දියවැඩියාව අධික රුධිර පීඩනය හෘදය වස්තුව ආබාධ පෙනහළුවල ආබාධ එහෙම තියෙන අය ඉක්මනින් මරණයට පත් වෙන්න පුළුවන්. ඇත්තටම මරණ සංඛ්‍යා‍වත් දැන් එන්න එන්නම වැඩි වෙනවා .ඒක දරුවන්ටත් බලපානවා. වැඩිහිටියන්ටත් බලපානවා. ඒක විශේෂයෙන්ම දරුවන්ගේ පෙනහළු වැඩිහිටියන්ගේ පෙනහළු තරම් වර්ධනය වෙලා නෑ. හරිම පහසුවෙන් ඒ නිසා දරුවන්ට මේක ගියොත් අපි හැමෝම අසරණ වෙන්න පුළුවන්. දරුවෙක් යනු අපි අනාගත සම්පතක්. ඒ අනාගත සම්පත විනාස කරගන්න අපිමයි .ඒ නිසා අපි කල්පනාකාරී වෙන්න ඕනේ අපි වැඩ කරන තැනින් මේ රෝග කාරකය මේ වයිරස ගෙදර ගෙනියන්නෙ නැහැ කියන එක අපි හැමතිස්සෙම හිතන්න ඕනේ.


 දැන් දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කරගන්න අපි මොනවද කරන්න ඕනේ ?

අපිට අපේ දරුවන්ට ප්‍රතිශක්තීකරණ එන්නත තාම ලබා දෙන්න බෑ .මොකද ඒවට අපි පරීක්ෂණ කරල නෑ .ඒ නිසා මේ දරුවන්ගේ පෝෂණ තත්ත්වය වැඩි කිරීම කළ හැකි .ඒ කියන්නේ මේ දරුවන්ට ලබාදිය යුතු සමතුලිත ආහාර කොළ ටිකක් ,කහපාට ඒළවලු ටිකක්, බිතරයක් හරි බත් එක්ක ලබා දෙන්න පුළුවන් නම් ඊට අමතරව දියර ආහාර සුප් වගේ ලබා දෙන්න පුළුවන් නම් විවේකයක් ලබා දෙන්න පුළුවන් නම් ඒ වගේම ක්‍රියාකාරකම්වලට දරුවෝ යොදාගන්න.  ගේ ඇතුල ක්‍රියාකාරකම්වලට දරුවන් දාන්න එළිය මිදුලට බස්සන්න. මොකද හිරු එළිය කියන එක අපිට ගොඩක් ස්වාභාවික ප්‍රතිශක්තිකරණයක් ලබා දෙන දෙයක්. හිරු එළිය එළිය මගින් විටමින් ඩි ලැබෙනවා .ඒ වගේම ස්වභාවිකව අපිට ප්‍රතිශක්තිය ලැබෙනවා. පොඩ්ඩක් හරි මේ දරුවන් උදේ වරුවේ හිරු එළිය වැටෙන්න දාන්න. අනිත් එක පලවෙනි මාස 6 දරුවාට මව්කිරි විතරක් ලබාදීම මගින් අපිට ලොකු දීර්ඝකාලීන ප්‍රතිශක්තිකරණයක් ලැබෙනවා පිටිකිරි වගේ දේවල් වලට යන්නේ නැතුව. මව්කිරි පලවෙනි මාස හය ලබාදීමත් මාස හයෙන් පස්සෙ ඒ දරුවාට කිරි පමණක් ප්‍රමාණවත් නොවේ. අවශ්‍ය ආහාර ස්වභාවික ආහාර අපිට පුළුවන් බත් කොස් පොළොස් අපේ රටේ ස්වභාවික ආහාර දෙන්න තමයි අපි කියන්නෙ . සාමාන්‍යයෙන් මාස දහයක් දොළහක් යනකන් ලුණු දෙන්න එපා ඒ දරුවන්ගේ වකුගඩු එච්චරම වර්ධනය වෙලා නෑ පලවෙනි අවුරුද්දෙ ඒ වගේ අපි බලන්න ස්වභාවික මේ දරුවන්ව රෝග වලට යොමු වෙන එක වලක්වා ගන්න .පලවෙනි අවුරුද්දෙ සීනි දෙන්න එපා කියන්නේ අපිට පොඩි කාලෙදීම දියවැඩියාව තියෙන දරුවෝ සහ රෝගීන් වැඩි වෙලා තියෙනවා. මේ කාලේ අවුරුද්දකට සීයක් විතර දියවැඩියාව තියන ළමයින් විතරක් වාර්තාවෙනවා. ඕක වලක්වා ගන්න තමයි අපි කල්පනාකාරී වෙන්න ඕනේ. දියවැඩියාව තියන කෙනෙක්ට ඒ රෝගය හැදුනොත් ඔරොත්තු දෙන ප්‍රමාණය අඩුයි ඉතින් ඒ රෝග වලක්වා ගන්නත් අපි ඉපදිච්ච වෙලාවේ ඉඳන් මේ දරුවා ගැන කල්පනාකාරි වෙන්න ඕනේ වෙන්න ඕනේ.
මම කිව්වා මාස 6 විතර වෙනකන් දරුවන්ට මව්කිරි විතරක් දෙන්න කියලා. මව්කිරි වල සියලුම පෝෂණ ගුණය තියෙනවා ඊට පස්සේ අපි සියලුම  විටමින් තියෙන ආහාර ලබාදිය යුතුයි vitamins ඉතා වැදගත් අපේ රෝග වලක්වා ගන්න. විටමින් ආහාර තමයි ස්වභාවිකව නෙල්ලි ,ඇඹුල් දොඩම්, නාරං වගේ දේවල් ඔක්කොම අපේ රටේ තියෙන පලතුරු වලින් ලබාගන්න පුළුවන්. ඊට අමතරව මේ බොහෝ විටමින් තියෙන ප්‍රෝටීන් තියෙන ආහාරයක් තමයි මුරුංගා කොළ. මුරුංගා කොළ පොඩි ගහක් අපි හැමෝටම හදාගන්න පුළුවන් නං ගෙදර ගොඩක් හොඳයි .පෝෂදායි ආහාරයක්. එකේ විටමින් සී තියෙනවා. විටමින් ඩී තියෙනවා විටමින් ඒ තියෙනවා. ඊට අමතරව විටමින් සී කියන එක මේ දවස් වල සාකච්ඡා වෙනවා ආරක්ෂාවට යම්කිසි දායකත්වයක් දෙනවා නේද කියන එක විටමින් සී හා බී කියන දෙකම ජලයේ දියවන විටමින් ඒවා ගත්තට හානියක් නෑ .ඒවායින් යම් කිසි ආරක්ෂාව ලබා දෙනවා.




covid tongue කියලා එකක්,  covid දිව කියලා අපි කියනවා. corvid රෝගයදී දිව රතු ලප සුදු ලප උගුර තුළ ලප වගේ තත්ත්වයක් ලෝකෙ පුරාම වාර්තා වුණා පහුගිය කාලේ. මේක  කාලෙන් කාලෙට පැතිරෙන hand foot mouth disease කියන එකේ දි කට වටේ යම්කිසි සුදු බිබිලි සමහර වෙලාට රතු බිබිලි  ,අතේ සහ කකුලේ සුදු වතුර පිරිච්ච බිබිලි හෝ රතු පාට ලප ඇති වීම අපි දකිනවා .එක කාලෙන් කලෙට අපි දකිනවා මේකට හේතුව coksakie කියන virus එක . අවුරුද්දකට සැරයක් දෙසැරයක් වුණත් ඇති වෙන්න පුළුවන්. අනිත් ඒක මේ රෝගය තුළින් ප්‍රතිශක්තිකරණයක් ඇති වෙන්නේ නැහැ. එක්කෙනෙක්ට මේක හැදුනොත් ආපහු සැරයක් හැදෙන්නත් පුළුවන්.ඉතිං මේ දවස්වල ඒකට බියවෙයි .මේක හා ගැටලුවක් වෙයි ද කියලා  covit කියලා සැක කරයි කියන එක නිසා සහ පැතිරුන නිසා අපි මේ ගැන වාර්තා කරන්න පටන් ගත්තා .එකෙන් බොහෝ දෙමව්පියෝ දැනගත්තා ඒ මගින් මේක වලක්වා ගන්නත් සාර්ථක ලෙස හැකියාව ලැබෙනවා. ගොඩක් කට්ටිය දැනගත්තට පස්සේ මේ තියෙන රෝගීන් අනිත් අය හා මුසු කිරීම නැවැත්තුවා. ඒ නිසා අපි සාර්ථක වුණා මේ රෝගය වළක්වා ගන්න පුළුවන් උනා. හැබැයි hand foot mouth disease කියන එක කලින් කල ඇති වෙනවා. සමහර වෙලාට hand foot mouth disease හැදුනට පස්සේ සතියක් විතර ගියාට පස්සේ නියෙපාතු හැලීම වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේ රෝගය හඳුනා ගත්තොත් මේකට අපිට තියෙන ආහාරයක් , විටමින් අඩංගු syrup හරි ටැබ්ලට් හරි ලබාදීම තුලින් වළක්වා ගන්න පුළුවන්.